අඩුම බදු අයකිරීමෙන් ලංකාව ලෝක වාර්තා අතරට – “අර්නස්ට් ඇන්ඩ් යන්ග්” අධ්‍යයනයකින් කියයි

2016 අයවැය මගින් නියම කොට ඇති සියයට පහලවේ සාමාන්‍ය  බදු අනුපාතය ලෝකයේ අඩුම බදු අනුපාත අතරින් එකක් බව “අර්නස්ට් ඇන්ඩ් යන්ග් ” ආයතනයේ අධ්‍යයනයකින් හෙළිදරවු කොට ඇත . එම අධ්‍යනය අනුව ශ්‍රී ලංකාව සමග සැම තත්වයේ හෝ අඩු මට්ටමේ ඇත්තේ ජර්මනිය හා අයර්ලන්තය පමණකි .ජර්මනියේ අදායම් බදුඅනුපාතය සියයට 15කි. එනම් ශ්‍රී ලකාවට සමානය . අයර්ලන්තයේ ප්‍රකාශිත අනුපාතය සියයට 12.5කි .කෙසේ වෙතත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කොට ඇත්තේ එරට බදු ක්‍රමවේදය අනුව අයර්ලන්තයේ සැබෑ බදු අනුපාතය සියයත16ක් වන බවයි .

ඇමෙරිකා එක්සත් ජනපදයේ අදායම් බදු සියයට 39කි . ජපානයේ සියයට 37කි .ඉන්දියාවේ සියයත30කි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අදායම් බද්ද ලෙස මෙවර අයවැයෙන් නියම කළ සියයට 15 ලෝකයේ අඩුම ප්‍රතිසතයකි. ඩෙන්මාර්කයේ එය සියයට 56කි. නෙදර්ලන්තයේ 52කි .බ්‍රතාන්‍යයේ ,ඕස්ට්‍රේලියාවේ ,චීනයේ ,ජර්මනියේ ,හා ජපානයේ සියයට 45කි .ඉන්දියාවේ සියයට තිහකි . මැලේසියාවේ 25කි.

අධ්‍යයනයට ලක්කළ ලොව ප්‍රධාන රටවල් අතර සියයත15ක අඩුම පුද්ගල අදායම් බදු අනුපාතය වන්නේ ශ්‍රී ලංකාවේ  මෙවර අයවැයෙන් නියම කළ සියයට 15ක ප්‍රමාණයයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *