රනිල් සජිත් සාකච්ඡාව හෙටත් නෑ?

එකසත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන කතාකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා මුහුණට මුහුණ හමුවීම හෙට දිනයේ දී ද සිදු නොවනු ඇතැයි වාර්තා වෙයි.

මෙම හමුව ඊයේ (ඉරිදා)ට යොදාගෙන තිබුණද එදින අපහසු බව කියමින් සජිත් ප්‍රේමදාස මහතා අගහරුවාදා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත. එසේ වුවද වික්‍රමසිංහ මහතා ඒ සඳහා අවස්ථාවක් මෙතෙක් ලබා දී නැති බව දැනගන්නට ඇත. ඒ අනුව හෙට (අඟහරුවාදා) දිනයේ දී මෙම හමුවීම සිදු නොවන බව කියති.

මේ අතර දෙදෙනා පමණක් හමුවීමට යෝජනා වී තිබුණ ද සජිත් ප්‍රේමදාස මහතා විශාල පිරිසක් කැටුව අරියගහ මන්දිරයට ගොස් එය වටලා සිටීමට සූදානම් වන බවට ද ආරංචි පැතිර ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *