ගොටා අත් අඩංගුවට ගන්න කතාව බොරුවක් !

අවන්ගාඩ් අවි ගනුදෙනු සම්බන්ධ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකු අද හෙටම  අත් අඩංගුවට ගැනීමට යන බවට වෙබ් අඩවි කිහිපයක පළවූ පුවත සාවද්‍ය බවත්, එම පුවතට පදනම්වූ වාර්තාව මාස ගණනාවකට පෙර ලියුවක් බවත් අපගේ ආරංචි මාර්ග කියයි .

අදාළ පුවතෙහි සදහන් වුයේ අවන්ගාඩ් සමාගමට අයිති “මහනුවර” නැවේ තිබූ අවි සම්බන්ධයෙන් ගොටාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා විසින් නීතිපතිවරයාට නිර්දේශ කොට ඇති බවයි . වෙබ් අඩවිවල උපුටා දක්වා තිබුණේ මෙය අලුත් වාර්තාවක් වශයෙනි . අපගේ ආරංචි මාර්ග කියන්නේ මාස පහකට පමණ පෙර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කළ මෙම නිර්දේශය නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවයි .ඒ පිලිබදව පසුගියදා පාර්ලිමේන්තුවේද සාකච්චා වීය .

අනෙක් අතට “මහනුවර ” නැවේ අවි සම්බන්දයෙන් ගොටාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරන්නේ නම් එම අවි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතුය .එසේවුවද එම අවි සියල්ලම පාහේ මේ වනවිට ඒවායේ නීත්‍යානුකුල හිමිකරුවන් වන විදේශීය සමාගම්වලට භාරදී හමාරය .එබැවින්  එම අවි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක්ද නැත . එබැවින් එම අවි සදහා නඩු පැවරීමේ හැකියාවක් මේ වනවිට නොමැති බව අපගේ ආරංචි මාර්ග කියයි . ඒ අනුව  එබදු චෝදනාවක් යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත් අඩංගුවට ගැනීමක් මේ මොහොතේ සිදුවිය නොහැකි බව කියති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *