අභාවප්‍රාප්ත මෙරිල් පෙර්රා මාධ්‍යවේදියාගේ අවසන් කටයුතු හෙට (5) සවස පානදුර වලානේ දී

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ මෙරිල් පෙරේරා මහතා ඊයේ (3) දා සවස අභාවප්‍රාප්ත විය. මියයන විට හැත්තෑ දෙවෙනි වියේ පසුවු ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

පානදුර ‘දිණමිණ’ වාර්තාකරු  ලෙස එක්දහස් නවසිය හැටේ දශකයේ මුල් කාලයේ ප්‍රාදේශීය වාර්තාකරුවකු වශයෙන් පුවත්පත් කලාවට පිවිසි ඒ මහතා වසර කීපයකින් පසුව 1965 දී ආධුනික පුවත්පත් කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයට ඒක්විය. ඉන් අනතුරුව උප කර්තෘ වරයෙක් ලෙස සේවය කර ජනතා පුවත්පතේ කර්තෘ දුරයට පත්විය. ලේක්හවුසියේ දී ඔහුගේ ගුරුවරයා වූයේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඩී.එෆ්. කාරියකරවන මහතාය.

ස්වාධීන පුවත්පත් සමාගමේ ‘දවස’ පුවත්පතේ සේවය කිරීමෙන් අනතුරුව මෙරිල් පෙරේරා මහතා ‘දිවයින’ පුවත්පතට ඒක්වන්නේ 1981 සැපැතැම්බර් මාසයේ දී ය. ඒ දිවයින පුවත්පතේ ආරම්භක උප කර්තෘ වරයා වශයෙනි. ඉන් අනතුරුව එම පුවත්පතේම නියෝජ්‍ය කර්තෘ, සම කර්තෘ වරයෙක් සේවය කර ප්‍රධාන කර්තෘ තනතුරට පත්විය.

ග්‍රන්ථ කතුවරයෙක් වශයෙන් පොත් කීපයක් ලියා ඇති ඒ මහතා ලියූ පොත් අතර ‘ආයුබෝවන් ආමර්වීදිය’, ‘දිවයිනේ විසි වසක්’, ‘පැණි වළලු’, ‘අතිරස’, ‘ආදරණීය තාත්තා’ ‘සැබෑ පත්තරකාරයෝ’ යන පොත්ද වේ.

අභාවප්‍රාප්ත මෙරිල් පෙරේරාගේ දේහය මේවන විට පානදුර, ශ්‍රී ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය අසල අංක 203 දරණ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කරයුතු හෙට (5) පස්වරුවේ දී වලාන මිනුවන්පිටිය සූසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *