පාසල් ගොඩනැගිලි 500ක් එකම දින සිසු අයිතියට : විප්ලවීය අධ්‍යාපන සංවර්ධනයේ යෝධ පියවරක්

විප්ලවීය අධ්‍යාපන සංවර්ධනයේ  සුවිශේෂ පියවරක් සනිටුහන් කරමින් වත්මන් රජයේ අධ්‍යාපන පුනර්ජීවණයේ තවත් එක් පියවරක් වන ‘ළඟම පාසල – හොඳම පාසල’  වැඩසටහන යටතේ එකම දින පාසල් ගොඩනැගිලි 500ක් විවෘත කිරීමේ වැඩ සටහනක් පසුගිය 9 වැනිදා (2019 සැප්තැම්බර් 09) දිවයින පුරා පාසල් 500ක දී එකම දින සිදුකරන ලදී. එය ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍ර ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවු විරූ දෑවැන්ත පියවරක් වශයෙන් සැලකේ.

මෙම පාසල් ගොඩනැගිලි 500 සදහා රුපියල් මිලියන දහ දාහක් (10,000) වැය කර තිබේ. විවෘත කිරීමේ උත්සව 500ක් සංවිධානය කරමින් කළ හැකිව තිබූ මෙම කාර්ය ප්‍රචාරාත්මක වාසියක් ලබා නොගනිමින් ජාතියට දායාද කිරීම අධ්‍යාපන සංවර්ධනයේ මෙන්ම දේශපාලන සංස්කෘතියේ ද ආදර්ශමත් ඉදිරි පියවරකි.

අලුතින් ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500ය පවරා දීමේ සංකේතවත් උත්සවය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ සහභාගිත්වයෙන් කහතුඩුව, වෙනිවැල්කොළ ‘ශිෂ්‍යෝදා’ විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික අධ්‍යාපන ජාතික ආයතනයේ දී  සිදු කෙරුණි.

මෙම වැඩසටහන යටතේ පාසල් 9,064 කට ව්‍යාපෘති 18,000ක් ලබාදීමට සැලසුම් කොට ඇත. ඒ සදහා වැයවන මුදල රුපියල් මිලියන 65,000කි. ඒ අනුව පාසල්වලට ලබාදෙන භෞතික සම්පත් මෙසේය. පන්ති කාමර ගොඩනැගිලි, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, ද්විතියික විද්‍යාගාර, සෞන්දර්යය ඒකක, තාක්ෂණ ගොඩනැගිලි, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන, පරිගණක ඒකක, ශ්‍රවණාගාර, විශේෂ අධ්‍යාපන ඒකක, පුස්තකාල, පරිපාලන ඒකක, නිල නිවාස, ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම්, ජල පහසුකම්, විදුලිබල පහසුකම්, වතු පාසල් සංවර්ධන කටයුතු, නේවාසිකාගාර හා ගොඩනැගිලි අලුත්වැඩියාව එම භෞතික සම්පත්වලට අයත්ය.

මේ සියල්ලෙහිම අරමුණ ‘ගැණ නැණ බල සපිරි දරු පරපුරක් දැයට දායද කිරීම’ බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *