“හොඳ දෙයක් කිරීමට නරක වේලාවක් කියා දෙයක් නෑ” -සජිත්ට TNA සහාය නොලැබෙන බව තහවුරු කෙරෙමින් සුමන්තිරන් කියයි

“හොඳ දෙයක් කිරීමට නරක වේලාවක් කියා දෙයක් නෑ. වසර 25 ක් තිස්සේ දුන් පොරොන්දුවක් අවසන් පැයේදී හෝ ඉටු කළ හැකියි.” විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ පිරිසක් විරෝධය පෑම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් මහතා ට්විටර් පණිවුඩ 2 ක් මගින් ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු එහිදී විසඳුමක් ද යෝජනා කර ඇත. 

එම පණිවුඩ මෙසේය. 

“හොඳ දෙයක් කිරීමට නරක වේලාවක් කියා දෙයක් නෑ. වසර 25 ක් තිස්සේ දුන් පොරොන්දුවක් අවසන් පැයේදී හෝ ඉටු කළ හැකියි. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මෙය අවස්ථාව නොවේ යැයි කැබිනට්ටුවේ දී විරෝධය දක්වා ඇති පිරිස  නමුත් අපි එය අහෝසි කරනවාට විරුද්ධ නැතැයි කියා කියන්නේ නම් ඔවුන් පාර්ලිමේන්තුවට දැනටමත් ගෙනැවිත් ඇති 20 වෙනි සං‌ශෝධනය සම්මත කර ගැනීමට සහාය දැක්විය යුතුයි. ජනමත විචාරණය පසුව පැවැත්විය හැකියි.” යැයි පවසන සුමන්තිරන් මහතා තවත් ට්විටර් පණිවුඩයකින් මෙසේ ද පවසා තිබේ.

“විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට විරුද්ධ වන යහපාලනය ගැන අපි කණගාටුවට පත්වෙමු. එය අවස්ථාවාදයේ සහ ආත්මාර්ථයේ උපරිමයයි. එය වසර 25 ක් පුරා දුන් පොරොන්දු කඩ කිරීමක් සහ ජනතා වරමට පිටුපෑමකි. යෝග්‍යතාවය මත නොව ප්‍රතිපත්ති මත විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානය ඔ්නෑම වේලාවක සහයෝගය දක්වන්නෙමු.” යි සුමන්තිරන් මහතා වැඩිදුරටත් පවසයි. (අදාල ට්විටර් පණිවුඩ මෙහි දැක්වේ)

මේ අනුව ඉතා හොඳින් පැහැදිලි වන කාරණයක් වන්නේ විවිධ හේතු පෙන්වමින් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට විරුද්ධ සජිත් ප්‍රේමදාස මහතා සහ කල්ලියට දෙමළ ජාතික සන්ධානයේ සහාය නොලැබෙන බවයි. එසේ වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වුවහොත් ඔහුට උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඡන්ද නොලැබෙනු ඇත. සජිත් ප්‍රේමදාස මහතාට එජාපයේ බිම් මට්ටමේ කොපමණ සහායක් ලැබුනද ඔහුට ජනාධිපතිවරණය ජය ගත නොහැකිය. ඊට හේතු වන තවත් කාරණයක් වන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කැප වූ දකුණේ විශාල පිරිසක් ද සිටින බැවින් ඔවුන්ද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය පාවිච්චි නොකරන බැවිනි. 

ජය ගැනීමට නම් එක්කෝ සජිත්‌ ප්‍රේමදාස මහතා සහ කල්ලිය තම ප්‍රතිපත්ති වෙනස් කරගත යුතුය නැතහොත් එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂයා වෙනස් කළ යුතුය. 

(ලංකා ඊ නිව්ස් -2019.සැප්.21, ‌පෙ.ව.8.45)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *