“ඉවසීමෙන් සැනසීම ලැබේ” – සජිත් ප්‍රේමදාස

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (10) රාත්‍රි පැවති සාකච්ඡාවෙන් පසුව ජනමාධ්‍යයට අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ  “ඉවසන්න, ඉවසන්න.. ඉවසීමෙන් සැනසීම ලැබේ” යනුවෙනි. ඒ මහතා මේ කතාව දෙවරක්ම කීම ද විශේෂත්වයකි.

මෙහිදී ඇතැම් ජනමාධ්‍ය සජිත්ගෙන් යම් ප්‍රහාරාත්මක ප්‍රකාශයක් ලබාගැනීම සදහා දැඩි උත්සාහයක් දැරුවද ප්‍රේමදාස මහතා ඒ සියල්ල මගහරිමින් කීවේ “සුබවාදි දෙයක් ඉදිරි දිනවල සිදුවේවි” යනුවෙනි. ජනාධිපති අපේක්ෂක කම තමන්ට ලැබෙනු ඇතැයි නොකී සජිත් මාධ්‍යයට කීවේ “දින කීපයක් යනවිට ඔබට වෙනත් මාතෘකාවක් ලැබේවී” යනුවෙනි.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් සමඟ සුහද ලෙස කතා කළ සජිත් ප්‍රේමදාස මහතා, “මම මේ දවස්වල පෙරුම්පුරනවා. ඔබලාත් පෙරුම්පුරන්න. එවිට ඔබලාටත් දවසක ආයතනයේ ප්‍රධානියා වීමට හැකි වේවී” යයි කීවේය.      

Leave a Reply

Your email address will not be published. Required fields are marked *