පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන හොයන්න ජනපති කොමිසමක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත් කර ඇත.

ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන් එම පංච පුද්ගල කොමිසමට පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *