ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර


 (මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක, තුනකදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි හ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය.

‘‘පසුගිය සති 2කට පමණ පෙර අපේ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස පත්ව  සිට අපෙන් ඉවත්වුණු  මන්ත්‍රිවරු 05 දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත්තා. ඔවුන්ට දින 07ක් ඇතුළත නිදහසට කරුණු ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා එම කරුණු සලකා බලලා අපි තින්දු කළා ඔවුන්ගේ ශ්‍රිලනිප පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ ක්‍රියාවලියකට යාමට… ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුලත එම ලිපි ඔවුන්ට යොමු කිරිමට නියමිතව තිබෙනවා‘‘ යයි සඳහන් කළේය.

එම මන්ත්‍රීවරුන් 05 දෙනා වන්නේ එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ විජිත් විජිතමුණි යන අයයි.

මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *