|

මාලදිවයින් ගමනින් පසු රනිල්ගේ මෙහෙයුම ; ඇමෙරිකානුවන්ගේ මෙරට වැඩ කිඩ !

පසුගිය සදුදා අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නිල චාරිකාවක් සදහා මාලදිවයින බලා පිටත් විය. එහිදී එරට නායකයින් සමග ද්වීපාර්ශවික සාකච්ඡා සාර්ථකව නිම කල අගැතිවරයාට අනතුරුව එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ කතාවක් කිරීමටද ආරාධනා ලැබිණ. වජිර අබේවර්ධන, රවුෆ් හකීම් , දයා ගමගේ හා අනෝමා ගමගේ ඇතුළු මැති ඇමතිවරුද එම නිල දූත පිරිසට අයත් විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාල ඉදිරිපත්ව තිබූ පෙත්සමේ තීන්දුව ලැබුණේද එම ඡන්දය ඔක්තෝම්බර් 11 දාට නියම ව බවද අගමැතිවරයාට අරලිය ගහ මැදුරෙන් දැන්වූයේ     මාල දිවයිනේ සංචාරය අතරය. එහිදී ඇමති වජිර සමග මෙන්ම සෙසු ඇමතිවරු සමගද කතා කල අගමැතිවරයා දුරකථන හරහා බෙන්තර – ඇල්පිටිය එජාප සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක සමගද ඊට අදාලව කතා කලේය.

“මේ ඡන්දය ඉතා වැදගත් එකක්. අපි පක්ෂයක් ලෙස එකමුතු වෙලා ඊට මුහුණ දෙමු. මේක අපට ජය ගන්න පුලුවන්. මම ලංකාවට ආ විගස පක්ෂයේ සියලු දෙනා හමුවෙලා කතා කරලා වැඩ පිළිවෙලක් හදමු. එතකම් ගයන්ත අවශ්‍ය කරන මුලික කටයුතු ටික කරන්න.කබීර් අකිල කිරිඇල්ල වගේ අය එක්ක කතා කරන්න.” අගමැතිවරයා ගයන්තට උපදෙස් දුන්නේය.

බදාදා සියරට පැමිණි අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තුවට ගියේ අගමැතිගෙන් සාජු ප්‍රශ්න ඇසීමේ අවස්ථාවට එක්වීමටය.

“මේ වසර අග ජනාධිපතිවරණය නිසා අයවැයකින් ගේන්නේ නෑ.ඒ කාලයට පරිපූරක ඇස්තමේන්තු ගේනවා” අගමැති කීවේ ජවිපෙ බිමල් රත්නායක විමසු පැනයකට පිළිතුරු ලෙසය.

බ්‍රහස්පතින්දා උදයේ ජපාන තානාපති අරලිය ගහ මැදුරට පැමිණි අතර ශ්‍රී ලංකාව ජපානය හා ඉන්දියාව එක්ව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දියුණු කල හැකි අයුරු ගැන එහිදී  අවධානය යොමු කෙරිණි.

“රාජපක්ෂ ආන්ඩුව අපේ හමුදා මූලස්ථාන කොළඹ හදවත වගේ ඉඩම හා තව අක්කර 15,000 ක් පිටරටට සින්නක්කර දීලා තියෙනවා. ඒත් අපි කිසිදා ඒක කරන්නේ නැහැ. පෝර්ට් සිටිඑකයි හම්බන්තොට වරායයි වගේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ලංකාවටත් අයිතිය ලැබෙන ලෙස බදු ක්‍රමයට විතරයි අපි යන්නේ” අගමැතිවරයා තානාපතිවරයාට පැහැදිලි කළේය.

අනතුරුව පැමිණ සිටි මැති ඇමතිවරු සමඟද අගමැතිවරයා කතාබහ කළේය.

“අපි දැන් වාද භේද පැත්තක තියලා ඇල්පිටිය ඡන්දය දිනන්න කැපවෙන්න ඕනෑ. ඒක ගහල ගියොත් ජනාධිපතිවරණයටත් ඒක නරක විදියට බල පානවා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කලහ.

“ඇල්පිටිය ප්‍රතිඵලය ආණ්ඩුවට ඉතා වැදගත්. ඒත් එජාපයට පොහොට්ටුවට ශ්‍රීලනිපයට හෝ ජවිපෙට විශේෂයෙන් වාසි තැනක මේ වගේ ප්‍රාදේශීය ඡන්දයක් තිබුණම වාසි පැත්තට වාසි වේවි. ඒක ජනාධිපතිවරණයට සෘජු බලපෑමක් වෙනවා කියලා හිතන්න නරකයි.ඒත් ඇල්පිටිය එකමුතු වෙලා ජය ගැනීම එජාපයේ සියලු දෙනාගේ වගකීමයි. ආණ්ඩුවක් තියාගෙන ප්‍රාදේශීය සභාවක් දිනාගන්න බැරිනම් මේක ආණ්ඩුවක්ද  ” උතුරු මැද හිටපු එජාප මහ ඇමති මහින්ද සෝම මහතාගේ පුත්‍රයා වන අනුරාධපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චන්දිම ගමගේ කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අනුමත කලේ කොක්හඩලමිනි.

“ ශ්‍රීලනිප සංවත්සරයේදී ජනාධිපතිතුමා දෙපැත්තටම වනල අමුතු කතාවක් කලේ. ”  චමින්ද විජේසිරි කීවේය.

“ ඊළග ජනපතිට බලයක් නෑ කියල එතුමා කිව්වෙ ගෝඨාභය ඉලක්ක කරල වෙන්න පුළුවන්. මෛත්‍රීට ඒ තනතුරට යලිත් පත්වෙන්න බැරිකමට හිතේ දුකට කියපු කිවියක්ය කියලත් සමහරු අර්ථ දක්වනවා. එදා සමුළුවේ පරස්පර කතා ඒ කථිකයො කලේ. සමහරු ජනාධිපතිතුමාගෙ කතාවට පස්සෙ දොස් කියලත් තියෙනවා. ශ්‍රීලනිපය දෙකඩ වෙලා පොහොට්ටුව හැදුනා. දැන් ඉතිරි ශ්‍රීලනිපයටත් යලි දෙකඩ වෙන එක ස්ථිරයි.  ” චමින්ද ගමගේ කීවිට සියලු දෙනා එය අනුමත කලහ.

   “ එජාප පිරිසක් අපේක්ෂක ප්‍රශ්නය පාරට ගෙනිච්චා. සාකච්ඡාව සම්මුතිය හොදම විසදුමයි. නැත්නම් කෘත්‍යාධිකාරිය හා පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් තියල ඡන්දයකට යාම හොදම ක්‍රමයයි. එතකොට දිනන කෙනාට චාන්ස් එක යනවා. ඇල්පිටියේ අභියෝගය මුලින්ම බාරගන්න කෙනාට ජනතාවගෙන් ලොකු ප්‍රසාදයක් ලැබේවි. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ ඇල්පිටිය හා ජනපතිවරණ මැද සමහරු එජාප මන්ත්‍රීලට හා ඒ ගෙවල් වලට කතා කරල බලපෑම් කරන බවට නායකතුමාට පැමිණිලි ලැබිල තියෙනවා. ” එජාප නීති උපදේශකයෙක් කීවේ එවැන්නකි.

“සජිත් ඇතුළු පිරිස රටපුරා කරන රැස්වීම් මාලාව පක්ෂයට වාසියි. නිදාගෙන හිටපු එජාප අය නැගිටට්ටවලා ගන්න ඒ රැස්වීම් සමත් වුණා. ” හේෂා විතානගේ කීය.

“ කැලණි විහාරේ අගමැතිතුමාගේ පරම්පරාව බලපු විහාරයක්. එකේ දායක සභාවෙන් ඔබතුමා ඉවත් කලා කියන කතාව මොකද්ද ” මහාචාර්ය ආශු මාරසිංහ සෘජුව ප්‍රශ්න කළේ අගමැතිගෙනි.

“එහෙම දෙයක් මම දන්නෙත් නෑ. මට දන්වලත් නෑ. මම නොවැම්බර් වල කොහොමත් ඉවත් වෙන්න හිටියේ. මේ වැඩ නිසා දායක සභාවත් බෙදිලා.පෙරහැරත් අනතුරට ලක්වෙනවා. මට කණගාටුව ඒකයි.” අගමැති කීවේය.

“ඔය විහාරේ හිමිවරුන්ට විරුද්ධව විශාල චෝදනා තියෙනවලු. ඒවා විභාග කරලා නිදොස්වීම හොඳ බවයි අගමැතිතුමාගෙ මතය වෙන්නේ”චමින්ද විජේසිරි කීය

“එජාපෙ අපේක්ෂකත්ව ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගැනීම අත්‍යවශ්‍යයි. අගමැතිතුමා හා සජිත් ඇමතිතුමා අතර විශ්වාසනීයත්වය තහවුරු කරන අතරමැදි සාකච්ඡාවක් අවශ්‍යයි. ඒකට දේශපාලන පිල් වල නැති මධ්‍යස්ථ අය සම්බන්ධ කරගැනීම වටිනවා. දෙදෙනා අතර එහෙම ඇතිවෙන විශ්වාසනීයත්වය කරු රවී ෆොන්සේකා  නවීන් මංගල කබීර් මද්දුම බණ්ඩාර වගේ ප්‍රබලයන් අතරත් විසුරුවා හරින වැඩපිළිවෙලකට ඉක්මණින් යන්න ඕනෑ.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහයට අගමැති ඇතුලු කාගෙත් එකඟත්වය පල විය.

“ වීරවංශ දිගට හරහට ඇමෙරිකාවට ගහනවා. ඇමෙරිකන් අයට මේ රටේ ඕන පිස්සුවක් නන්න පුළුවන් බවට ඊයේ ටී.වී එකෙන් බෙරිහන් දුන්නා. වීරවංශ කියන කතාව ඇත්ත. ඇමෙරිකානු පුරවැසියන්ට මේ රටේ ජනාධිපතිවරණයට ඉල්ලන්නත් පුළුවන්. ගෝඨාභයට වෙන්න ඕන වීරවංශ මේ බැට දෙන්නේ. ” චමින්ද වජේසිරි කිවේ කාගේත් සිනා මැදය.

“ ගෝඨාභය ආරක්ෂක ලේකම් විදියට ඒ කාලෙ කරපු වැඩවල හැටියට ජනාධිපති වුණාම කරන වැඩ ගැන හිතාගන්නත් බෑ කියල මහින්ද මහත්තයම ලගදි හොද කතාවක් කිව්වා. ආරක්ෂක ලේකම් වෙලා ගිනි තියපුව මරපුව අතුරුදහන් කරපුව ජනතා මුදල් අවභාවිතා කරපු හැටි මතක් වෙලා මෙයා ජනාධිපති වුණොත් ඒව කොහොම කරාවිද කියල හිතල මහින්ද මහත්තයා එහෙම කිව්වා වෙන්න ඕන ” චන්දිම ගමගේ කීවේ කාගේත් සිනා මැදය.

“බෝරා සමුලුව ලංකාවේ පැවැත්වීම රටේ ආර්ථිකයට ඩොලර් දස ලක්ෂ 50ක ප්‍රතිලාභ ලැබෙන හා අපේ රටේ ආරක්ෂාව හා සංචාරක ව්‍යාපාරය ගැන ලෝකයටම සහතිකයක් දීපු වැදගත් අවස්ථාවක්. සමහරු මේකට විරුද්ධවත් උද්ඝෝෂණ කරන පහත් තත්වයට යන්න හැදුවා. උසාවියට පිං සිද්ද වෙන්න ඒවා වැලකුණා” දිනේෂ් වීරක්කොඩි කී විට සියලු දෙනාම එය අනුමත කළහ.         

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *