පක්ෂ 12කින් දැනට ජනපති අපේක්ෂකයන් ; පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ස්වාධීනව

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ 12 කින් සිය අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසමට ඊයේ (06) වන විට දැනුම් දී තිබුණු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකුද ස්වාධීනව ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බව දැනුම් දී ඇතැයිද ඔහු පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණයේ පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂවලින් කළ ඉල්ලීමකට අනුව එම පක්ෂ විසින් මේ දැනුම් දීම කොමිසමට කර ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *