නිමල් සිරිපාලත් යයි?

ශ්‍රී ලං.නි.ප.යේ ප්‍රබල නාකයකු වන නිමල් සිරිපාල ද සිලවා මහතා ඉදිරි දිනකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වනු ඇතැයි තතුදත් දේශපාලන අංශ වාර්තා කරයි. ඒ මහතා පසුගිය දිනක පොදුජන පෙරමුණේ නායකයන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වු බව ද වාර්තාවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ඉදිරි ගමනක් නැති බව කියන නිමල් සිරිපාල ද සිල්වා මහතා දිගටම කීවේ, පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවිය යුතු බවයි. ඒසේ වුව ද හදන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීම නොපිළිගැනීම නිසා සන්ධාන ගතවීම අසාර්ථක විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ මතය වී ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දීම නොකළ යුතු බව මෙන්ම තම මැතිවරණ ව්‍යාපාරයේ වේදිකාවටවත් සිරිසේන මහතා වැද්ද නොගතයුතු බවයි. සිරිසේන මහතාගේ පැමිණීම තමන්ට බලවත් හානියක් වන බව පොදුජන පෙරමුණේ බහුතර මතය වී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *