සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම රනිල්ට එක්වෙයි

සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට ගෙනගිය කැරැල්ලට නායකත්වය දුන් ප්‍රබලයකු වන මලික් සමරවික්‍රම මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට එක්වී ඇති බව වාර්තා වෙයි . ඒ මහතා ඊයේ රනිල් සමග මහනුවර ප්‍රදේශයේ රැස්වීම් කිහිපයකට හා ලක්ෂ්මන් කිරිඑල්ල මහතාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගී වී ඇත .

තමන් සමග සිට සජිත්ට එක්වූ මලික්ට තම හමුවීමේ අවස්ථාවක් ලබා නොදීමට තරම් කෝපයකින් රනිල් වික්‍රමසිංහ මහතා සිටි බව පසුගිය දිනවල වාර්තා විය .කෙසේ වෙතත් දැන් එම විරසක දුරු කරගෙන මලික් යලිත් අගමැති රනිල් සමග එක්වී ඇත .

මලික් සමරවික්‍රම මහතා සජිත් පිලෙන් ඉවත්වීමට හේතුව පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස මහතා කළ නොපැසුණු ප්‍රකාශ හා දේශපාලන ක්‍රියා බව සමරවික්‍රම මහතා ප්‍රකාශ කොට ඇත . ඔහු ප්‍රකාශ කොට ඇත්තේ රනිල් සමග සසදන විට සජිත් දේශපාලන ළදරුවකු බවයි .

දෙමල ජාතික සංධානය විරසක වන ආකාරයෙන් සජිත් පිල හැසිරීමද මලික් සමරවික්‍රම මහතා සජිත් පිලෙන් ඉවත්වීමට හේතු වී ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *