සජිත් පිලේ සිටි මන්ත්‍රීවරුන් 20ක් රනිල්ට සහය පළකර ලිපියක් දීලා

ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීම සදහා මන්ත්‍රී කණ්ඩායමේ චන්දයක් ඉල්ලු ලිපියට අත්සන් කර සිටි මන්ත්‍රීවරුන් 51 දෙනාගෙන් 20 දෙනෙක් තමන්ට සහය දෙන බවට වෙනම ලිපියක් පසුගියදා තමන්ට භාරදුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජෙෂ්ටයින් හා ප්‍රකාශ කොට ඇත .

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ සහය පලකරන පිරිසද සීමා වී ඇත . එම කණ්ඩායමේ සිටි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා බදුල්ලේ පැවති රැස්වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන් පක්ෂ නායක රනිල්ට සහය දෙන බවයි . හේෂා විතාන , බන්දුල ලාල් බණ්ඩාරිගොඩ , විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු තවත් පිරිසක් මෙලෙස අගමැති රනිල්ට සහය පලකිරීමට එක්ව ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *