|

ආණ්ඩුව කළ දේ හා නොකළ දේ ; පත්වෙන ජනාධිපතිගේ බලය ; පොහොට්ටුවේ මර ලොජික්

ගෙවීගිය සතිය තුල සංවර්ධනයට අදාල කටයුතු රැසක් ජනතා අයිතියට පැවරීම මෙන්ම ආරම්භ කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඊට කලින් සතියේ දෙවනි වතාවටත් එකම දිනක් තුල පාසැල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරූ මේ රජය පසුගිය සතියේ ඇමති චම්පික ගොඩනැගූ නිවාස 3300 ක් එකම දිනකදී අගමැතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණ.

“2005 ඉඳලා 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුව හැදුවේ නිවාස 4600 යි. අද අපි නිවාස 3300 ක් ම එකම දිනකදී ජනතාවට පවරණවා. මේ වසර 4 ට ඇමති චමිපික විතරක් නිවාස 12,000 ක් හැදුවා. ලබන වසර මැද වෙනකොට 20,000 සම්පූර්ණ කරනවා. ගිය රජය කාලබීල වැඩි මිනිස්සුන්ට ව්‍යායාම කරන්න මංතීරු හදන්න ප්‍රමුඛත්වය දුන්නට අපි කළේ හිසට සෙවනක් නැති මිනිස්සුන්ට ගෙවල් හැදීමයි.” අගමැතිවරයා එහිදී කීවේය.

ඇමති චම්පිකට අමතරව නිවාස ඇමති සජිත්ද රටපුරා මේ වනවිට උදාගම් 2562 ක වැඩ අරඹා ඉන් 290 ක් විවෘත කොට හමාරය. එම එක් උදාගමක ගෙවල් 30 ක සංඛ්‍යාවක් ඉදිවුවද උදාගම් 2562 තුල නිවාස 76,860 ක් මේ වන විට වැඩ හමාර වෙමින් පවතී. ඊට අමතරව උතුරු නැගෙනහිර සහ කඳුකරයේද නිවාස ඉදිකිරීම් දහස් ගණනක් වෙනත් අමාත්‍යවරුන් හරහා ඉදිවන නිසා මේ රජය ආරම්භ කළ නිවාස විප්ලවය මෙතෙක් ලොව කිසිම රටක සිදු නොවූවක් බව පැහැදිලිය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ කළුතර උත්සවයකට යාමට පෙර අගමැතිවරයා පැමිණසිටි මැති ඇමතිවරුන් සමගද කතාබහ කළේය.

“මේ ආණ්ඩුවේ ඇතුලෙ හිටපු පාර්ශවයි, ජනමාධ්‍යයි, විපක්ෂයයි කකුලෙන් අදිද්දි රට අධික ණය බරකින් වෙළිල තියෙද්දිත් අපි කරපු සංවර්ධනය සමහරුන්ට තේරෙන්නෙ නෑ. අධිවේග, ගුවන් පාලම්, මහාමාර්ග, පාසල්, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්  ගොඩනැගිලි සිය ගණනක් හැදුවා. නොමිලේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ හා නිවාස විප්ලවයකුත් කළා. පඩි 10000 ක් හා 2500ක් වශයෙන්  දෙවතාවකදී වැඩි කරා. සමෘද්ධි, මහපොළ වැඩිහිටි දීමනා ආදී සියල්ල දෙගුණ කරලා, ගැබිණි මව්වරුන්ට පෝෂණ මළුත් දුන්නා. 2015ටත් වඩා තාම ඉන්ධන හා ගෑස් මෙන්ම බොහෝ අත්‍යවශ්‍ය බඩුවල මිල අඩුයි. ඒත් මේ ආණ්ඩුව කළේ මොනවද කියල සමහරු අහනවා. මේක හරිම කණගාටුදායක තත්වයක්.” සභානායක ලක්ෂමන් කිරිඇල්ල මතක් කලේය.

“ඒ විතරද, අපි දීපු නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නීදහස, ජනතාව පැහැරගැනීම් හා ජනතාවගේ පපුවට තුවක්කු පත්තු නොකිරීමේ සංස්කෘතිය මිලකරන්න පුළුවන්ද” නවීන් දිසානායක කී විට අගමැති ඇතුළු සියළුදෙනා එය අගය කළේය.

“මේ සතියෙ සමෘද්ධි නියාමකවරු 5000 ක් අපි ස්ථිර කළා. දින 52 හොර ආණ්ඩුවේදී බොරු ලියවිලි දීල වීරවංශලා මේ අය ස්ථිර කළා කියල රැවැට්ටුවා. ඊට අමතරව මේ සතියෙදි උපාධිධාරීන් 4252කට අගමැතිතුමා කොළඹදීත් තවත් 1400 කට ජනාධිපතිතුමා කුරුණෑගලදීත් රැකියා දුන්නා. පවුල් ලක්ෂ 6 කට අපි සමෘද්ධිත් දුන්නා. ආණ්ඩුවේ මේ දැවැන්ත වැඩපිළිවෙළ මිනිස්සු හරිහැටි තේරුම් නොගත්තොත් ඔවුන් 2015 ට කලින් වගේ යලිත් අනාත වේවි.” ලක්ෂමන් කිරිඇල්ල විග්‍රහ කළේය.

“ජනාධිපතිවරණෙට නොමිනේශනුත් කැඳවලා. අපේ අපේක්ෂකය කවුදැයි මිනිස්සු අහනවා. කලින්ම නම් කරපු ගෝඨාභය දැන් ඉන්නවද කියල නෑ. අනිවාර්යෙන් දිනන අපේක්ෂකය නම් කිරීම පරක්කු කළ එක හොඳයි. ඒත් දැන් තව පරක්කු කරන්න වෙලාවක් නෑ” චමින්ද විජේසිරි හේෂා විතානගේ මෙන්ම මහාචාර්ය ආශු මාරසිංහ අගමැතිවරයාට යොමුකළේ එකම තාලයේ ප්‍රශ්නයකි.

“නෑ. එන සුමානෙ මුල අපි තීන්දුව ගන්නවා. අද රෑටත් පක්ෂ නායක රැස්වීමක් තියනවා. ” අගමැතිවරයා කීවේය.

“සාකච්ඡාවකින්ද නැත්නම් ඡන්දෙකින්ද අපේක්ෂකයා තීන්දු කරන්න වෙන්නේ? සියළුදෙනාගෙම  සම්මුතියක් ඇති කරගන්නවා නම් තමයි වඩාත්ම හොඳ” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩිගේ මතය සියළුදෙනා අගය කළහ.

“සජිත් ඇමතිතුමා අපේක්ෂකත්වය ඉල්ලලා ඔබතුමාට ලියුමක් යැව්ව නේද? ඒකට දැන් මොකක්ද වෙන්නෙ?” කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති උපාලි පියසෝම සජුවම ඇසුවේ අගමැතිගෙනි.

“සජිත් විතරක් නෙවෙයි ඉල්ලන්න කැමතියි කියල කරුත් ඉල්ලීම් කරල තියනවා. එයා පත්වුණොත් වසරක් තුල විධායක ජනාධිපතිකම අහෝසි කරන බවත් කිව්වා. ඒක ජවිපෙත් ප්‍රධානම සටන් පාඨයයයි. කරූයි ජවිපෙටයි ඒ ගැන ඉක්මන් තීන්දුවකට එන්න පුළුවන්නම් කරූට ඉඩක් තියනවා” අගමැතිවරයා පැහැදිලි කළේය.

“දැන් මේ කෝටි 450ක් වියදම් කරලා බලයක් නැති නාම මාත්‍රික ජනාධිපති කෙනෙක් පත් කරන්නෙ ඇයි කියලා සමහරු අහනවා” ගයන්ත කරුණාතිලක මතුකළ කාරණය ඉතා වැදගත් එකක් බව පිළිගැනින.

“පත්වෙන ජනාධිපති නාම මාත්‍රිකම නෑ. යම් විධායක බලයක් තියනවා. හැබැයි කිසිම ඇමති බලතලයක් නෑ.” අගමැතිවරයා කීය.

“ගෝඨාභයගෙ ඇමරිකානු පුරවැසිමකම ගැන තාම පැහැදිලිතාවයක් නෑ. එයා ලියකියවිලි වගයක් අරන් හොර රහසෙම මැතිවරණ කොමිසමේ අය හමුවෙලා තියනවා. ඒත් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ලංකාවේ ඇමරිකානු තානාපති කාර්‍යාලය ගෝඨාගේ පුරවැසිකම් ඉවත්කළා කියලා ප්‍රසිද්ධියේ එළි කරනතෙක් නොමිනේෂන් දීමේදී අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇතිවිය හැකියි. ” එජාප නීති නිළධාරියෙකු පැහැදිලි කළේය.

“දැන් මේ දොස්තරලයි, රාජ්‍ය නිළධාරිනුයි, අණධ්‍යන කට්ටියයි, රණවිරුවොයි ඔක්කොම ස්ට්‍රයික් කරනවා. මේව ඇත්ත ස්ට්‍රයික්ද?” ගයන්ත කරුණාතිලක විමසීය.

“නෑ මේ ස්ට්‍රයික් තනිකරම දේශපාලනිකයි. රට අඩාල කරලා ජනතාව අපහසුතාවයට ලක් කරලා ආණ්ඩුව අපකීර්තියට පත් කරමින් පටු දේශපාලනයක් මෙයාල මේ කරන්නෙ. මිනිස්සු මේක දන්නවා. 2009 දී යුද්ධය ඉවර වුණත් 2015 වෙනකන් බලයේ හිටපු මහින්ද හා ගෝඨාභය යුද්ධෙ ලකුණු එයාලට දාගත්තට ඒ රණවිරුවො ගැන පොඩ්ඩක්වත් බලලා නෑ. දැන් ඒ මදිවට ඒ මිනිස්සු දාලා රට අක්‍රිය කරන්න හදනවා. අපි රටේ සියළුදෙනාට සාධාරණය ඉෂ්ඨ කරන්න උපරිමය කැපවෙනවා මිසක් රණවිරුවොයි හාමුදුරුවරුයි බාල දේශපාලනයට යොදාගන්නෙ නෑ.” අගමැතිවරයා කීය.

“නෙළුම් කුළුණෙන් කෝටි 200ක් හොරකම් කරලා කියලා ජනාධිපතිතුමා කිව්වා. ගෙවීම් කරල තියෙන්නෙ නිල සමාගමට විතරයි කියල මහින්ද මහතා උත්තර දුන්නත් ජනාධිපතිතුමා යලිත් තහවුරු කරල තියනවා එතන කෝටි 200ක මහ හොරකමක් වෙලා තියනව කියල. මිනිස්සු විතරක් නෙවෙයි කොම්පැනි අතුරුදහන් කරන්නත් රාජපක්ෂල දක්ෂයි. නෙළුම් කුළුණ ගනුදෙනුවෙදි චීන සමාගමක් වගේම මීට කලින් මෙයාල මිග් ගනුදෙනුවෙදි යුක්‍රේන් සමාගමකුත් මේ විදියටම අතුරුදහන් කළා.” රංජන් රාමනායක දැවැන්ත බෝම්බයක් පත්තු කළේය.

“එජාපය මහ බැංකුව කැඩුවා කියලා ජනාධිපතිතුමා කියනකොට ඒ කතාව හරියට හරි කියල අනුමත කරන පොහොට්ටු කාරයො රාජපක්ෂලා කුළුණෙන් කෝටි 200ක් මාටිය ගහලා ඒක ගෙවපු සමාගමත් අතුරුදහන් කළා කිව්වාම ජනාධිපතිතුමා කියන්නෙ බොරුලු. මේවා මාර ලොජික්.” උපාලි පියසෝම තර්ක කළේ කාගේත් සිනා මැදය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *