එජාප කෘත්‍යාධිකාරියේ 65%ක් රනිල්ට ; ප්‍රබලයින්ගේ තක්සේරුවක්

ජනාධිපති අපේක්ෂකත්වය සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ චන්දයක් පැවැත්වුවහොත් එහි 65% වැඩි බහුතර බලයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව ඔහුට සහය දක්වන ප්‍රබලයෙන්ගේ හමුවකදී තක්සේරු කොට ඇත .

මෙම තක්සේරු කිරීම සිදු වූ සාකච්චාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ලක්ෂ්මන් කිරිඇල්ල , සාගල රත්නායක ,රවී කරුණානායක , අකිල විරාජ් කාරියවසම් , ජෝන් අමරතුංග . වජිර අබේවර්ධන , දයා  ගමගේ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ .

එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ලැයිස්තු ගතකොට ස්ථිර ලෙසම රනිල්ට පක්ෂව සිටින , විපක්ෂව සිටින හා තවමත් මධ්‍යස්ථ වසයෙන් වෙන වෙනම ලැයිස්තු ගතකොට ගණන් බල ඇත .ඒ අනුව පෙනී ගොස් ඇත්තේ 65% කට වැඩි පිරිසක් ස්ථිර ලෙසම අගමැති රනිල්ට පක්ෂව සිටින බවයි .

අපට ලැබී ඇති තොරතුරු අනුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 69ක් සිටින අතර ඉන් 45 දෙනකුගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත .

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් අතර වැඩි බලය රනිල්ට හිමි බව බොහෝ දෙන දැන සිටියද ඒ ගැන ගණන් බැලීමක් කළේ මෙම අවස්ථාවේදීය .

පක්ෂයේ ව්‍යවස්ථාව අනුව  ජනාධිපති අපේක්ෂක තේරීමේ බලය ඇත්තේ  එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයටය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *