පළාත් සභා මැතිවරණ නැති ක‍ළේ ජනාධිපතිගේ කුමන්ත්‍රණයෙන්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලු වැරදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැටවීමට හැදුවද එයට ඇත්තටම වගකිව යුත්තේ ජනාධිපතිතුමාත්, හිටපු පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මැතිතුමාත් බව ඒජාප දේශපාලන අංශ ප්‍රකාශ කරයි.

සීමා නීර්ණ කටයුතු දිගින් දිගටම අවුල් කළ ෆයිසර් මුස්තාපා ඇමතිවරයා ජනාධිපතිවරයාගේ වුවමනාවට අනුව ක්‍රියාකරමින් පළාත් සභා කල් දැමීමට ක්‍රියා කළේය. අවසානයේ ගෙනා සීමා නීර්ණ යෝජනාවට එරෙහිව අමැතිවරයා පවා ඡන්දය ප්‍රකාශ කළේ එය එතරම් අවුල්ව තිබූ  නිසාය. ඇත්තටම සිදුවුණේ, එම කටයුතු වුවමනාවෙන්ම අවුල් කොට පළාත් සභා ඡන්දය කල් දැමීමයි.

පසුව එම වාර්තාව සංශෝධනය සඳහා අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර ජනාධිපතිගේ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය හා පසුව පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග ඒම කමිටුව අහෝසි විය.

ඒලෙස අහෝසි වු කමිටුවකින් වාර්තා දීමක් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ නොවන අතර එබඳු වාර්තාවක් නිත්‍යනුකූල වන්නේ ද නැත. එලෙස නීතිමය වශයෙන් අර්බුදයක නිර්මාණය වුයේ ද ජනාධිපතිගේ කුමන්ත්‍රණය හේතුවෙනි.

කුමන්ත්‍රණය ව්‍යර්ථ වීමෙන් පසුව මෙම ප්‍රතිශතය විසඳීමේ මාර්ග සොයා බලන විට සියලුම දේශපාලන පක්ෂවල මතය වුයේ මහජනයා දැන් බලාපොරොත්තු වන්නේ පළාත් සභා මැතිවරණය නොව ජනාධිපතිවරණය බවයි.   

ජනාධිපතිවරයා ද කල් මරමින් සිට ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවේ මෑතකදීය.

මෙලෙස පළාත් සභා මැතිවරණය දිගින් දිගට කල් දමමින් එය අවුල් ජාලයක් කළ ජනාධිපතිවරයා දැන් එම වරද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිට පැටවීමට උත්සාහ දැරීම විහිළුවක් බව ඒජාප දේශපාලඥයන් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *