හැමෝම එකතු කරගෙන ඇල්පිටිය ඡන්දයට ලෑස්තිවෙන්න ; අගමැති රනිල් ගයන්තට කියයි

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය ජයගැනීම ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණයට ඉතා වැදගත් බවත් එයට පක්ෂයේ සියලු දෙනා සමග කතා කොට මූලික වැඩකටයුතු අරඹන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක ඇමතිවරයාට උපදෙස් දී ඇත. සජිත්, අකිල, කබීර්, කිරිඇල්ල ආදී පක්ෂයේ ප්‍රධානීන් සියලු දෙනා සමග කතා කර උපදෙස් ලබාගන්නා ලෙස වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත.

එජාප ය එක්සත්ව උත්සාහ කළහොත් ඇල්පිටිය ඡන්දය ජයගෙන ජනාධිපතිවරණයට ද ශක්තිමත් පදනමක් දමා ගත හැකි බව අගමැතිතුමා පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *