අවන්ගාඩ් නඩුව විධිමත් ලෙස යලි පවරන්න සාකච්චා

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑමට ඇවන්ට් ගාඩ් සමාගමට අවස්ථාව සලසා දී රජයට රුපියල් බිලියන 11.4ක මුදලක් පාඩු කෙළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා ට එරෙහිව නිසි නීතිමය පරිපාටිය අනුගමනය කරමින් නඩුවක් ගොනු කිරීමට අල්ලස් හෝ දුෂණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව මේ වන විට කොමිසම හමුවේ මේ සම්බන්ධව සාකච්ජා පැවැත්වෙමින් පවතින බව අල්ලස් හෝ දුෂණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනාට එල්ල වී තිබු චෝදනාවලින් අභියාචනාධිකරණය පෙරේදා නිදහස් කැර තිබුණි.

පෙරේදා මෙම නඩුව කැඳවු අවස්ථාවේදී අභියාචනාධිකරණ තීන්දුව ඉදිරිපත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය කියා සිටියේ නිසි නීතිමය පරිපාටිය අනුගමනය කරමින් සැකකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බවයි.

ඒඅනුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජික මඩුල්ලද අධ්‍යක්ෂක ජෙනරාල් අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා ඇතුළුව අධ්‍යක්ෂක මණ්ඩලය මෙම සාකච්ජා පවත්වා ගෙන යයි.

විජයානි එදිරිසිංහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *