සජිත්ටත් හොරෙන් කබීර් නාමල්ට පාර ඇරලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් භාවිතා කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – බෙලිඅත්ත කොටස පෙරේදා (12) මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් විවෘත කරදී තිබේ. 

තවමත් සම්පූර්ණයෙන්ම වැඩ නිමවී නොතිබියදීත් මෙම මාර්ගය වහාම විවෘත කරදීමට කබීර් හෂීම් මහතා කටයුතු කර ඇත්තේ රාජපක්ෂ පවුලෙන් ලැබුණු විශේෂ ඉල්ලීමක් අනුවය. 

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා වශයෙන් මෙන්ම මේ වනවිට ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර සිටින සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබී ඇත්තේ එම අධිවේගී මාර්ගය මහත් උත්සවාකාරයෙන්, තමන්ගේ මූලිකත්වයෙන් විවෘත කිරීමටය. 

එහෙත් කබීර් නාමල්ට පාර ඇර දී තිබුණේ අවම වශයෙන් ඔහුගේ නායකයා බව කියන සජිත්ට හෝ දැනුම් නොදීය. 

මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ, ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ, මහින්ද රාජපක්ෂ මහතා සමඟ යනාදී වශයෙන් තුන් හතර අතට ඩීල් දමමින් ගෙනයන කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය සජිත් පාර්ශ්වයටම විශාල අපවාදයක් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *