මහින්දගේ “වාසනා බෝලය” නැතිවී මගුල් ගෙදර ජංජාලයක් !

මහජනයා වසී ගරාගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතර අතේ තබාගෙන සිටින මැණික් එබ්බවූ රත්තරන් බෝලය අස්ථානගතවීම නිසා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවති මංගල උත්සවයකදී කලබැගෑනියක් සිදුවූ බව වාර්තා වෙයි . තමන්ගේ වටිනා රන් බෝලය නැතිවූ බව මහින්ද රාජපක්ෂ මහතා හෝටල් කළමනාකරණයට දැන්වීමෙන් පසුව එය සොයා ගැනීමට සේවක පිරිසක් විශේෂ රහස් මෙහෙයුමක යෙදවීමටද හෝටල්  පාලකයන් කටයුතු කොට තිබේ .

හෝටල් බිමේ කාපට් පවා පෙරලමින් කළ මෙහෙයුමකින් පසුව රන් බෝලය හමුවී ඇත්තේ ස්ත්‍රීන් පිරිසක් අසුන්ගෙන සිටි මේසයක් මත තිබියදීය .

හිටපු ජනාධිපතිවරයා මෙම රන් බෝලය ආරක්ෂා කර ගැනීම සදහා තම ආධාරකරුවකුට පවා පහරදීමට ගිය බව පසුගිය ජනාධිපතිවරණ සමයේ වර්තා වීය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *