පොහොට්ටුව මෝදිගෙ පක්ෂයේ ලාංඡනයයි – එම ලකුණින් බෑ – දයාසිරි ජයසේකර

“කවදාවත් ප්‍රධාන පක්ෂ සන්ධාන ගතවෙනකොට තමන්ගෙ ලාංඡනයෙන් ගියේ නෑ. අනෙක් පක්ෂවලට අසාධාරණයක් වෙයි කියල. 1994 ආණ්ඩුව හදනකොට අපි ගත්තෙ ‘පුටුව’. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ගන්න තිබුණත් අපි එහෙම කෙරුවෙ නෑ. මහින්ද රාජපක්ෂ යුද්දයෙන් දිනල ඉන්නකොට 2010 එතුමට කියන්න තිබුණා අපි ‘අතෙන්’ යන්න ඕන කියල කියන්න. එතුමා එහෙම කළේ නෑ. එතුමා කළේ ‘බුලත් කොළේ’ පාවිච්චි කරල සියලු දෙනා එකට එකතුකර ගත්තා. දැන් ප්‍රබල පක්ෂය විදිහට අපිට පේන්නේ, (පහුගිය කාලෙ. ඊළඟට බලන්න ඕනෙ ලොකුද පොඩිද කියලා) ‘පොහොට්ටුව’. අපි කියන්නෙ ‘පොහොට්ටුව’ වෙනුවට ඕනෑම ලාංඡනයක් අපි ගම්මු.” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒසේ ප්‍රකාශ කළේ (9) දා හෙට්ටිපොල පැවති රැස්වීමක දී ය.

එහි දී තවදුරටත් කතා කළ ඒ මහතා, ‍ඔය ‘පොහොට්ටුවට’ ඡන්දය දෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඡන්දය ඉල්ලන්න බෑ ගමට ගිහිල්ලා. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඒ වගේම පොහොට්ටුවෙ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයෙ ‘අතට’ ඡන්දය දෙන්න කියලත් කියන්න බෑ. අපි දෙගොල්ලම එකතුවෙලා මොකක්හරි ලාංඡනයක් දාමු.

නැගෙන හිර මුස්ලිම් ජනතාවත් එක්ක කතා කරපුවාම කියන්නෙ ‘පොහොට්ටුව’ ගේන්න එපා කියල. මොකද ‘පොහොට්ටුව’ ගෙනාපුවාම අපිට තේරෙන්නෙ ඉන්දියාවේ මොදි මහත්තයගෛ ලාංඡනය කියල. මොකද ඉන්දියාවේ 14%ක් වන මුස්ලිම්වරුන්ගෙන් එක්කෙනෙක්වත් ආවේ නෑ මෝදි මහත්තයාගෙ පක්ෂයෙන්. මුස්ලිම් ජනතාව කල්පනා කරනවා, ‘පොහොට්ටුව’ කියන්නෙ මෝදි මහත්තයාගෙ ලාංඡනෙ. මෝදි කියන්නේ අන්ත හින්දුවාදියෙක්. ඒක ලංකාවටත් බලපායිද ජාතිවාදි ලෙස කියල.

අපිට ඔක්කොම ඡන්ද ඕන සිංහල ඡන්ද විතරක් නෙවෙයි. දෙමළ ඡන්දත් ඕනෙ. මුස්ලිම් ඡන්දත් ඕනෙ. සියලු දෙනාම ඡන්දය දෙන්නෙ එක ජනාධිපති කෙනෙකුට. එතුමා දැනගන්න ඕනෙ අන්තවාදි නොවී තමන්ට එකතුකරගන්න පුළුවන් හැමකෙනෙක්ම එකතුකරගෙන යන්න. මේ නිසා තමයි අපි කිව්වෙ මේ ලාංඡනය වෙනස් කරගෙන අපි සංධානයක් හදාගෙන ඉස්සරහට යමු කිසි ගැටළුවවක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *