ජනපතිගේ චෝදනාවට අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත්කරන්නැයි ඉල්ලමින් තමන් ලිපි නිකුත් කර නොමතින් අතර එවැනි ලිපියක් යොමුකර ඇති බවට නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පත්කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය ඇත්තේ අගවිනිසුරුවරයා හා නීතිපතිවරයා සම්බන්ධයෙන් පමණක් බව වික්‍රමසිංහ මහතා කියාසිටියි. තමන් කිසිවිටෙක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නොමැති බව අගමැතිවරයා ප්‍රකාශ කරයි. 

මේ අතර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කර තිබෙන ප්‍රකාශ  සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතු අතර පරීක්ෂණ කඩිනම් කිරීමෙන් බලපෑම් කරන ලද දේශපාලනඥයන් හඳුනාගැනීමට හැකිවනු ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. 

එමෙන්ම දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීති විරෝධී කටයුත්තක කර ඇත්නම් එයද හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියි. 

ASK

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *