රනිල්ට එරෙහිව දෙන්න සාක්ෂි කිසිවක් අපට නෑ. මලික්, කබීර් අමැතිවරු කියති

රනිල් වික්‍රමසිංහ මහතා හා රවී කරුණානායක මහතා බැඳුම්කර මගඩියට සම්බන්ධ බවට සජිත් පිලට සම්බන්ධ ඇමතිවරුන්ගෙන් සාක්ෂි ලබාගෙන ඒ දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ගැන පළ වු වාර්තා අසත්‍ය බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව මලික් සමරවික්‍රම හා කබීර් හකීම් ඇමතිවරුන්ගෙන්  එජාප පන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ප්‍රශ්න කළ විට ඔවුන් පවසා ඇත්තේ එලෙස අලුතින් ලබාදීමට කිසිදු සාක්ෂියක් තමන්ට නැති බව හා තමන් දන්නා සියලු දේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළ බවයි.

බැදුම්කර සිදුවීම ගැන දිගින් දිගටම යන ප්‍රචාර හිතාමතා ගොතන ලද මඩ ගැසීම් මිස සත්‍ය තොරතුරු නොවන බවත් බොහෝ විට හිතේ මවාගත් දේ සත්‍ය සිදුවීම් ලෙස වාර්තා කරන බවත් සජිත් පිලේ ඇමැතිවරුන් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *