කෘත්‍යාධිකාරියේ ඡන්දයකට යන්න රනිල් තීන්දුකරයි!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමට සම්මුතියක් ඇති නොවන්නේ නම් ඒ සදහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි කමිටුවක් පත්කොට එහි තීරණය මත ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන ලෙස හා රහස් ඡන්දයකට නොයන ලෙස ඇතැම් ප්‍රබල ඇමතිවරුන් යෝජනා කළ ද රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ විධිමත් ලෙස රහස් ඡන්දයක් පවත්වා කාටත් පිළිගත හැකි ලෙස ජනාධිපති අපේක්ෂකයා තොරාගත යුතු බවයි.

මේ අතර අනූවට වැඩි ගණනක් සිටිය යුතු එජාප කෘත්‍යාධිකාරියේ දැන් සිටින්නේ හැටපස් දෙනෙකු පමණ පිරිසකි. තවත් තිස් දෙනෙකු පමණ පත්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලය ඇතත් මේ මොහොතේ එම පත්වීම් සිදු නොකිරීමට ද රනිල් වික්‍රමසිංහ  මහතා තීරණය කොට ඇත.  

හෙට (26දා) පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ දී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *