කරූට සහය දෙන්න ජවිපෙ සාකච්ඡා: අනුර කුමාර කැමතියි; ලාල්කාන්ත විරුද්ධයි

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට පමණක් කෙටි කලකට ජනාධිපති ලෙස පත්වීමට කරූ ජයසූරිය මහතාට සහය ලබාදීම ගැන ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගයේ සංවිධාන අතර මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි. තම පක්ෂය දිගටම පෙනීසිටි විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ අරමුණ සඳහා කරූ ජයසූරිය මහතාට සහය දීමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු බහුතරයකගේ කැමැත්ත ලැබි ඇති බවත්, එසේ වුවද දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක් එයට විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය ජාතික ජනබලවේගයේ සංවිධාන සමග සාකච්ඡාකොට තීරණය කිරීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ෆැසිස්ට්වාදී කඳවුර පරාජය කිරීම සදහා මේ මොහොතේ කරූ ජයසූරිය මහතාට සහය දිය යුතුය යන්න ජාතික ජන බලවේගයේ සංවිධායන බහුතරයේ මතය ද වී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *