ගමන්පිල, විමල් ‍කෙහෙල් කැන ගෙන වැට පනිති! – ගෝටා අත්අඩංගුවට !

උදය ගමන්පිල හා විමල් වීරවංශ මහත්වරුන් පසුගියදා කළ ප්‍රවෘත්ති සාකච්ඡා මගින් සිදු කොට ඇත්තේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් බව තතුදත් දේශපාලන අංශ කියති. ඔවුන් දෙදෙනා කීවේ ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ සැලැස්මක් තිබෙන බවය. තතුදත් අංශ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගමන් පත්‍රයක් ලබාගැනීම ගැන දැනට කෙරෙන රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති කරුණු අනුව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සිදුවනු ඇති බවයි.

දැනට පරීක්ෂණ කෙරෙන්නේ පසුගිය මැයි හත්වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගත්තේ කෙසේ ද යන්න පිළිබඳවය. ඒ ගැන කෙරෙන පරීක්ෂණ වල දී හෙළි වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ සත්‍ය තොරතුරු වසන් කරමින් හා ව්‍යාජ තොරතුරු ලබාදෙමින් බවයි. ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය සඳහා ලියාපදිංචි වී සිටින්නේ 2016 දී අවලංගු කරන ලද පුරවැසි හැඳුනුම්පතක් භාවිත කරමින් බවට ද හෙළි වී තිබේ. එය ද තවත් බරපතළ වරදකි.

හෙළිදරව් වන මෙම කරුණු අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරඟ කරන්නට පෙර සිරගතවන්නට කරුණු යෙදී ඇති බව කියති. උදය ගම්මන්පිල, විමල් වීරවංශ මහත්වරුන් කළේ එම තත්ත්වය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව කීමට ඉස්සර වීම බව තතුදත් අංශ කියයි. කෙසේ වෙතත් ගෝඨාභයට එරෙහිව හෙළිදරව්වන සාක්ෂි බලවත් බව අපගේ ආරංචි මාර්ග හෙළිදරව් කරයි.  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *