නීතියේ ආදිපත්‍ය නැති වූ තැන යහපාළනය කියන්නේ පුරාජේරුවක් පමණයි. – මහාචාර්ය සරත් විජේසූරිය.

සරත් විජේසුරිය රාජපක්‍ෂ ආණ්ඩුව පරාජයට පත්කළේ දේශපාලන පක්‍ෂයක් නෙමයි සිවිල් සංවිධාන. සිවිල් බලවේගයකින් තමයි පොදු අපේක්‍ෂකයා බලයට පත්කළේ. ජනවාරි 8 වෙනිදා අපි අලූත් රාජ්‍ය යාන්ත‍්‍රණයක් ප‍්‍රථිස්ඨාපනය කරගත්තයි කියල ලොකු මුලාවකට තමයි පත්වෙලා තියෙන්නෙ. එහෙම කියන්න හේතුව, මේ බරපතල වංචා, දූෂණ කරපු පුද්ගලයන්, තමන්ට බලය අහිමි වුවත්, බලය පරිහරණය කිරීමට අවකාශයක් නිර්මාණය කරගෙන තබීම. – මහාචාර්ය සරත් විජේසූරිය.

නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු දීර්ඝ ලිපියක් ලියල තියනව දින සියයයේ ආණුඩුව ආරම්භ වෙච්ච අවස්ථාවේදීම මුදල් ආමාත්‍යවරයාට.  ‘අපි හිතාගෙන ඉන්නෙ යහපාලනය රටේ ස්ථාපිත කිරීමට නම්, ජනාධිපතිවරයා, අගමැතිවරයා මුල් පියවර තියන්න  ඕනෙ’ කියල,  ඒ වගේම, ‘යහපාලනය යථාර්ථයක් වීමට නම් මොනවද කරන්න  ඕනැ’ කියල. ඔහු මේ ලිපියෙන් කාරණා දෙකක් අවධාරණය කරනව. පළවෙනි එක තමයි අයවැය ලේඛනය සම්පාදනය කරන කොට, ප‍්‍රතිපාදන වෙන්කිරීමේ දී අවධානය යොමුවිය යුතු ප‍්‍රධාන ශීර්ෂ දෙකක් ගැන. ඔහු අවධාරණය කරන පළවෙනි එක තමයි රටේ පවතින ප‍්‍රාථමික පොලිස් ක‍්‍රමය ලෝකයේ පවතින නූතන හැකියාවන් හා ගුණාත්මක ක‍්‍රමයන්ගෙන් සමන්විත ක‍්‍රමයක් බවට ප‍්‍රතිස්ංස්කරණය කරනු ලැබීම සඳහා ගනු ලබන පියවර. දෙවෙනි එක අල්ලස් හා දූෂණ වැලැක්වීමේ වැඩසටහනක් නියම ආකාරයෙන් ක‍්‍රියාවට නැංවීම. ඒ සඳහා අද රටවල් ගණනාවක අනුගමනය කරන, සාර්ථක  ක‍්‍රමවේදයන් අනුව අල්ලස් හා දූෂණ විරෝධි කොමිසමක් ස්ථාපිත කිරීම. මේ සඳහා පිළිගත් ක‍්‍රමවේදයක් වන්නෙ ‘හොංකොං අල්ලසට එරෙහි ස්වාධීන කොමිසම’ පාදක කරගත හැකියි. මේ දෙක සඳහන් කරල, මේ දෙකට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන වෙන්කිරීම, පිළිබඳ අඩං`ගු කාරණා දීර්ඝ වශයෙන් විග‍්‍රහ කරල තියනව. ඒ විතරක් නෙමෙයි එතුමා කියනව, දූෂණය පිටුදැකීමට අල්ලස් කොමිසමට පොලීසියේ නිලධාරීන් ටිකක් බඳවාගෙන කරන වැඬේ අසාර්ථකයි. එතකොට ඒ විමර්ශන අනික් පාර්ශවයට කඩිනමින් යනව. අපේ විමර්ශන සිදුකිරීමට විද්‍යාත්මක පුහුණුවක් ලබාපු පොලිස් නිලධාරීන් අල්ප බව ඔහු අවධාරණය කරනව, නීතිපති දෙපාර්ථමේන්තුවේ ව්‍යුහය වෙනස් කරන්නට අවශ්‍යයි. ඒ කාර්ය මණ්ඩලය අවම වශයෙන් දෙගුණයක් බවට පත් කරන්නට  ඕනැ. මේ සඳහා සුදුසුකම් සහිත නීතිඥයො දෙගුණයක් කරන්නට  ඕනැ.

ඔහු කියපු විදිහට එක් නිලධාරියෙක් ළ`ග ලිපි ගොණු එක්දහස් පන්සියයක් විතර තියනව. එතකොට මේ සන්දර්භය තුළ ¥ෂණය වැලැක්වීම කියන ක‍්‍රියාවලිය, යහපාලනය කියන එක යථාර්ථයක් වෙන්නැති බවයි එතුමා කියන්නෙ.
(මට අද උදෙ ආරච්චියක් ලැබුණ නීතිපති වරයාගේ අනුමැතිය ඉල්ලා එවපු ලිපිගොණු විසිදහසකට වැඩිය නොයෙකුත් තැන්වල හිරවෙලා තියනව කියල.*

හැබැයි ඔහු වැදගත් කරුණක් පෙන්වනව. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවීම වැදගත් ප‍්‍රවණතාවක් බව ඔහු සඳහන් කරනව. මේ මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉන්න සේවක පිරිසට විශේෂඥ පුහුණුවක් ලබාදෙන්නට  ඕනැ. ඒ අය ලවා තමයි පරීක්‍ෂණ සිදු කරන්නට  ඕනැ. එතකොට පැහැදිලි වෙන කාරණයක් තමයි අපේ ඉන්න පොලිස් නිලධාරින් ලවා මේ පරීක්‍ෂණ යම් ආකාරයකට සිද්ධ කළාට, ¥ෂිතයන්ට ඒවා වරප‍්‍රසාද තත්ත්වයට සිද්ධ වෙනව. එහෙම වරප‍්‍රසාද තත්ත්වයකට පරිවර්තනය වෙන්නෙ, නඩුකාරයන්ගෙ අයථා බලපෑමක් නිසා නෙමෙයි, ඒ පරීක්‍ෂණවල මට්ටම ඉතාමත් ප‍්‍රාථමික නිසා. ¥ෂණය වැලැක්වීම සහ මර්දනය කියන දෙකම,  එකට සිද්ධ වෙන්න පුළුවන් බව තමයි එතුමා පෙන්වා දෙන්නෙ.

මේ කාරණාව ඉතා නිවැරදියි. ඒක අපිට පිළිගන්නට සිද්ධ වෙනව.  මම මෙහෙම කියන්නෙ, මට ලැබුණු එක ලියවිල්ලක් මත. මේක ඇත්තටම ගිවිසුමක්. මේ ගිවිසුම රත්නාලංකා සමාගම සහ සීමාසහිත ඇවන්ගාඞ් මැරිටයිම් පෞද්ගලික සමාගම අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම. මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ 2015 ඔක්තොම්බර් මාසෙ 20. ජනාධිපතිවරණය තිබුණෙ ජනවාරි 8 වෙනිදා. අගෝස්තු 17 වෙනිදා තමයි මැතිවරණය තිබ්බෙ. එතකොට 2015 ඔක්තෝම්බර් මාසෙ 20 වෙනිදා මේ ගිවිසුම අත්සන් කළා නම් මේකෙන් ගම්‍ය වෙන්නෙ මොකක්ද?

බැසිල් ප‍්‍රනාන්දු මහතා කියන්නෙ, මේ න්‍යතික ව්‍යුහය වෙනස් කරන්නෙ නැතිනම් ¥ෂණය සක‍්‍රීයව පවතිනව කියල. අනික් පැත්තෙන් ජනවාරි 8 වෙනිදායින් පස්සෙ, ආරක්‍ෂක අමාත්‍යාංශ්‍යයෙ කටයුතු මෙහෙයවීමේ ක‍්‍රියාවලිය පිටිපස්සෙ ගෝඨාභය රාජපක්‍ෂ ඉන්නව. ඔහුගේ බලය එතැන පරිහරණය වෙලා තියනව. අනිත් කාරණාව තමයි මැතිවරණයේදී මහින්දවාදීන් ඊට එළඹෙනවායි කියන පසුබිම. අපේ හිටපු නීතිපතිවරයෙක්, අධිකරණ ඇමතිවරයා, මේ සියල්ල නීත්‍යානුකූලයි කියල කියනව. මේ නීති විශාරදයොයි එහෙම කියන්නෙ.

මේ ගිවිසුමේ එක තැනක තියනව මෙහෙම, 2014 දෙසැම්බර් මස 31 වන දක්වා එකී දෙවන පාර්ශවය (ඇවන්ගාඞ්) විසින් එකී පළමු පාර්ශවනට ගෙවිය යුතු හිග මුදල වන රුපියල් හතලිස් කෝටි හැත්තෑහත් ලක්‍ෂ පණස් තුනයි ශත අසූවක මුදල එකී දෙවන පාර්ශවය විසින්, එකී පළමු පාර්ශවයට ගෙවිය යුතුයි. එතකොට මේ මුදල ගෙවල තිබල නැහැ. එතකොට මේ මුදල වෙන වෙන මාර්ගවලින් සිරිලිය ගිණුමට, තාරුණ්‍යට හෙටක් වැනි නොයෙකුත් දේවල් වලට බැර වෙලා තියනව. ‘වර්ෂ 2015 ක් වූ ජනවාරි මස 1 වන දින සිට වර්ෂ 2015 ක් වූ අගෝස්තු මස 31 වන දින දක්වා එකී දෙවන පාර්ශවය විසින් එකී පළමු පාර්ශවයට ගෙවීමට ඇති සම්පූර්ණ හිග මුදල වූ රුපියල් පණස් එක්කෝටි පහළොස් ලක්‍ෂ අසූ එක්දහස් නමසිය පණහයි ශත විසි අටක මුදල, ඉහත කී ගිවිසුම අදාළ ව්‍යාපෘතීන් කරගෙන යෑමේදී, වර්ෂ 2015 ක් වූ ජනවාරි මස 1 වන දින සිට එකී දෙවන පාර්ශවයට මුහුණ දුන් අනපේක්‍ෂිත සිද්ධීන් මත, දෙවන පාර්ශවයට සිදුව ඇතැයි සිදුවන ලද දැඩි අලාභහානි සැලකිල්ලට ගෙන, ඉහතකී වර්ෂ 2015 ක් වූ ජනවාරි මස 1 වන දින සිට, වර්ෂ 2015 ක් වූ අගෝස්තු මස 31 වන දින දක්වා එකී දෙවන පාර්ශවය විසින් පළමු පාර්ශවයට 50% ක් වූ රුපියල් විසිපන් කෝටි පනස් හත් ලක්‍ෂ අනූතුන් දහස් හැත්තෑපහයි ශත දාහතරක මුදලක් කපා හැරීමට, 2015 ක් වූ ඔක්තෝම්බර් මස 19 වන දින පැවැත්වූ පළමු පාර්ශවයේ විශේෂ අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේ දී තීරණය කරන ලදී.’ යහපාළනය තුළ සිද්ධ වෙලා තියන දේවල් තමයි මේ. එතකොට ඇත්තටම ජනවාරි 8 වෙනිදා අපි අලූත් රාජ්‍ය යාන්ත‍්‍රණයක් ප‍්‍රථිස්ඨාපනය කරගත්තයි කියල ලොකු මුලාවකට තමයි පත්වෙලා තියෙන්නෙ. එහෙම කියන්න හේතුව, මේ බරපතල වංචා, දූෂණ කරපු පුද්ගලයන් තමන්ට බලය අහිමි වුවත්, බලය පරිහරණය කිරීමට අවකාශයක් නිර්මාණය කරගෙන තියනව. ඒ අවකාශය නිර්මාණය කරගෙන තියෙන්නෙ තනියමද කියන එකයි තියන ප‍්‍රශ්නය.

එතකොට තනියම නෙමෙයි කියන එක තහවුරුවීමක් තමයි තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය. එතකොට මේ ඇවන්ගාඞ් කියන සමාගම නීත්‍යානුකූලව තියන්න සිදු කළාය කියල ඇමතිවරු ප‍්‍රතිඥා දෙන එක. මේ කරුණු ටිකක් ගැඹුරට විග‍්‍රහ කරල බලනකොට ගොඩක් බරපතල දේවල් තියනව. තවදුරටත් විග‍්‍රහ කරල බලනකොට අපිට පේනව බැසිල් ප‍්‍රනාන්දු මහතා කියනඑක ඇත්ත කියල.  මේ යහපාළනය තුළ නැවතත් ඉෂ්ට වෙන්නෙ අර දූෂණ කි‍්‍රයාවලිය අර තීන්දුවෙන් හිස එසවීම. එහෙම නැත්නම් මෙම දූෂණ ක‍්‍රියාවලිය නතර නොවීමේ යථාර්ථයක් තමයි අපි අත්විඳිමින් සිටින්නේ. මේක සම්බන්දව මොනවහරි කරන්නැතුව බැසිල් ප‍්‍රනාන්දු මහතා පැහැදිලි කළ ආකාරයට, ඔහු එක කරුණක් මතුකර දැක්වුවා. ඒක තමයි රාජපක්‍ෂ ආණ්ඩුව පරාජයට පත්කළේ දේශපාලන පක්‍ෂයක් නෙමෙයි සිවිල් සංවිධාන. සිවිල් බලවේගයකින් තමයි පොදු අපේක්‍ෂකයා බලයට පත්කළේ. දැන් උදාවෙලා තියන අවකාශය තුළ යහපාළන ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට, පියවර කිහිපයක් තබා ගැනීමට සිවිල් සංවිධානවලට හැකියාවක් තියනව. මිනිසුන්ට මත පළකිරීමට අවකාශයක් තියෙන බැවින්, මාධ්‍යකරුවන්ට නිර්භයව ගවේෂණාත්මකව මේව වාර්තාකිරීමට අවකාශයක් නිර්මාණය වෙලා තිබෙන බැවින්, මේ පිළිබඳව ප‍්‍රමාණිකයොටික එකතුවෙලා, කරුණු විග‍්‍රහ කරමින් නිරන්තරයෙන්ම මේ ආණ්ඩුවට පලපෑම් කිරීමට අවශ්‍ය බවයි එතුමා පෙන්වා දෙන්නෙ.

වෙනත් විදිහකට කියනවා නම්, සිවිල් සංවිධානවලට, වගකීමක් තියනව යහපාලනය දිනා ගැනීමට. ජනවාරි 8 වෙනිදා අපි ජයග‍්‍රහණයක් ලැබුවයි කියන එක එවිට දැනෙනව. අපිට අවශ්‍ය වෙන්නෙ දූෂණයෙන් තොර රටක් නම්, නැවත දූෂණයට මාවත් හෙළි නොවන රටක් නම්, සාධාරණ රටක් නම්, ශිලාචාර රටක් නම්, ඒක අපි දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන එකේ තේරුමක් නැහැ. හැබැයි අපිට මේක තවදුරටත් ගොඩනගා ගත්තහැකි. දේශපාලඥයො තමයි මේක ගොඩනගන්න  ඕනැ. දේශපාලඥයන් යම් කිසි ආකාරයකට දක්කන්නට  ඕනැ තත්ත්වයක් දැන් උදාවෙලා තියනව. මේක තමයි සිවිල් සමාජය සතු වගකීම. අපි දන්නව සිවිල් සමාජය හඬනගනකොට මේ හඬ නැංවූ පමණින් මේ සියලූ දේවල් යථා තත්ත්වයට පත් කරන්න බලධාරීන් සූදානම් වන්නේ නැහැ. හැබැයි අපි අඛණ්ඩව අපේ කැපවීම  තුළින් අපට සාධනීය ප‍්‍රවේශයක් ලබාගන්නට පුලූවන්.

දැන් අදවෙනකොට අපිට දැනගන්නට ලැබිල තියන දේ තමයි දුම්රිය මාර්ග ඉදිකිරීම හා සම්බන්ධ ක‍්‍රියාවලිය. මේ ක‍්‍රියාවලිය හා සම්බන්ධ විශේෂඥයින් ඉන්නවා. ආචාර්ය ලලිත්සිරි ගුණරුවන් මැතිතුමා මේ කාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් තියන පුද්ගලයෙක්. එතුමා තමන්ට ලැබුනු නිලබලය තුළ දූෂණ ක‍්‍රියාවලිය වැලැක්වුවා. පසුගිය ආණ්ඩව තුළ ඉඳගෙන. එතුමා ආණ්ඩුවෙන් එළියට බැස්ස. එතකොට රාජපක්‍ෂ ආණ්ඩුව විවේචනය කිරීමේ ක‍්‍රියාවලියේ දී ප‍්‍රධාන වශයෙන් මුල්කරගත්ත දෙයක් තමයි මේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ දී මගඩියක්, විශාල අතයට ගණුදෙනුවක් සිදුවුණා කියන එක. අපිට කරන්න පුළුවන් දෙයක් ඉන්දියානු සමාගමකට බාර දුන්න කියන එක. ඒක නතර වුණා. එතකොට එතුමා මේ සහාසික සාපරාධි කටයුත්තට එරෙහිව ඉදිරියට ඇවිල්ල යහපාළනය වෙනුවෙන් පෙනී සිටිය. ඒත් අද වෙනකොට ඒ ක‍්‍රියාවලිය නැවත සිද්ධ කරන්නට කටයුතු සිද්ධ වෙමින් තියනව.

එතකොට දැන් මහින්ද රාජපක්‍ෂ කරපු දේම රනිල් වික‍්‍රමසිංහ මහතාත් කරනව නම්, මොකක්ද යහපාලනය කියන්නෙ? මොනතරම් ජරාජීරණ තත්ත්වයකටද ආණ්ඩුව ගමන් කරන්නෙ. මේකට ඉඩ දෙන්නට බැහැ. මේකට සිවිල් සමාජය අවදියෙන් මැදිහත්වීම අවශ්‍යයි. මේ සම්මුතිවාදි ආණ්ඩුව ඇතුලෙ මූලික අභිමතාර්ථ පැත්තකට යනව. සම්මුතිවාදි ආණ්ඩුවක් බිහිවීම පිළිබඳ අපි යම්කිසි ආකාරයකට කැමැත්තක් දැක්වුවෙ, මේ රටේ බරපතල කාරණා නිරාකරණය කර ගැනීමට මේ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ යම් එකමුතුවක් අවශ්‍ය නිසා. මේ රට මුහුණදීල තියන සියලූ ව්‍යවසනයන්ට මේ රට පාළනය කරපු ප‍්‍රධාන පක්‍ෂ දෙක මොකක්ද කියන්නෙ? මේ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට නම්, මේ පක්‍ෂ දෙක යම්කිසි ආකාරයකට සම්මුතියකට එළඹෙන්නට  ඕනෙ. එතකොට ඒ එළඹීමේ ක‍්‍රියාවලිය තුළ අපිට එකග වීමට බැරි දේවල් අප‍්‍රමාණව තිබුණට ඒක ඉවසා දරාගෙන හිටියෙ විශේෂයෙන්ම ජාතික සංහිඳියාව, ආගමික සංහිඳියාව මේ රටේ අසාධාරණය යම් ආකාරයකට තුනී කිරීමට පාර්ලිමේන්තුවෙන් බහුතරයක් අවශයයි. ඒ බහුතතරය තුළ ප‍්‍රධාන පක්‍ෂ දෙක නියෝජනය වීම අවශ්‍යයි. එහෙත් අද ඒ බලාපොරොත්තුව බිඳ වැටෙමින්, ඒ සම්මුතිවාදි තුළ ආපසු ගජමිතුරු ව්‍යාපාරයක් නිර්මාණය වෙනවනම්, කල්ගත වෙනකොට මේක දරුණු පිළිකාවක් බවට පත්වෙනව. ඒකට එරෙහිව සිවිල් සංවිධාන අවධියෙන් සිටිය යුතුයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *