ගජධීර වෙනුවට මනෝජ්, සාලින් ද වෙනුවට හෙරත්, ශාන්ත වෙනුවට ශාන්ත ට පත්වීම්

ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යළිත් ඒ මහතාගේ නම යෝජනා කළ බව එක්සත් නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා මන්ත්‍රී ධුරයට මනෝජ් සිරිසේන මහතාව නම් කර තිබේ. මනෝජ් සිරිසේන හිටපු පළාත් අමාත්‍ය වරයෙකි.

ශාලින්ද දිසානායක මහතාගේ අභාවය නිසා පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි අසුනට පොහොට්ටුවේ එච්.එම්.ඩී.බී. හේරත් මහතා පත්කර තිබේ.

ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වුයේ, ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය වෙනුවට මනාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යළි පත් වීමටය. ඒ මියගිය සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අසුන ලබාගැනීම සඳහාය. ලබාගත් මනාප අනුව ඊළඟට පත්වීමට මනාප අනුව සුදුසුකම් ලැබ සිටියේ ශාන්ත බන්ඩාර මහතාය. එහෙත් නීති උපදෙස් අනුව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා එම අසුනට එක්සත් ජනතා නිදහස් පක්ෂයේ (පොහොට්ටුවේ) එච්.එම්.ඩී.බී. හේරත් මහතා පත්කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව ශාන්ත බණ්ඩාර මහතාට පය ගැසූ අත්ත වෙනුවට යළි අල්ලපු අත්ත අල්ලා ගැනීමට හෙවත් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය යළි ලබා ගැනීමට සිදුවිය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *