නොපැසුණු සජිත් මංගලටත් කෙළියි

සජිත් ප්‍රේමදාස මහතා තමාගේ නොමේරූකම ප්‍රදර්ශනය කරමින් තමන්ගේ සගයකුටත් ප්‍රහාරයක් එල්ලකර ඇත. ඔහු කියා ඇත්තේ මෙරට භාණ්ඩාගාරය හිස් වී ඇති බවත්, නැත්නම් තවත් ගෙවල් හදන්නට තිබුණු බවත්ය. හෝමාගම ප්‍රදේශයේ දී පැවති ජනහමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.

මෙරට භාණ්ඩාගාරය ඇත්තේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා යටතේය. භාණ්ඩාගාරය හිස් වී ඇත්නම්, එහි ප්‍රධාන වගකිවයුත්තා මුදල් ඇමතිවරයාය. සජිත් ගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ මුදල් ඇමතිගේ නොහැකියාව නැතහොත් අදක්ෂකමයි. තමන් ජනාධිපති අපේක්ෂකයා කරන්නට දර දිය අදින මංගල සමරවීර මහතාට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රහාරය එල්ල වන්නේ ඒ ආකාරයෙනි. එයින් පෙනෙන්නේ මංගල සමරවීර මහතාගේ අදක්ෂකම නොවේ. සජිත්ගේ නොපැසුණුකමය. නොමේරූකමය. මංගල සමරවීර මහතා රටේ ජනාධිපතිකමට යෝජනා කරන්නේ මෙබඳු නොමේරූ ළදරුවෙකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *