ව්‍යවස්ථා අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ආයෝජන විශ්වාසය ඉහළ ගියා – ගෝලීය උපායමාර්ගික උපදේශකයෙක් කියයි

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ඇති වු ව්‍යවස්ථා අර්බුදය මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට මහජනයාගේ ඇති කැපවීම ප්‍රදර්ශනය වු බවත් ඒමඟින් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ ගිය බවත් ඇමරිකාවේ ගෝලීය උපායමාර්ගික උපදේශක සමාගමක් වන ස්ටැක්ස් (Stax) ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ රුවිඳු පීරිස් මහතා ප්‍රකාශ කළේය.

“2018 අර්බුදය මඟින් අපව පරීක්ෂාවට ලක් කළා” එමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රාතන්ත්‍රවාදයේ ශක්තිය ගැන ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ ගියා” යයි ද ඔහු ප්‍රකාශ කළේය.

පීරිස් මහතා වැඩිදුරටත් කීවේ අර්බුදය මඟින් ඇති කළ දේශපාලන අස්ථාවරබව තිබිය දී ශ්‍රී ලංකාවට ඇති අයෝමය ශක්තිය ප්‍රදර්ශනය වු බවයි.

2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබාදුන්නේය. එය විවාදාත්මක ක්‍රියාවක් වු අතර චිචේචකයන් කීවේ මෙය කුමන්ත්‍රණයක් බවයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ද විසුරුවා හරින ලද නමුත් ඉහත ක්‍රියාවන් දෙකම ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම සිදුවීම ගැන පීරිස් මහතාගේ අදහස් දැක්වීම සිදු වූයේ ඔක්ස්ෆර්ඩ් බිස්නස් ගෲප් හා ෆස්ට් කැපිටල් හෝල්ඩින්ස් එක්ව සංවිධානය කළ වැඩමුළුවක දී ය.‍

මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් ඉවත්කොට 2015 පත්කරගත් සන්ධාන රජයේ ක්‍රියා කලාපය ගැන යම් කලකිරීම් තිබුණ ද ඔක්තෝබරයේ ඇති වූ අර්බුදය තුළ රටේ ප්‍රජාතන්ත්‍ර වාදයේ ශක්තිය පෙන්නුම් කළ බව රුවිදු පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *