රනිල්ගෙන් සජිත්ට විසඳුම් තුනක් ! ; ජනාධිපති අපේක්ෂක කරු හෝ රනිල් : අනාගත නායක සජිත්

පසුගිය 10 වනදා පැවති රනිල් – සජිත් සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් මූලික ඉලක්කය වූ , එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක දෙමළ ජාතික සන්ධානයෙහි සහයෝගය ලබාගැනීමට ඔහුට නොහැකි වී ඇති පසුබිමක් තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට විසඳුම් තුනක් ලබාදී තිබේ. 

1. රනිල් – සජිත් දෙදෙනාගේම සහයෝගයෙන් කරූ ජයසූ‍රිය මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම

2. කරූ සහ සජිත් යන දෙදෙනාගේ සහාය ඇතිව පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම

3. ඉහත විසඳුම් දෙකෙන් එකක් ක්‍රියාත්මක කරන අතරම 2025 එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාව දැන්ම තියා නම් කිරීම සහ රනිල්ගෙන් පසු පක්ෂ නායකත්වය ද අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තමන්ට තනි තීරණයක් ගත නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර තමන්ගේ පිලේ සෙසු සාමාජිකයින් සමඟ ද සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ පිළිතුරක් ලබාදෙන බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *