ගයන්තට වජිරගෙන් අපූරු උත්තරයක්

වජිර අබේවර්ධන ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂය තුළ විධායක ජනාධිපතිධුරය පවත්වාගෙන යා යුතුය යන මතය දිගටම නියෝජනය කළ නායකයකු ලෙස ප්‍රකටය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනා සම්මත කළ අවස්ථාවේදී ද එයට එරෙහිව තනිවම පෙනී සිටියේ වජිර අබේවර්ධන මහතාය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව සම්මත කිරීම සඳහා පසුගිය 16දා කැබිනට් මණ්ඩලය කැඳවු අවස්ථාවේ එයට පක්ෂ වුයේ අගමැතිතුමා හා ඇමතිවරුන් කිහිප දෙනෙකි. සජිත් ප්‍රේමදාස පිල ඊට එරෙහිව තදින් පෙනී සිටියේය. වජිර අබේවර්ධන ඇමතිවරයා කිසිවක් ප්‍රකාශ කළේ නැත.

රැස්වීම අවසන් වීමෙන් පසුව වජිර ඇමතිවරයා ළඟට පැමිණි ගයන්ත කරුණාතිලක ඇමතිවරයා වජිරගෙන් ප්‍රශ්නයක් ඇසීය.

“වජිර දිගටම කීවේ විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි කියලානේ. ඒකට ඔයා කෘත්‍යාධිකාරියේ තනියම සටන් කළානෙ, ඉතින් දැන් මොකද මේ විධායකය අහෝසි කරන්න සහය දෙන්නෙ? ඔබතුමා දැන් මොකද කියන්නේ?”

මම කියන්නේ “1978 හඳුන්වල දීපු විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් තියෙන අංගවිකල විධායකය අහෝසි කරන්න ඕනේ කියාලායි” ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

“වජිරට ඉතින් ඔනෑ එකකට උත්තර තියනවානේ” කියාගෙන ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා ඉවත්ව ගියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *