ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලන සජිත් පිලේ ලිපියට අත්සන් මදිවෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්සනින් පක්ෂ නායකයාට භාරදීමට සැලසුම් කළ ලිපියට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් නොලැබීම නිසා එය බාරදීමට නොහැකි වී ඇති බව වාර්තාවෙයි. සජිත් පිලේ බලාපොරොත්තුව වුයේ මන්ත්‍රී කණ්ඩායමේ තුනෙන් දෙකක අත්සන් මේ සඳහා ලබාගැනීමටයි. එසේ වුවද හරි අඩකගේ අත්සන්වත් මේ වනතෙක් ලබාගත හැකීවී නැතැයි කියති.

මේ අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමත් සමග මුලින් ඉහත කී ලිපියට අත්සන් කළ අය ද තම අත්සන් ඉවත් කර ගැනීමට ඉදිරිපත් වී ඇති බව ද දැනගන්නට ඇත. තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත්තේ තමන්ට නොයෙකුත් තර්ජන කරමින් ලිපියට අත්සන් කරන ලෙස බලකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *