සන්නද්ධ හමුදාවක් ව්‍යාපාරවල යෙදීම පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක් – ඇවන්ගාර්ඞ් රැකියා අහිමි වූවන්ගේ සංවිධානය

රටක සන්නද්ධ හමුදාවක් ව්‍යාපාර කටයුතුවල යෙදීමෙන් වෙන්නෙ, ඒ ටේ සිවිල් පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක්. ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව තියෙන්නෙ රටේ පොදු මහජනතාවට. ඒ අවස්ථාව හමුදාවන් විසින් උදුරගන්නව නම් ඇත්තෙන්ම ඒක හොඳ කටයුත්තක් නෙමෙයි.

ඇවන්ගාර්ඞ් මැරිටයිම් සමාගමේ රැුකියා අහිමි වූවන්ගේ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, එම සමාගමේ සේවයේ නියුතුව සිටි විශ‍්‍රාමික රණවිරුවන් වන විශ‍්‍රාමික කමාන්ඩර් අනුර ආරියරත්න, ඇවන්ගාඞ් රැුකියා අහිමිවූවන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ විශ‍්‍රාමික මෙහෙයුම් කළමනාකාර, වාණිජ මෙහෙයුම් ලූතිතන් කර්නල් නිලන්ත ජයවීර, (ඇවන්ගාඞ් සමාගමේ මාධ්‍ය ප‍්‍රකාශක* යන මහත්වරුන් විසින් කරන ලද හෙළිදරව් කිරීම් ඇසුරින් මෙම ලිපිය සැකසිණ.

සමහරුන්ගෙ තර්කය වෙලා තියෙන්නෙ, විශ‍්‍රාම ගිය සොල්දාදුවන්ට රැුකියාවක් මොකටද? ඒ අයට විශ‍්‍රාම වැටුපක් හම්බවෙනව නේද? කියන එක. ඒක ඇත්ත. විශ‍්‍රාම වැටුපක් ලැබෙනව තමයි. පසුගිය දවසක පුවත්පත් වල පළවෙලා තිබුණා, මේ රටේ ප‍්‍රධාන පුරවැසියෙකුගෙ විශ‍්‍රාම වැටුප වශයෙන්, මෑතක්වන තුරුම ලැබුණෙ රුපියල් 25.000/- යි කියල. මේ රටේ ප‍්‍රධාන පුරවැසියෙකුගෙ විශ‍්‍රාම වැටුප මෑතක් වෙනතුරුම රුපියල් 25.000/- ක් නම්, අනෙක් අය ගැන මොන කතාද? හැම ප‍්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නෙ අතලොස්සක් කුහක අදහස් තියන, තමන්ගෙ මතය ඉස්මතු කරගන්න බලන දේශපාලඥයන් පිරිසක් නිසයි. ඔවුන් ඇවන්ගාඞ් සමාගම අහෝසි කරන්න ඉතා කුහක, නිහීන උත්සහයක නිරතවෙන බව අපි ඉතාමත්ම කණගාටුවෙන් ප‍්‍රකාශ කරන්න කැමතියි.

එදා මේ රණවිරුවන් තම ජීවිත පරදුවට තියල, තමන්ගෙ ¥ දරුවන් ගැන, ගේ දොර ගැන හිතන්නෙ නැතුව, ඒ කරපු කැපවීම නිසා තමයි අද ඇතැම් දේශපාලනඥයන්ට ඒ වගේ ප‍්‍රකාශ කරන්නවත් ඔවුන් ඉතුරුවෙලා ඉන්නෙ. මේ ටටේ කිසිම පුරුසියෙකුට තමන්ගෙ ජීවිත ආරක්‍ෂාව සඳහා සහතිකයක් තිබුණෙ නැහැ.

රටක සන්නද්ධ හමුදාවක් ව්‍යාපාර කටයුතුවල යෙදීමෙන් වෙන්නෙ, ඒ ටේ සිවිල් පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක්. ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව තියෙන්නෙ රටේ පොදු මහජනතාවට. ඒ අවස්ථාව හමුදාවන් විසින් උදුරගන්නව නම් ඇත්තෙන්ම ඒක හොඳ කටයුත්තක් නෙමෙයි. පහුගිය කාලෙ කොළඹ ඉඳන් යාපනේ සංචාරය කරන විට තමුන්නාසෙලා දකින්න ඇති, වව්නියාවෙ ඉඳල, කිළිනොච්චිය, එලිෆන්ට්පාස් පාස් කරල යාපනයට යනකම් පාර දෙපැත්තෙ කඩ තිබුණ. ඒ කඩවල, ඒ ව්‍යාපාරවල අයිතිකරුවන් සන්නද්ධ හමුදාව. යුද්දෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව යුද්දෙන් පස්සෙ බඩවියත රැුකගන්න ආදායමක් ලබාගන්නයි දිවුල් ගෙඩි ටිකක්, තල් හකුරු ටිකක් පාර අයිනෙ තියාගෙන ඒව විකුණල කීයක්හරි හොයගන්න උත්සහ කෙරුවෙ. ඒ පිරිසගෙ ඒ අවස්ථාව අහිමි වුණා. ඒ සමාජ අසාධාරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවා රජයට පෙන්නා දුන්නා. රජය ඒක පිළිගත්ත. ව්‍යාපාර කිරීමේ අයිතිය තිබියයුත්තේ රටේ සිවිල් මහජනතාවට.

අපි මීට පෙර කතාකරද්දි කිව්වා අපේ රැුකියා අහිමිවීමේ තර්ජනයක් තියනව කියල. දැන් අපේ රැුකියා අහිමිවෙලා ඉවරයි. ඒකට පළමුවන හේතුව තමයි මානසික ලෙඩකින් පෙළෙන ජනතා නියෝජිතයන් කිහිප දෙනෙක් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ, තමන්ගෙ උවමනාවම ඉෂ්ඨ කරගැනීමට ඇති කුහක ඕනකම. මහනුවර නෞකාවේ ප‍්‍රශ්නයක් තියනව කියල මාස 11 ක් තිස්සේ පරීක්‍ෂණ සිද්ධවෙනව. ලංකාවේ නීත්‍යානූකූලව පරීක්‍ෂණ කිරීමට බලය තිබන හැම ආයතයනක්ම මේකට සම්බන්ධ වුණා. ඒ හැම ආයතනයකින්ම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කෙරුව. සමහර ආයතන දෙතුන්සැරයක් පරීක්‍ෂණ කෙරුව. එහෙම පරීක්‍ෂණ කරල කිව්ව මේකෙ ප‍්‍රශ්නයක් නැහැ කියල. එහෙම වරදක් නැහැ කිව්වට මේ මානසික ලෙඞ්ඩුන්ට හිතට හොඳ නැහැ. ඒ මින්සුන්ට ඕනැ. කවුරු හෝ කෙනෙක් මේක වැරදියි කියල කියනකල් මේ පරීක්‍ෂණ දිගටම කරන්න. එහෙම වැරැුද්දක් තිබුණ නම්, විනයගරුක හමුදාවකින් විශාමගිය පිරිසක් හැටියට අපි ඒ වැරැුද්ද පිළිගන්නව. නමුත් එහෙම කිසිම කෙනෙකුට මේකෙ වැරැුද්දක් කියන්න නැහැ. මේ ආයතනයෙ මෙහෙයුම් සිද්ධ වුණේ කොහොමද කියල, මේ ආයතනයෙ මුලසිටම වැඩ කරපු අපි දන්නව. ඒ ලෙඞ්ඩුන්ගෙ ලෙඬේ හොඳකරගන්නකම්, අපිට සහනයක් ලැබෙයිද කියන සැකය තියනව. ඒ අයටත්, මේක පැහැදිලිකර ගැනීමට අවශ්‍ය අයටත් යම් සහයක් ලබා දෙන්න මාධ්‍යයට පුළුවන්.

පාවෙන අවි ගබඩාවක් කියන එක අපේ රටට අලූත් දෙයක්. නමුත් මෙය ලෝකයට අලූත් දෙයක් නෙමෙයි. අපි පාවෙන අවි ගබඩාවක් පටන් ගන්නකොට, ලෝකයෙ තව පාවෙන අවි ගබඩා 25 ක්, 30 ක් තිබුණ. ඒ වගේ අවස්ථාවක තමයි අපි අවි ගබඩාවක් පටන් ගත්තෙ. ලංකාවෙ පාවෙන අවි ගබඩාවක් තිබීමේ ප‍්‍රශ්නය හැමදාම කතා කරන්නෙ මේ කතාකරන ටිකදෙනාම තමයි. ඔවුන් දේශපාලඥයන් අතරෙත්, නිලධාරින් අතරෙත් භයංකාර චිත‍්‍රයක් මැවුවා. ඒ කීපදෙනාගෙ මැවීම තමයි මේ පිරිසට රැුකියාව නැතිවීමට හේතුව වුණේ. අපි පාවෙන ගබඩාවක් ගාල්ලෙ පටන්ගන්න ඉස්සරවෙලා, තව පාවෙන අවි ගබඩා ගාල්ලෙ තිබ්බා. ඒ පාවෙන අවි ගබඩාවල අයිතියක් ලංකාවට තිබුණෙ නැහැ. පිටරටවල සමාගම් ගාල්ලට ඈත ජාත්‍යන්තර මුහුදෙ මේ අවි ගබඩා පවත්වාගෙන ගියා. ඒක ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්. අපි අපේ රටට තිබුණු තර්ජනයක් මැඩපවත්වල, ඒ කටයුත්ත පිළිවෙලකට කරන්න අවශ්‍ය නිසා තමයි, අපිට ගාල්ල අවට මුහුදෙ පාවෙන අවි ගබඩාවක්, ජාතික හා ජාත්‍යන්තර නීති රීති වලට යටත්ව, ලංකාවෙ නාවික හමුදාවෙ ඍජු අධීක්‍ෂණය යටතෙ, ආරක්‍ෂක අමාත්‍යංශ්‍යට සම්බන්ධ රත්නාලංකා සමාගමේ ඍජු අධීක්‍ෂණය යටතෙත් පවත්වාගෙන යන්න අවසර දීල තිබුණෙ. ලංකාවේ සියලූම නීති රීති වලට යටත්ව එයට අවශ්‍ය අවසරය ලැබිල තිබුණ.

අපිට හිතාගන්න බැහැ මොකද වුණේ කියල. අවුරුදු 3 – 4 ක් මේක පවත්වාගෙන ගියා. එක්වරම කිහිපදෙනෙක් කියන්න පටන්ගත්ත මේක නීති විරෝධියි කියල, දිගින් දිගටම මේක නීති විරෝධියි කියල කිව්ව, හැමෝම මේක නීති විරෝධියි කියන තැනට මේක පත්කෙරුව. නීති විරෝධියි කියල කිව්වට, කාටවත් ඒක ඔප්පුකරන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. ජනමාධ්‍යවල, රැුස්වීම්වල මේ හැමතැනකදිම මේ ගැන කතා කෙරුව. මේක වැරදියි, හොරු හොරු කියල කතා කෙරුවත්, කාටවත් මේක වැරදියි කියල ඔප්පු කරන්න කාටවත් පුළුවන්කමක් ලැබිල නැහැ. ඒ තත්ත්වය යටතෙ මේක පවරගත්ත. පවරගත්ත නෙමෙයි මංකොල්ල කෑව කිව්වොත් වඩාත් නිවැරදියි. එහෙම කරන්න හේතුව මොකක්ද? කියල සාධාරණ ප‍්‍රශ්නයක් අපිට තියනව. මේක පවර ගත්ත අයගෙන් අපි අහනව මොකක්ද ඒ සාධාරණ හේතුව කියල. සාධාරණ හේතුවක් පෙන්නල දුන්නොත්, විශ‍්‍රාමික රණවිරුවන් හැටියට අපි ඒක පිළිගන්නත් සූදානම්.

මේ නෞකාවලට ආරක්‍ෂක අමාත්‍යංශය සියලූම නීති රීති වලට යටත්ව ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යංශය අවසර දීල තිබුණ. ඒ අනුව මේක පවත්වාගෙන යන්න අවසර දුන්නෙ ආරක්‍ෂක අමාත්‍යාංශය. නාවික හමුදාවේ අවශ්‍යතාවයට මේක බලහත්කාරයෙන් පවර ගත්ත. මේ රටේ නීතිය ආරක්‍ෂා කරගන්න කැපවෙච්ච පිරිසක් විදිහට අපි හිතනව මේ රටේ නීතිය කාටත් සාධාරණ වියයුතුයි කියල. ඒත් මොකක්ද මේ වෙන්නෙ. ‘මෙහෙම නීතියක් තියනවද?’ කියන සාධාරණ ප‍්‍රශ්නයක් අපිට තියනව. මේක ගත්තෙ මොන පදනමක් මතද? මොකක්ද ඒ නීතිය කියන සාධාරණ ප‍්‍රශ්නය අපිට එනව. අපි ඒක ප‍්‍රශ්න කරනව. පළමුවන එක තමයි මේ රටේ නීතියක් තියනවද? නැද්ද? කියන ප‍්‍රශ්නය. දෙවෙනි එක තමයි මේ විශ‍්‍රාමික සොල්දාදුවන්ගෙ රැුකියා අහිමිවීමේ ප‍්‍රශ්නය. ඒක දැන ගැනීමට අපට අවශ්‍යයි. අපි මේ රටේ නීතිය, සාමය පවත්වාගෙන යාමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු පිරිසක් නිසා.

මේ සම්බන්ධයෙන් හැම තැනකටම අපි කරුණු ඉදිරිපත් කරල තියනව. නමුත්, මේ පිළිබඳව සාධාරණ තීන්දුවක් ගන්න පුළුවන් කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නෙ නෑ. සම්බන්ධ වෙන්න නැත්තෙ, මම මුලින් කියපු විදිහට කීපදෙනෙක්ගෙ අවශ්‍යතාවයට මේක යටවෙලා තියන නිසා. අපි කාරුණිකව ඉල්ලා සිටිනව, මේ සම්බන්ධයෙන් තීන්දු ගන්න පුලූවන් ඉහළ සිට පහළ දක්වා බලධාරීන්ගෙන්, තමන්ගේ පෞද්ගලික වාසි ගැන බලන්නෙ නැතුව මධ්‍යස්ථව හිතල, අපිට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ලබල දෙන්න කියල ඉල්ලනව.

ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමට එල්ල කරල තියන චෝදනා අපි එකින් එක අරගෙන බලමු .

  1. මේක නීති විරෝධි සමාගමක් කියල කිව්ව – නීති විරෝධි සමාගමක් නම්, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිල කටයුතු කරගෙන යන්න ලැබුණෙ කොහොමද?
  2. මේක ගිය ආණ්ඩුවෙන් නීති විරෝධි ලෙස අවසර ලබා දුන්න ආයතනයක් කියල කිව්ව. – ගිය ආණ්ඩුවෙන් වැරදි දෙයක් කරල තිබුණ නම්, මේ ආණ්ඩුවට තිබුණ ඒක වෙනස් කරන්න. නාවික හමුදාව 13 වන සිකුරාදා කඩාපැනල, අපේ තිබුණ අවි බලහත්කාරයෙන් පැහැරගෙන යනකල්, අපි කරපු හැම මෙහෙයුමකටම ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබිල තිබුණ. එළියට යන හා ඇතුළෙ තියන හැම අවි කට්ටලයකටම ආරක්‍ෂාව ලබල දුනනෙ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව. මේ වෙනුවෙන් අපි ගෙවීම් පවා කරල තියනව. එහෙනම් නාවික හමුදාව නීති විරෝ්ධි දෙයකට ආරක්‍ෂාව ලබල දුන්නෙ ඇයි? ආරක්‍ෂක අමාත්‍යාංශය අවසරය දුන්නෙ ඇයි?
  3. ඔක්තෝම්බර් මාසෙ 20 වෙනිදා, ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත රත්නාලංකා සමගම සහ ඇවන්ගාඞ් මැරිටයිම් සමාගම අතර ගිවිසුමක් අත්සන් කරන්නට යෙදුන. (ගිවිසුම පෙන්වමින්* මේකෙ තියනව, මේ වන විට ක‍්‍රියාත්මක වන ගිවිසුම් මින් ඉදිරියටත් ක‍්‍රියාත්මක වන බවටත්, මේ වනවිට ක‍්‍රියාත්මක වීමට තිබෙන තවත් ව්‍යාපෘති දෙකක් ක‍්‍රියාත්මක කිරීමට ඉඩ තියන බවටත්, ඒකක් තමයි මහනුවර නැවේ අවි ගබඩාව. ඒක නාමිකවම මෙහි තියනව. මීට අවුරුදු 3 කට ඉහතදි නාවික හමුදාවෙ ඉහළ නිලධාරියෙක් තමයි මේකට අත්සන් කෙරුවෙ.

මේ කටයුත්ත කරගෙන යාමට පෙර ලංකාව අවට මුහුදු තීරයෙ පාවෙන අවි ගබඩා ක‍්‍රියාත්මක වුණා. ඒ ක‍්‍රියාත්මක වීම නවත්වන්න මේ රටේ නාවික හමුදාවට යන්න බැහැ. එහෙම වුණොත් පිටරටක ජාතික කොඩිය සහිත නැවක් පරික්‍ෂා කිරීමක් වෙනව. ඒ නිසා ඒකට තිබුණු එකම විකල්පය තමයි ශ‍්‍රී ලංකා මුහුදු තීරයට ඔබ්බෙන් මේ ප‍්‍රදේශය ආවරණය වන විදිහට කිසියම් හෝ ආයතනයක් විසින් පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම. අපිට ඒ සඳහා ආරාධනා කෙරුවෙ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන්, රත්නාලංකා ආයතනයෙන්. ඒ වනවිටත් ඇවන්ගාඞ් සමාගම අරාබි මුහුදෙ පාවෙන අවි ගබඩාවන් 2 ක් හොඳින් ක‍්‍රියාත්මක කර තිබුණ නිසා තමයි එහෙම ආරාධනා කෙරුවෙ. අපි දිගටම අපේ කටයුතු ඒ විදිහට ක‍්‍රියාත්මක කෙරුව නම් අද ජාත්‍යන්තර කීර්තිය දිනාගත්ත සමාගමක්. අපි මේකට සම්බන්ධ වුනේ අපේ රටට උදව් කරන්න. අපේ රටට උදව්කරන්න එන හැමෝටම වෙන්නෙ මේන්න මේ වගේ දේවල්.

සකස්කළේ මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *