‘ජනපතිට නායකත්වය’වගන්තිය එජාප ව්‍යවස්ථාවේ නෑ

වසර 1994 දී ගාමිණි අතුකෝරල මහ ලේකම්වරයා ගත් තීන්දුවක් :

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්ෂ නායකත්වය හිමි විය යුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. ඉහත වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇත්තේ 1994 වසරේ දීය. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දී ඇති කරුණු පදනම් කරගනිමින් ඉහත වගන්තිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

එවකට පැවැති දේශපාලන වාතාවරණය මත එවකට ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේ නම් ඇයට එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිරිනැමීමට සිදු වන බව එවකට සිටි මහ ලේකම් ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දී තිබිණි.

ඉහත නීතිමය කරුණ සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්ෂ නායකත්වයට පත්විය යුතු යැයි යන වගන්තිය 1994 වසරේ දී ඉවත් කිරීමට පියවර ගැනිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *