රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට ගත්තාට ජනමාධ්‍ය සංගම්වල විරෝධය.

ශ්‍රීලංකා රුපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය විරෝධය එල්ල කර තිබෙනවා.

මැතිවරණයක් ආසන්නයේ මෙවැනි පවරා ගැනීමක් සිදුකිරීම මගින් රට තුල බරපතල තත්වයක් නිර්මාණය විය හැකි බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මේ ආකාරයෙන් අමාත්‍යංශ පවරා ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි බවත් එම සංගම් අවධාරණය කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *