විපක්ෂයේ විරෝධයෙන් මෝටර් රථ බදු ඉවතට !

මෙවර අයවැය ලේඛනයේ විපක්ෂයේ විවේචනයට ලක්වූ වාහන දුම් සහතික බද්ද , විදුලි මෝටර් රථ බද්ද ,ඇතුළු බදු ගණනාවක් සංශෝදනය කිරීමට රජය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . අයවැය කාරක සභා අවස්ථාවේදී මෙම සංශෝදන ඉදිරිපත් කිරීමට නියමිතය .

මේ අතර රජයේ සේවකයින්ට දුන් බදු සහන වාහන බලපත් අහෝසි කීරීම පිළිබදවද විරෝධතා ඇති අතර වාහන බලපත් වෙනුවට ඉහළ නිලධාරීන්ට සහ වෘත්තිකයන්ට වෙනත් විකල්ප ක්‍රමයකින් සහන ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *