ටී එන් ඒ කියනදේ කරන්න බැරිනම් විග්නේශ්වරන් අස්විය යුතුයි – හින්දු පුජක සංගමයේ උප සභාපති පී. සිවලෝගනාදන් පූජක තුමා

Siverlognadan - 1“ටී.එන්.ඒ. එක කියන විදිහට විග්නේශ්වරන් වැඩ කරන්නෙ නැත්නම්, ඉල්ලා අස්වෙලා තනිවම ඡුන්දෙකට ඉදිරිපත් වෙන්න අවශ්‍යයි. ඔහු සුමන්තිරන් මහතා සම`ගත් අමනාපයි. සම්බන්දන් මහතාත්, සුමන්තිරන් මහතාත් නිවැරදි මගක යන බවයි උතුරේ ජනතාව වන අපිට පෙනෙන්න තියෙන්නෙ.” සමස්ත ලංකා හින්දු පූජකවරුන්ගේ ආගමික, සුභසාධක සංගමයේ උප සභාපති, උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති, පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා ප්‍රකාශ කරයි . “යුක්තිය ” සමග එතුමා කළ සාකච්චාව මෙසේය .

දසක ගණනාවක් පැවති යුද්ධය අවසන්වෙලා දැන් වසර කිහිපයක් ගෙවිල ගිහින්. පසු ආපසු හැරී යුධ සමය දෙස බලන විට ඇතිවෙන හැඟීම මොනවගේද?

මට දැන් වයස අවුරුදු 52 ක්. මගෙ වයස අවුරුදු 16 සිට, මට අවුරුද් 46, 47 දක්වා අවුරුද් 30 කට වඩා කාලයක් දැක්කෙ මේ යුද්ධය. යුද්ධය උතුරේ අපිට විතරක් නෙමේ, මේ රටේ කාටත්, වේදනාවක්. හිරිහැරයක්. දුකක්. සිංහල ජනතාව හිතනව, එයාලට යුද්ධයෙන් ගොඩක් කරදර වුණා කියල. ඒත්, ඊටත් වැඩිය කරදර වුණේ උතුරේ ජනතාවට. ඒක විස්තර කරන්න බැරි තරම් කටුක වේදනාකාරි අත්දැකීමක්.

යුද්ධය අවසන් වීම සතුටට කාරණයක්ද?

යුද්දය අවසන්වීම ගැන ගොඩක් සතුටුයි. අපි ඒ ගැන පළමුවෙන්ම ස්තූතිකරන්න  ඕනැ මහින්ද රාජපක්‍ෂ මහත්තයට. ඒත් එතුමා යුද්ධයෙන් පස්සේ උතුරේ ජනතාවට අවශ්‍ය පහසුකම් මොනවද කියල හිතුවෙ නෑ. එතුමට යුද්දය දිණුව, යුද්දය දිණුව කිය කියා දකුණේ ජනතාවගේ ගෞරවය දිනා ගන්න උත්සහ කෙරුව විතරයි.

මේ යුද්දය ඇතිවීමට හේතුව කුමක් කියලද ඔබ හිතන්නේ?

ඉංග‍්‍රීසි භාෂාවෙන් වැඩකටයුතු කරපු කාලේ භාෂාමය ප‍්‍රශ්නයක් තිබුණෙ නැහැ. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහත්තයගෙ කාලෙදි සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කෙරුව. එතැන් සිට ද්‍රවිඩ ජනතාවට රැුකියා ලබාගැනීම, උසස් අධ්‍යාපනය හැදෑරීමට අමාරුකම වගේ ගොඩක් ප‍්‍රශ්න ඇති වුණා. ඒ නිසා තමයි ගොඩක් ප‍්‍රශ්න ඇති වුනේ. එස්.වී චෙල්ලනායගම් වැනි දේශපාලඥයන්, බණ්ඩාරනායක රජය ඇතුළු ආණ්ඩු කිහිපයක් සම`ග කතා කරල, මේ ප‍්‍රශ්නය අවසන් කරන්න බැලූවෙ. එහෙත් ඒක එහෙම වුනේ නැහැ. මේ අවස්ථාවෙ ප‍්‍රභාකරන්, ද්‍රවිඩ ජනතාවට අයිතිවාසිකම් නොදීම හේතු කරගෙන ජනතාව අතරින් නැගීහිටල, ජනතාව සංවිධානය කරන්න පටන් ගත්ත. ඒකට හොඳ පසුබිමක් තිබුණ. ද්‍රවිඩ ජනතාවට දෙවෙනි පෙළ පුරවැසියන් වශයෙන් සලකන බව තේරුම් ගන්න පිට ඉඳල බැහැ. ඔවුන්ම තමයි ඒ තත්ත්වය දන්නෙ. සාකච්ඡුාවෙන්, දේශපාලඥයන්ගෙ මාර්ගයෙන් මේ ප‍්‍රශ්නය විසඳෙන්නෙ නැති බව තේරෙනකොට, පිරිසක් අයිතිවාසිකම් දිනාගැනීමේ මාර්ගය වශයෙන තෝරා ගත්තේ යුද්ධයෙන් තමන්ගෙම වූ ප‍්‍රදේශයක් වෙන්කර ගෙන පාලනය කිරීමටයි.

  ඕනෑම සටනකදි, තර`ගයකදි හැම තිසේසෙම දැනෙන්නේ තමන්ගේ පිල දිණන බවයි. යුද්ධය ඉතා උග‍්‍ර අන්දමින් පවතිද්දි ඔබලා හිතුවද? ප‍්‍රභාකරන් ලංකා ආණ්ඩුවෙ හමුදාව පරාජය කරල ඊලාම් රාජ්‍යයක් පිහිටුවාගනියි කියල?

ප‍්‍රභාකරන්ට හිතවත් පිරිස හිතුවෙ යුද්ධය දිනල ඊලමක් පිහිටුවන්න පුළුවන්වෙයි කියලයි. ඒ පිළිබඳ ඔවුන් ලොකු විශ්වාසයකින් හිටිය. මානව හිමිකම් උල්ලංගනය කරමින් පවා ඔවුන් හිතුවක්කාර අන්දමින් යුද්ධය ගෙනගියේ ඒකයි. එහෙත් මධ්‍යස්ථ පිරිසට එහෙම හිතුනෙ නැහැ. නීත්‍යානුකූල රජයේ හමුදාව සම`ග සටන් කරල දිනන්න බැරිබවයි මධ්‍යස්ථව ඉන්න පිරිසට හිතුනෙ. රජයේ හමුදාවන්ට විදේශ රටවලින්  ඕනෑතරම් යුධමය ආධාර ලබාගැනීමේ හැකියාව තියෙනව. එහෙත් ඒක නිත්‍යානූලව කරන්න කැරලි කණ්ඩායම් වලට බැහැ. 1971 දි, 1989 දි ජේ.වී.පී. එකත් හිතුවෙ සන්නද්ධ බලයෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියල.

ප‍්‍රභාකරන් යුද්ධයෙන් දිනුවනම් උතුරු ප‍්‍රදේශයේ ජනතාවට අවංක සේවයක් කරයි කියල හිතනවද?

යුද්ධය ආරම්භයේදී ප‍්‍රභාකරන් හොඳ පුද්ගලයෙක් වගෙයි පෙනුනේ. එහෙත් කලක් යන කොට ඔහු ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කෙරුව. ඔහු ජනතාවගෙන් ඈත් වුණා. වියරුවෙන් වගෙයි ක‍්‍රියා කෙරුවෙ. ඔහු හිට්ලර් වගේ, මුසෝලනි වගේ තමයි පාළනය කරන්න හැදුවෙ. ඔහුටත් උවමනාවුනේ මහින්ද රාජපක්‍ෂට වගේ ඒකාධිපති රජ පාළනයක්. ඒ හින්ද පොදු ජනතාවට ප‍්‍රභාකරන්ව එපා වුණා. ඔහු යුද්ධයෙන් පරදිනවට ජනතාව කැමති වුණා. මහින්ද රාජපක්‍ෂ ඡුන්දයෙන් පරදිනවටත් මිනිස්සු කැමති වුණා.

ප‍්‍රභාකරන්ට යුද්ධය පවත්වාගෙන යාමට විදේශ ආධාර විශාල වශයෙන් ලැබුණ බව ප‍්‍රසිද්ධ රහසක්. එයට හේතුව කුමක් කියලද ඔබ හිතන්නෙ?

ප‍්‍රභාකරන් මහත්තය යුද්ධ කෙරුව. ඒ වෙලාවෙ යුරෝපීය රටවල් ප‍්‍රභාකරන්ට උදව් කෙරුව. ලංකා ආණ්ඩුව ඒ වෙලාවේ යුරෝපීය රටවල් එක්ක හොඳහිත තියාගත්තෙ නැහැ. ආණ්ඩුව විදේශ රටවල් සම`ග සහයෝගයෙන් කටයුතු නොකරන නිසා ඔවුන් කොටින්ට උදව්කෙරුව වෙන්න පුළුවන්. ඒ ප‍්‍රභාකරන්ටවත්, හින්¥න්ටවත් ඇති ආදරේට නෙමෙයි. ඔවුන්ගේ වාසියටයි ඔවුන් උදව් කෙරුවෙ. කවදාහරි ප‍්‍රභාකරන් වෙනම රාජ්‍යයක් පිහිටෙව්වොත් එයාලට බලපෑම් කරන්න පුළුවන් නිසයි.

යාපනය ප‍්‍රදේශය හින්දු භක්තිකයන්ගේ කේන්ද්‍රස්ථානයක්. ඔබ හින්දු ආගමේ කුරුක්කල් (පූජක) තුමෙක්. හින්දු ඇදහීමත් සම`ග මෙම යද්ධය පිළිබඳ හින්දු ජනතාවගේ ආකල්ප මොනවගේද?

යාපනය පිරිසිඳු හින්දු භක්තිකයන් ඉන්න පළාතක්. ඔවුන් ආගමට බෙහෙවින් ලැදියි. ආගම ඇදහීම වගේම, ආගමික ඇවතුම් පැවතුම් ගැන ද ඔවුන් ඉහළින් හිතනව. ප‍්‍රභාකරන් හොඳ හින්දු භක්තිකයෙක් නෙමෙයි. හින්දූන් නිර්මාංශ ආහාරියි. ගවමස් කොහොමවත් කෑමට ගන්නෙ නැහැ. එහෙත් ප‍්‍රභාකරන්ගෙ හමුදාවේ අය ගවමස් කෑමට ගත්ත. ඒ ගැන යාපනයෙ හින්දූන් කළකිරීමෙන් හිටියෙ. ඔහුට දෙවියන්ගෙ ආසිර්වාදය නැහැ කියල තමයි හින්දූන් හිතුවෙ. එතුම යද්ද මාර්ගයෙ ගියත්, ධර්ම මාර්ගයෙ ගියෙ නෑ. රජයේ හමුදා යුද්ධය කාලයෙදි ආහාරයට ගවමස් ගත්තෙ නෑ. අදත් හමුදාවේ ආහාර සඳහා ගවමස් සපයන්නෙ නෑ කියල තමයි මම හිතන්නෙ.

යුද්ධ සමයෙදී ඇතැම් මාධ්‍යවල පළවුණා ප‍්‍රභාකරන් කතෝලික භක්තිකයෙක් කියල, යුද්ධයෙන් පස්සෙ විවිධ මාධ්‍යවල පළවුණා ඔහු හින්දු භක්තිකයෙක් කියල. මේ දෙකෙන් නිවැරදි කෝකද? මම ඒ ගැන ප‍්‍රශ්න කරන්නේ ආගම් භේදයක් ගැන හැගීමකින් නෙමෙයි. ව්‍යාකූල තොරතුරක් නිවැරදි කරගැනීමටයි.

ඔහු හින්දු භක්තිකයෙක්. ප‍්‍රභාකරන්ගෙ පියා වැල්ලවැටිතුරේ ඊස්වර කෝවිලෙ ප‍්‍රධාන  දායකයෙක්. ඔහු හින්දු වුවත් හරියට ආගම ඇදහීමක් කෙරුවෙ නැහැ. යුද්දයෙන් පස්සෙ ඇතැම් පුවත්පත් ඔහු හොඳ හින්දු භක්තිකයෙක් කියල පෙන්නන් උත්සහ කෙරුව.

ඇතැම් පිරිසකගෙ මතයක් තිබුණ බටහිර රටවල් මේ යුද්ධයට සහයෝගය දෙන්නෙ, යුද්ධයෙන් පසුව ඔවුන්ගේ ආගම ලංකාවේ ව්‍යාප්ත කරන්න අරමුණු කරගෙන කියල. එහි යම් සත්‍යතාවයක් තියනවද?

මම කතා කරන්නෙ වෙනත් ආගමකට විරුද්ධව නෙමෙයි. ඇත්ත තත්ත්වය. අවුරුදු 10 කට පෙර ඉන්දියාවෙ  නවදිල්ලියට කතෝලික පාප් කෙනෙක් ආව. එතුමා ආසියාවෙ කතෝලික බිෂෝප්වරු ගෙනල්ල සාකච්ඡුාවක් කෙරුව.  කි‍්‍රි.ව. පළමුවන දහස යුරෝපිය රටවල ක‍්‍රිස්තියානි ආගම පැතිරවූ බවත්. දෙවන අවුරුදු දහසේ දී, එනම් ක‍්‍රි.ව. දෙදහස දක්වා අප‍්‍රිකා හා ඔස්ටේ‍්‍රලියා මහද්වීප වල කතෝලික ආගම පැතිරෙව්ව බවත්, ක‍්‍රි.ව. 2001 සිට 3000 දක්වා ආසියාවේ ක‍්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කළ යුතු බවට ප‍්‍රකාශ කරල තියන බව කියනව.
උතුරේ හොඳ කතෝලික පූජකවරු පිරිසක් ඉන්නව. ඔවුන් අන්‍යාගමිකයන් තම ආගමට හරවා ගැනීමට උත්සහ කිරීමක් කරන්නෙ නැහැ. එහෙත්, විවිධ නම්වලින් හඳුන්වන සුළු සුළු කණ්ඩායම් ජනතාවගේ දුප්පත්කම උපයෝගි කරගෙන, මුදල් හෝ යම් යම් ද්‍රව්‍යමය දේවල් ලබා දෙමින්, ස්වයං රැුකියා ලබාදෙමින් දුප්පත් ජනතාව තම ආගමට බඳවාගැනීමේ කටයුතු ක‍්‍රියාත්මක කරනව. මිනිසුන් දුප්පත්කම නිසා ඒවට නතුවෙලා ඉන්නව. මේ ව්‍යාපෘති වලට මුදල් එන්නෙ යුරෝපීය රටවලින්, ඔවුන් ආගම ව්‍යාප්ත කරන්න හදනවද? සී.අයි.ඒ. වැනි රහස් ඔත්තු සේවාවන්වල පිරිසක්ද කියල හිතන්න  ඕනෙ. මේ  වැඩපිළිවෙල උතුරෙ විතරක් නෙමෙයි. ලංකාවේ ගොඩක් දුප්පත් පළාත්වල ක‍්‍රියාත්මක වෙනව.

අපි සංඛ්‍යා ලේකන අනුව බලනවනම් බෞද්ධයන් අඩුවෙනව. හින්දු ජනතාව අඩුවෙනව. අනෙක් ආගම් පිරිස වැඩිවෙනව. මුස්ලිම් ජනගහනය  උප්පත්තියෙන් වැඩිවෙනව. ඒකට වරදක් කියන්න බැහැ. එහෙත් ක‍්‍රිස්තියානි ජනතාවගේ ප‍්‍රතිශතය ඉහළ යන්නෙ අනෙකුත් ආගම් වලින් හරවා ගැනීමෙන්. ඒක හැම ආගමකම ජනතාව සාකච්ඡුාවෙන්, අවබෝධයෙන්, අවදියෙන් කල්පනා කළයුතු ප‍්‍රශ්නයක් කියල මම හිතනව.

ඔබ සාකච්ඡුාව මුලදි කිව්ව, ප‍්‍රභාකරන්ගෙ පරාජය නිසා යාපනයේ ජනතාව සතුටු වෙනව කියල. එහෙම නම් ප‍්‍රභාකරන් යුදමය වශයෙන් පරද්දන්න දේශපාලන නායකත්වයක් දුන් මහින්දට මිනිසුන් ඡුන්දය දිය යුතුයි. එහෙත් පසුගිය ජනාධිපති මැතිවරණයෙදි එහෙම දෙයක් පැහැදිලිවම පෙනුනෙ නෑ.

යුද්දය අවසාන කාලයවන වෙල්ලමුලික්කාල් සටනෙදි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ලංකාවෙ හිටියෙ නැහැ. ඒ වෙනවිට මෛත‍්‍රීපාල මහත්තය තමයි ආරක්‍ෂක අමාත්‍යංශයෙ වැඩ බැලූවෙ. ඒක එතුමා වේදිකාවෙදි කිව්ව. අනික් පැත්තෙන් සරත් ෆොන්සෙකා මහත්තය කිව්ව, මම තමයි යුද්ධය දිනන්න නායකත්වය දුන්න හමුදාපති, මගේ උවමනාවයි යුද්ධය දිනුවෙ කියල. මහින්දට ඡුන්දය නොදෙන්න ඒකත් එක හේතුවක් වුණා.

මහින්ද මහත්තය කිව්වෙ යුද්දය දිනපු එක ගැන විතරයි. යාපනයේ ජනතාවට නිදහස, දියුණුව, සාමය අවශ්‍ය බවක් කිව්වෙ නැහැ. එහෙත් මෛත‍්‍රී මහත්තය ඒ වගේ වැඩ පිළිවෙලක් ගැන කිව්ව. යුද්ධය දැන් ඉවරයි. තුවාල තවම සනීප නැහැ. දැන්  ඕනැ පපුවෙ ඇති වෙච්ච තුවාල, ඔළුවෙ ඇති වෙච්ච තුවාල (මානසික ආතතිය හා හිත් වේදනාවන්) සනීප කරගෙන හොඳින් ජීවත් වීමටයි. එයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ඒක ලැබෙයි කියල අපි හිතනව.

මහින්දට ඡුන්දය නොදෙන්න හේතුව ඔබ ප‍්‍රකාශ කෙරුව. උතුරේ ජනතාව වරක් ඡුන්දය පාවිච්චි කිරීම ප‍්‍රතික්‍ෂේප කෙරුව. එහෙත් මෙවර වැඩි ප‍්‍රතිශතයක් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයට ඡුන්දය දුන්න. ඇයි ජනතාව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය පාවිච්කෙරුවෙ?

ඒ අවස්ථාවෙදි තේරීම් දෙකයි තිබුණෙ. ඒ වෙනකොට මහින්දව ජනතාවට එපා එපා වෙලයි තිබුණෙ. මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක තුමා අලූත් කෙනෙක්. ඔහු ගැන අලූත් බලාපොරොත්තු තිබුණ. ඔහු සාමය ගැනත්, ජනවර්ග වශයෙන් මිනිසුන් බෙදීමට විරුද්ධවත් කතාකෙරුව. ජනතාවට සහන සලසන බවටත්, සාධාරණ දේශපාලන විසඳුමක් ගෙනෙන බවටත් පොරොන්දු වුණා. ඒ නිසයි ඔහු වෙනුවෙන් ජනතාව ඡුන්දය පාවිච්චි කෙරුවෙ.

මෛත‍්‍රීපාලනය දැන් වසරකට ආසන්න වෙමින් තියනව. යහපාළන එක්සත් ජාතික පෙරමුණු රජයට දැන් මාස තුනක් පහුවෙලා. ඔවුන් මේවනවිට පොරොන්දු ඉටුකරල තියනවද? ඉටු නොවුන පොරොන්දු ඉදිරියේදී ඉටුවෙයි කියල හිතනවද?

මෛත‍්‍රී ජනාධිපතිතුමා පොරොන්දු ඉටු කරයි කියල හිතනව. එහෙත් ඒක ඔහුට තනිවම කරන්න බැහැ. එතුමගෙ අදහස් හොඳයි. ඒක ක‍්‍රියාත්මක කරන්න නම්, ලංකාවේ සියළුම ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඒ සඳහා උදව් කළ යුතුයි.

නිදහසින් පස්සෙ දසක ගණනාවක් ගෙවිල ගිහින්. දොරේඅප්පා, අමිර්තලිංගම්ලගෙ ඉඳන් අද ඉන්න  ආර්. සම්පන්දන් දක්වා ජනප‍්‍රිය දේශපාලඥයන් හිටිය. . අද උතුරේ ජනප‍්‍රියම, එහෙමත් නැත්නම් උතුරේ ජනතාවට අවංක සේවයක් කරයි කියල විශ්වාස කරන නායකය කවුද?

එස්.ජේ.වී. චෙල්වනායගම්, අමිර්ගලිගම් වගේ ජනප‍්‍රිය, අවංක නායකයන් උතුරට හිටිය. දැනට ඉන්න දේශපාලඥයන් අතුරින් සම්පන්දන් මහත්තයට තමයි ගොඩක් අත්දැකීම් තියෙන්නෙ? එතුමා යන මාර්ගය නිවැරදියි කියල තමයි ජනතාව විශ්වාස කරන්නෙ. දැනට ඇතිවෙලා තියන ප‍්‍රශ්න, ගැටුම් අවසන් කර ස්ථිර විසඳුමකට එනවනම්, එතුමාගේ කාලයේදී තමයි එය කරන්න පුළුවන්.

ඔබ කියන තත්ත්වය ඇති කිරීමට උතුරේ සෙසු දේශපාලන නායකයන් සාමූහිකව උදව් කරනවද?

උතුරු පළාතේ ප‍්‍රධාන ඇමති විග්නේශ්වරන් මහතා අලූත් නායකත්වයකට ඇවිත් තියනව. එතුමා. ටී.එන්.ඒ. ඡන්දයෙන් පත්වුණත්, එතුමා වෙනස් මාර්ගයක ගමන් කිරීමට උත්සාහ දරනව. එයා බලයට පත්වුනේ ටී.එන්.ඒ. ඡුන්දයෙන්. නමුත් ටී.එන්.ඒ. නායකත්වයට එයා ඇහුම්කන් දෙනේනෙ නැහැ. විග්නේශ්වරන් මහතා වෙනස් ගමනක යනව වගෙයි පේන්නේ. පාර්ලිමේන්තු ඡුන්දයේදී ටී.එන්.ඒ. එකට ඡුන්දය පාවිච්චි කරන්න කියල වචනයකින්වත් සහයෝගයක් දුන්නෙ නැහැ. ඔහු විප්ලවවාදි අදහස් ප‍්‍රකාශ කරල වෙනම ස්ථාවරයක් හදාගන්න හදනව වගෙයි පේන්නෙ. විග්නේශ්වරන් ටී.එන්.ඒ. එක කියන විදිහට වැඩ කරන්නෙ නැත්නම්, ඉල්ලා අස්වෙලා තනිවම ඡුන්දෙකට ඉදිරිපත් වෙන්න අවශ්‍යයි. ඔහු සුමන්තිරන් මහතා සම`ගත් අමනාපයි. සම්බන්දන් මහතාත්, සුමන්තිරන් මහතාත් නිවරදි මගක යන බවයි උතුරේ ජනතාව වන අපිට පෙනෙන්න තියෙන්නෙ.

ඔබ කියන විදිහට සම්පන්දන් – විග්නේශ්වරන් ගැටුම මොනවගේ ප‍්‍රතිඵලයක් ඇති කරයිද?

අපි කමති නැහැ. ඒක දුරදිග යනවට. අපි කැමතියි දෙන්න එකට සාමුහිකව වැඩ කරනවට. එහෙත් පුවත් පත්, ටී.වී. ඇතුළු ජනමාධ්‍ය ඒ තත්ත්වය වැඩි කරන්න උත්සහ කරන බවයි පෙනෙන්න තියෙන්නෙ. එහෙත් මේක තීරණාත්මක අවස්ථාවක් බව කවුරුත් තේරුම් ගන්න  ඕනෙ. උතුරෙ බහුතරය විශ්වාස කරන්නෙ සම්පන්දන් මහතා නායකත්වයේ සිටියදී, වසර ගණනාවක් පුරා දිවෙන උතුරු දකුණු විරසකය, සාධාරණ බලය බෙදීම, ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම වගේ කරුණු  රැුසක් පිළිබඳ අවසන් නිගමනයකට පැමිණිය යුතුයි කියලයි. එහෙම නැතුව ජනතාව ආපසු අසහනයකට ඇද දමා යුද්දයකට පාර නොකැපිය යුතුයි.

තමාගේ ප‍්‍රශ්න නොවිසඳුනහොත්, තමා බලාපොරොත්තු වන නිසදහස නොලබුණහොත් උතුරේ තරුණ කොටස් යළිත් ආයුධ අතට ගැනීමට ඉඩ තිබෙනවාද?

ඔවුන් ගැන බලනවා නම්, ප‍්‍රශ්න විසඳනවා නම් නැවතත් ආයුද අතට ගැනීමක් සිදුවෙන එකක් නැහැ. එහෙත් ද්‍රවිඩ ඩයොස්පෝරා එක කැමති උතුරේ ප‍්‍රශ්න ඇති වෙනවාටයි. ඔවුන් තරුණයන්ට බලපෑම් කරන්න ඉඩ තියනව.

උතුරේ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබිබැහි කිරීම සංවිධානාත්මකව සිදුකෙරෙන බවට ඇති ප‍්‍රචාරය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ?

තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පිළිබඳව උතුරට විතරක් නෙමෙයි මුළු රටටම බලපා ඇති ප‍්‍රශ්නයක්. ඒය නැතිකිරීමට කැපවීම වහාම කළ යුතු දෙයක්. ඒක කිහිප ආකාරයකින් කළ හැකියි. බුද්ධි අංශ, පොලීසිය ඒ ගැන වහාම ක‍්‍රියාත්මක විය යුතුයි. සංවිධානාත්මක එහෙම දෙයක් සිදු කරනව නම් ඒ ගැන හිතන්න  ඕනෙ? කවුද කරන්නෙ? මොකක්ද එහි අරමුණ කියල. කොහොම වුනත්  මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාම සීග‍්‍රයෙන් ව්‍යාප්තවන බව පේනව.

හින්දු ආගමික පූජකවරයෙක් වශයෙන් ඔබට කියන්න පුළුවන්ද? මදව්‍ය වලින් ජනතාව ගලවා ගැනීම සඳහා ඔබලාගේ ඇති කැපවීම.

බුද්ධාගමේ පන්සල්වල භික්‍ෂූන් විසින් මත්ද්‍රව්‍යවලින් ජනතාව මුදවා ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කරමින් බණ දේශනා කරනවා. සෑම පන්සලකම පාහේ දහම් පාසලක් තියනව. දහම් පාසැලේදීත් ඒ ගැන උගන්වනව. කතෝලික පල්ලිවල ඉරු දින දහම් පාසැලේදිත් එසේ වැඩ පිළිවෙලක් තියනව. ඉරිදා හා වෙනත් පූජාවන්වලදී පල්ලියේ ස්වාමි විසින් මතින් හා වෙනත් සමාජ විරෝධි දේවල් වලින් ජනතාව ගලවා ගැනීම සඳහා දේශනා තියනව. මුස්ලිම් පල්ලියෙ සිකුරාදා දිනවල පල්ලියෙ මව්ලවිවරුන් විසින් කරනු ලබන කුටුබාත් දේශනාවේදී ඒ පිළිබඳව දැනුම්වත් කරනව. හින්දු කෝවිල්වල ගොඩක් උත්සව පවත්වනව. ගොඩක් පූජා පවත්වනව. එහෙත් එහෙම දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සිදුවෙන්නේ නැහැ. හින්දු කෝවිල් ඇදහිලි හා පූජාවිධි වලට පමණක් සීමා වෙනව. මම යෝජනා කරනව හින්දු කෝවිල්වලදිත් ඒ වගේ ළමා හා තරුණ මනසට ආමන්ත‍්‍රණය කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක විය යුතුයි කියල. හින්දු ආගමේ කියන්නෙ, හොඳට ඉගෙන ගන්න  ඕනෙ. හරි මාර්ගයෙ යන්න  ඕනෙ කියලයි. කොතරම් ඉගෙන ගත්තත් නිවැරදි මාර්ගයේ නොයනවනම් එයින් ඵලක් නැහැ.

මනෝජ් රූපසිංහ.

යාපනයේ අරාලි තුඩුවේ සිට.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *