ජනාධිපතියි, කිලීයි සජිත්ට කෙළියි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට විහාලතම බාදාව වුයේ ඔහුට එය ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් සිරස මාධ්‍යජාලය අධිපති කිලී මහරාජාත් එළිපිටම ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය බව එජාප ආරංචිමාර්ග කියයි. මේ දෙපාර්ශවයම මෙයට මැදිහත් වීම නිසා එජාපයේ සජිත්ට හිතවත්ව සිටි පිරිස් පවා ඔහුගෙන් ඈත් වු බව කියති. ජනාධිපති හා කිලී මහාරාජා එක්ව මෙම ප්‍රචාරක ව්‍යාපාරය ගෙන යන්නේ පක්ෂයට හොඳක් සිදුකිරීමට නොව පක්ෂය විනාශ කිරීමට බව බොහෝදෙනාගේ මතය වී තිබේ.

අනෙක් අතට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරයෙන් ජනාධිපති වී පක්ෂයට හා රනිල්ට එරෙහිව ක්‍රියාකිරීම ද සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබිමට හේතුවක් වු බව ද කියති. ජනාධිපති සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය නිසා තම පක්ෂයේ අයකුට වුවද ජනාධිපති තනතුර දීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තක් නොදක්වන බව ඔවුන් කියන කතාවයි. මීළඟ ජනාධිපතිට විශාල බලයක් නැතත්, තිබෙන බලතල අහෝසි කිරීමට පොරොන්දු වී පත්වුවත් බලයට ආ පසුව කුමක් කරනු ඇත්ද යන්න ගැන කාටවුවද දෙවරක් සිතන්නට සිදුව තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවීමට කැමැත්තෙන් සිටින්නේ තවත් බල අරගලයකට මුහුණදීමට නොකැමැති නිසා බව පක්ෂ අභ්‍යන්තරයේ බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. වික්‍රමසිංහ මහතාගේ සැලසුම තමන් ජනාධිපති වී එම තනතුරට දැනට ඇති බලතල ඉවත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන අතර ඒ සමග වෙනත් ක්‍රමයකට නාමික ජනාධිපතිවරයකු පත්කරමින් නැවතත් අගමැතිධුරයට පැමිණීම බව එම අදහස දරණ පිරිස කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *