වයස 70ක් ‍වන තෙක් දේශපාලනයේ තනතුරු රැසක් දැරූ මට විශ්‍රාම යාම අසීරු නෑ ; අමාරුම කාලවල පක්ෂය රැක ගත්තා – අගමැති රනිල්

වයස අවුරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම අසීරු කටයුත්තක් නොවන බවත් පක්ෂයේ නායකයන් ජීවිත පූජා කරද්දී පක්ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේ දී පක්ෂය රැක ගැනීමට තමා ක්‍රියා කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) පැවැසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී ඊයේ උදැසන හමුවූ අවස්ථාවේදීය.

පක්ෂය වැටුණු සෑම අවස්ථාවදීම තමා එය ගොඩගත් ආකාරය අගමැති වික්‍රමසිංහ මහතා එම පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කර සිටියේය.

පක්ෂය අසීරුවට පත් වූ සෑම අවස්ථාවක දී එය ආරක්ෂා කරගත් නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි නම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පක්ෂ නායක ලෙස පක්ෂයත්, පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉහත වගකීම ඉටු කළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිඳු ගැටලුවක් නොවේ යැයි ද සඳහන් කර සිටියේය.

මන්නාරමේ ඊයේ පැවති හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා පිටත්වයාමට පෙර අරලියගහ මැදුරේ දී ඉහත හමුව පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *