පෙරටුගාමි අපේක්ෂකයා දුමින්ද නාගමුව‍

මේ මැතිවරණයේදී අපිත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනව. අපේ ආදරණීය දුමින්ද නාගමුව සහෝදරයා මේ සමාජවාදි වැඩ පිළිවෙල ඔබ හමුවේ තබන අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා, යනුවෙන් පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අද කොළඹ නව නගර ශාලාවේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැස්වීමකදී ය. එහිදී රැස්වසිටි පිරිස අමතමින් පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. ගෝඨාභයට තිබුණෙ තරාදියෙ පැති දෙකයි. ඇමරිකානු පුරවැසිකම ද? ජනාධිපතිකම ද? මහින්ද රාජපක්ෂගෙන් අනුමැතිය ආවට පස්සෙ තමයි ඇමරිකානු පුරවැසිකම අයින් කළේ.

සජිත් කියනව මම කොහොම හරි එනව කියල. රනිල් කියනව මම එනව කියල. මේ ප්‍රශ්නය විසඳිලා කවුරුහරි එයි. ඒ ගොල්ල මේ අවුරුදු හතර හමාරක රට පාලනය කරපු විදිහ අපි දන්නව.

මේ මැතිවරණයේදී අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා සමාජවාදී අපේක්ෂකයා ලෙස නම් කරන්න කැමතියි.

මනෝජ් රූපසිංහ  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *