විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමට කැපවනවා අගමැති රනිල් මාලදිවයිනේ පාර්ලිමේන්තුව අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් දිගටම කැපවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙම ප්‍රකාශය කළේ මාලදිවයිනේ කළ සංචාරය අතරතුර දී එරට පාර්ලිමේන්තුව ඊයේ (3) ඇමතු අවස්ථාවේදීය.

1915 දී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති සතු බලතල විශාල ලෙස සීමා කළ ද සම්පූර්ණයෙන් අහෝසි නොකළ බව ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා කැපවී සිටින්නේ එම බලතල සම්පූර්ණයෙන් අහෝසි කිරීමට බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *