ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම 25 වැනිදා


එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම්  කරේ.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) උපදෙස් දුන්නේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව දිවයිනෙන් පිටව ගොස් සිටින සියලු මැති ඇමතිවරු ලබන බදාදාට පෙර දිවයිනට පැමිණිමට නියමිතය.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී පවතියි.
 
ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය යන අපේක්ෂකයින් දෙදෙනා වෙති.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද අවසන් තීන්දුව හෙට (සෙනසුරාදා) වන විට තමන්ට  ලැබිය යුතු බව සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන වෙත දැනුම් දී ඇත.

අංජුල මහික වීරරත්න

ලංකාදීප
 
 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *