හිටපු ඇමැති ජොන්ස්ටන්ට මන්ත්‍රී ධුරයත් අහිමිවෙයි !

පසුගිය රජයේ හිටපු වෙලෙද  ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හෙරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පසුගියදා පැවරු නඩුවල ප්‍රතිපලය මත ඒ මහතාට සිය මන්ත්‍රී ධුරයද අහිමිවීමට ඉඩ ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි . ඒ මහතාට දැනට පවරා ඇති නඩු පහට අමතරව තවත් චෝදනා කිහිපයක් යටතේ පරීක්ෂණ පැවැත්වෙන බවද වාර්තා වෙයි . දැන් නඩු පවරා ඇත්තේ වත්කම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙනි . පරීක්ෂණ සිදුවෙමින් ඇත්තේ වෙනත් දුෂණ චෝදනා පිළිබදවය .

රාජිත සේනාරත්න මහතාට 1995දි මන්ත්‍රී ධුරය අහිමි වුයේ මන්ත්‍රීවරයකුව සිටියදී රජය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීමේ චෝදනවකටය . ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එල්ලවන චෝදනා වඩා බරපතළ බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *