2005 ඡන්ද වර්ජනය ගැන සුමන්දිරන් කනගාටුව ප්‍රකාශ කරයි

2005 දී උතුරු නැගෙනහිර දෙමළ ජනයා ඡන්ද වර්ජනයක යෙදීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා එම ජනාධිපතිවරණයෙන් පරාජය වුණු බවත්, එය කනගාටුදායක සිදුවීමක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය. දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් එලෙස අහිමි වු බවත්, නැවතත් ඒ සඳහා උත්සාහයක් දැරිය යුතු බවත් මන්ත්‍රීවරයා කීය.

සුමන්දිරන් මන්ත්‍රිවරයා මෙම ප්‍රකාශය කළේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය යාපනයේ දී විවෘතකිරීමේ අවස්ථාවට එක්වෙමිනි. අගමැතිතුමා මෙන්ම මුදල් ඇමති මංගල සමරවීර මහතා ද මේ රටේ සුළුතර ජනයාගේ ප්‍රශ්න පිළිගැනීමේ ස්ථාවරයේ දිගටම සිටි බව ද මන්ත්‍රී වරයා වැඩිදුරටත් පැවසීය.

“උතුරේ ආර්ථික පිබිදීමක් අපට දැන් දකින්නට ලැබී තිබෙනවා. එසේ වුවද උතුරේ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ද සපුරාගත යුතුව තිබෙනවා” යි ද සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *