|

අගමැති රනිල් ඇමති සජිත්ට දුන් පැවරුම ; සජිත් පිල ගැන රනිල්ට ලැබුණු ඔත්තු ; එජාප ව්‍යවස්ථාව ගැන ඇත්ත

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකත්වය ගැන මත අරගල තිබුණද අගමැතිවරයා සිය දෛනික කටයුතු හා රටෙි සංවර්ධනයට අදාල සියලු තීන්දු තීරණ ගැනීමෙි සාකචිඡුා වලට මෙන්ම උත්සව වලටද නියමිත පරිදි එක්විය.

කොළඹ වරාය හරහා පෑලියගොඩට කණු මතින් ඉදිවන ඩොලර් දස ලක්ෂ 300 ක් වැයවන අධිවෙිගී මාර්ගය පසුගිය දා ආරමිභ කිරීම එහි පළමු අවස්ථාව විය.

මහනුවර අධිවෙිගයේ වැදගත්ම කොටස අපි ඉක්මනින් ජනතාවට ලබා දෙනවා. ඒකෙ අනිත් අදියර ලබන වසරේ විවෘත කරනවා. ඊට අමතරව ඔරුගොඩවත්තේ සිට රාජගිරිය දක්වාත් කණු මත තවත් අධිවෙිගයක් දැන් ඉදිවෙනවා. මාලඹෙි සිට කණු මතින් කොළඹට දුමිරිය මාර්ගයේ වැඩත් අපි පටන් ගත්තා. ගෝල්පේස් හා කොල්ලුපිටිය මුහුදුබඩ මාර්ගයත් ඉක්මනින් හා කරනවා. මෙි රටට 1992 දී එක්සත් ජාතික පක්ෂයයි ගාල්ල අධිවෙිගය යෝජනා කළේ. 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒකට ඉඩමි පවරාගෙන පාර හදන්න පටන් ගත්තා. 2005 දි අපි පැරදුනාම මුල්ගල් ගලවල විසිකරල අලුත් මුල්ගල් තියලා රාජපක්ෂලා දහ ගුණයක් වැඩිපුර මුදල් කාබාසිනියා කරලාත් ගාල්ල අධිවෙිගය හදන්න වසර 09 ක් ගියා. ඒත් සමහරුන්ට ඒ අතීතය මතක නෑ\ අගමැතිවරයා එහිදී කීවෙිය.

පසුගිය සතියේ සිදුවූ තවත් සුවිශේෂි සංවර්ධන කාර්යයක් වූයේ එක් දිනක් තුල පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරීමය. මීට පෙර අවස්ථා දෙකකදී ද එක් දිනක් තුල පාසල් ගොඩනැගිලි 500 බැගින් සිසුන්ගේ අයිතිය පැවරීමට අධ්‍යාපන ඇමති අකිල ක‍්‍රියා කලේ අගමැතිවරයාගේ සංකල්පයක් හා උපදෙස් මතය.

මෙි තරමි කකුල් මාටිටු තිබුණු ආණ්ඩුවක් ලංකාවෙි තිබිලා නෑ. ඒත් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට හා නිවාස මෙන්ම යටිතල වලට මුදල් වැයකල ජාත්‍යන්තරය දිනාගත් ආණ්ඩුවකුත් ලංකාවෙි මෙතෙක් තිබිල නෑ. අගමැතිවරයා එම උත්සවය අමතා කීවෙි එවැන්නකි.

බ‍්‍රහස්පතින්දා අධික වැසි සහිත දිනයක් වුවද මන්නාරමෙි සංවර්ධන ව්‍යාපෘති රැුසක විවෘත කිරිමි හා ආරමිභ කිරිමි වලට යාමටද අගමැතිවරයා සූදානමිව සිටි අතර එහි යාමට පෙර පැමිණ සිටි මැති ඇමතිවරුන් සමඟ සුපුරුදු පිළිසඳරේ යෙදීමට ඔහු අමතක කළේ නැත.

අද නාමල්ගේ වෙඩින් එක. අගමැතිතුමා යන්නේ නැද්ද\ නවීන් දිසානායක ඇසුවෙිය.

නෑ . මට ගල්කිස්සෙදි තියෙන උත්සවයටයි කියල තියෙන්නෙ. අද රවුෆ් හකීමිගෙ දුුවගෙ වෙඩින් එක. කොහොම හරි ඒකට යන්න ඔින\ අගමැතිවරයා කීය.

අගමැතියි සජිතුයි හමුව ගැන ඇත්ත කතාව මොකද්ද. ජනමාධ්‍යයයි, සමාජ මාධ්‍යය වලයි එක එක කතා යන්නේ\ ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවෙි අගමැතිගෙනි.

ඒක සුහදව ගියා. ඒත් කටිටියක් අනවසරයෙන් සාකචිඡුාවට ආවා. ඒක මට ගැටලුවක් නෙමෙයි. මංගල හමුවෙලයි සජිත් ආවෙ කියලත් ආරංචියි. ඒකෙත් ගැටලුවක් නෑ. අපේක්ෂකත්වය ලැබුනොත් දිනන ක‍්‍රමය ගැන මම ඇහුවා. එයාල ඒකට හරි උත්තරයක් දුන්නේ නෑ. කබීර්ගෙනුත් ඇහුවහම එයත් උත්තර දුන්නේ නෑ. ටී.එන්.ඒ. හා අනිත් සුලු පක්ෂ ඇතුලු පුළුල් සංධානයක් නැතුව දිනන්න අමාරුයි කියල මම පැහැදිලි කළා. ඒවා පිළිගත්තා. දිනන උපක‍්‍රමය පෙන්නල ඊට අදාල ලියවිල්ලක් මෙි සති අන්තයේ භාර දෙන්න කියල මම ඉල්ලුවා. ඊට පස්සේ අනිත් පක්ෂ එක්ක කතා කරල තීන්දුවක් ගන්නැයි මම කිවිවා. එදා සාකචිඡුාව ඉතා වැදගත් එකක්. ඒත් රංචු පිටින් ආවාම තීන්දු ගන්න අමාරුයි\ අගමැතිවරයා පැහැදිලි කළේය.

අගමැතිතුමයි ඇමති මලිකුයි ඇරගත්ත කියන්නෙ ඇත්තද. මලික් ඔබතුමාගේ හොඳම යාළුවනේ\ කුරුණෑගල වැවිලි සංස්ථාවෙි සභාපති හා හිටපු ඇමති උපාලි පියසෝම කීවෙි කාගේත් සිනහ මැදය.

මම මලික් තියා කා එක්කවත් රණ්ඩු වුනේ නෑ. රණ්ඩු වෙලා ප‍්‍රශ්න විසඳීම මගේ ක‍්‍රමය නෙමෙයි\ එසේ කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.

සජිත් ඇමතිතුමා ජනාධිපති වුනොත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකත්වය එතුමාට යනවා. පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා අගමැතිකමයි නායකත්වයයි ඔබතුමාට තියාගන්න කියල සජිත් පාර්ශ්වයෙන් යෝජනා කළා කියල ආරංචියි. ඒක ඔබතුමාගේ පැත්තෙන් ගත්තම වටිනා යෝජනාවක් නේද\ චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ ඇසුවෙි එකම ආකාරයේ ප‍්‍රශ්නයකි.

කිරිඇල්ල ඇමතිතුමා ඒකට උත්තරේ දන්නව ඇති\ යැයි අගමැතිවරයා කීය.

ජනාධිපති වුණත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලැබෙන්නෙ නෑ කියල පක්ෂ ව්‍යවස්ථාවට ඇතුල් කරල තියෙන්නේ 1994 දි කියලයි මම දන්නෙ. එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මැතිණියයි. චන්ද‍්‍රිකා ජනාධිපතිවෙලා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අරන් ගේමක් දෙන්න ලෑස්ති වෙන කොටයි අගමැතිතුමා විපක්ෂනායක විදියට ඒක වෙනස් කරල එක්සත් ජාතික පක්ෂය බෙිරාගෙන තියෙන්නෙ\ ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා එය අසා සිටියා මිසක වචනයක් හෝ කීවෙි නැත.

එජාප නායකයා ලෙස අමාරු කාලේ මම පක්ෂය රැුක්කා. මම කීපවරක් අගමැති වුණා. මට පක්ෂය දිනවන්න හැකියි කියන විශ්වාසය තියෙනවනමි මම ඉදිරියට එන්න ඔිනෙ. දිනවන්න බැරිනමි වයස 70 ක් වෙචිච මම ගෙදර යන්න ඔිනෙ. \ මහාචාර්ය ආශු මාරසිංහ හා 1977 දී අගමැති රනිල් පාර්ලිමෙින්තු එවූ බියගම එජාප ආධාරකරුවන් පිරිසක් ඇසූ පැනයකට අගමැතිවරයා මදක් සංවෙිදී පිළිතුරක් දුන්නේ එසේය.

අවංකවම විධායක ජනාධිපතිකම අහෝසි කරන කෙනෙක් මෙි රටෙි මීළඟ ජනාධිපතිවීම රටට ඉතා හිත කරයි. ජවිපෙ ගෙනියන ඒ මතවාදය ජනතාවට කා වැදුණු ප‍්‍රබල එකක්. එජාපය ඒ ගැන දැඩි අවධානය දක්වමින් මෙි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඉතා වැදගත්\ අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග‍්‍රහයට අගමැති ඇතුලු කාගේත් එකඟත්වය පළ විය.

දිනේෂ් වීරක්කොඩි එදා අගමැති හා සජිත් අතර තීරණාත්මක සාකචිඡුාවට එකතු කර ගැනීම ගැන සියලු දෙනා එකඟයි\ නවීන් දිසානායක කීවෙි දිනේෂ්ගේ පිටට තටිටු කරමිනි.

දිනේෂ්ට ආර්ථිකය ගැන ඉහළ දැක්මක් තියෙනවා. ඒ වගේම හොඳ දේශපාලන දැක්මකුත් තියෙන බව මම ලඟදී අවබෝධ කරගත්තා. අනික ඔහු මධ්‍යස්ථයි. මගේ වගේම සජිත්ගෙත් විශ්වාසවන්තයෙක්. ඒ පදනමෙනුයි දිනේෂ් එදා සාකචිඡුාවට ආවෙි\ අගමැතිවරයා කීය.

හොඳම පොලිටිකල් කැමිපේනර් සජිත්. එයා ගෝඨාට නෙමෙයි දැන් මහින්ද රාජපක්ෂටත් උඩින් ඉන්නේ. එජාප මත ගැටුමි පටන් ගන්න කලින් හිටපු තැනට අගමැතිතුමා හා සජිත් ඉක්මණින් ආවෙි නැත්තමි අපිට අමාරුයි.\ දිනේෂ් වීරක්කොඩිගේ විග‍්‍රහයට අගමැති ඇතුලු කාගේත් එකඟත්වය පළ විය.

ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම ගැන මිනිස්සු පුදුම වෙනවා\ උපාලි පියසෝම කීවෙි අගමැතිටය.

ඒ පවරා ගැනීම ඔක්තෝබර් 26 කරපු පහත් ක‍්‍රියාව වගේම එකක්. හෙළා දැකලා මදි. ඒ පියවර ආපස්සට ගන්න කියල බල කරන්න ඔිනෑ. ඇමති රුවන් විජයවර්ධන මෙි හේතුවෙන් ඉල්ලා අස්වුණා නමි ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට යනවා. ඒත් නිතිමය ප‍්‍රශ්නත් එතන තියෙනවා කියල නීති විශාරදයින් කියනවා\ මාහාචාර්ය ආශු මාරසිංහ කීවෙිය.

දැන් ඇල්පිටිය ඡුන්දයට අපි ලෑස්තිද \ උපාලි පියසෝම ඇසුවෙි අගමැතිගෙනි.

ඔවි . වැඩ පිළිවෙලක් සූදානමි. ගයන්තගේ මූලිකත්වයෙන් සියලු දෙනාගෙ සහභාගීත්වයෙන් ඒක කරන්න ඔිනෙ\ අගමැති කීය.

කබීර් ඇමතිතුමයි ඔබතුමයි පෙටිරෝලියමි එකට කඹ අදින කතාව මොකක්ද\ උපාලි පියසෝම ඇසුවෙි කිරිඇල්ලගෙනි.

කඹ ඇදිල්ලක් නෑ. කබීර්ට පෙටිරෝලියමි දුන්නෙ කෙටි කලකින් ගලවනවා කියලයි. අගමැතිතුමා ලගදී ඒක මට දෙන්න කියල ජනාධිපතිට ලියුම යැවිවා. ඒත් පස් දෙනෙක් ගිහින් ඒක මට දෙන්න එපා කියල ජනාධිපතිට කියලා . තමා එහෙම කරපු බව කබීර් පිළිගත්තා. ප‍්‍රශ්නය විසඳන්න ජනාධිපතිතුමා මටයි කබීර්ටයි එන්න කීවාම කබීර් මග ඇරියා කියලයි මට හිතෙන්නෙ. මම ජනාධිපතිවරණයෙදියි මහ ඡුන්දෙදියි දිස්ත‍්‍රික්කය ඉහළින් දිනවපු කෙනෙක්. ඒත් දිස්ත‍්‍රික්කය දිනා ගන්න බැරි අයට ලොකු තනතුරු කප්පරක් දීලා. මෙිවා අගමැතිතුමා අතිනුත් වෙචිච අතපසුවීමි. මම කබීර්ට මෙි ගැන මූණටම ඇත්ත තත්ත්වය ප‍්‍රසිද්ධියේ කිවිවා. මෙි ප‍්‍රශ්න වලට මැදිහත්වෙලා බෙිරන එක අගමැතිතුමා වගේම සජිත්ගෙත් නායකත්ව වගකිමයි\ ලක්ෂ්මන් කිරිඇල්ල කීවෙි මදක් ප‍්‍රහාරාත්මකවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *