මහින්දත්, කොටිත් අනික් අයගෙ මතයට ඇහුම්කන් දුන්නෙ නෑ. අන්තිමේ ඔවුන් දෙගොල්ලම පැරදුණා. – වර්ධරාජා පෙරුමාල්

Varjaraja Perumal - 2“එක රාජපක්‍ෂ කෙනෙකුගේ ආධිපත්‍යයට විතරක් නෙමෙයි, ජනතාවට යටත්වෙන් සිදුවුනේ. රාජපක්‍ෂලා ගණනාවකගෙ පීඩනය ජනතාවට විඳින්න සිද්ධ වුණා. කොටි කල්ලිය වගේ තමයි රජාපක්‍ෂ පවුලත් රට පාලනය කරන්න හැදුවෙ. එයාල කියනදේ විතරයි හරි. අනික් කට්ටිය කියදේ වැරදියි කියලයි ඔවුන්ගෙ අදහස වුණේ. කොටි වගේම රාජපක්‍ෂලත් කාගෙවත් මතයට කන්දුන්නෙ නෑ. මහින්ද කොටින්ව පැරැුද්දුව. මහින්දත් කොටිවගේ හැසිරෙන්න ගත්තම ජනතාව මහින්දව  පැරැුද්දුව.”ඊ.පි.ආර්.එල්.එෆ්. සංවිධානයේ හිටපු නායක,යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු සහකාර කතිකාචාර්ය නීතිඥ වර්ධරාජා පෙරුමාල් මහතා ප්‍රකාශ කළේය උතුරු නැගෙනහිර හිපටු මහ ඇමති වර්ධාරාජා පෙරුමාල් වසර 15 කට පසු සිංහල මාධ්‍යයයක් සඳහා කරන හා සිංහල මාධ්‍යය වෙබ් අඩවියක් සඳහා ප‍්‍රථමයෙන්ම කරන ලද සම්මුඛ සාකච්ඡුාවට එක්වෙමින් ඒ මහතා මෙලෙස තම අදහස් පැවසීය

ඔබ ලංකාව හැර විදේශ ගත වෙනව. දිගු කාලකයට යළිත් ලංකාවට පැමිණ සිටිනව. අපි එතනින් මේ කතාව පටන් ගම්මු.

1981 දි මට තිබුණ ජීවිත තර්ජන එක්ක රටින් පිටවෙලා යන්න සිද්ධ වුණා. මම ඒ වෙලාවෙ රටින් නොගිය නම් අද ජීවතුන් අතර නැහැ. යළිත් චන්ද්‍රිිකා බණ්ඩාරනායක ජනාධිපති පදවියට පත් වූ පසු 1998 දි ලංකාවට ආව. ඉන්පසු වරින් වර ලංකාවට පැමිණියා. ඉන්පසු 2006 වන විට රනිල් ප‍්‍රභාකරන් ගිවිසුම් ආව. ඒවන විට යළිත් මගේ ජීවිතයට තර්ජන ආව. ඉන්පසු මට ආපසු යන්න සිද්ධ වුණා. ඉන්පසු 2010, 2011 වසරවල සිට මම යළිත් වරින්වර ලංකාවට ඇවිත් ගියා. 2012 වන විටත් මගෙ ආරක්‍ෂාව පිළිබඳ ගැටළු තිබුණ. මටචන්ද්‍රිකා රජය විසින් සම්ට් ෆැලැට්වල නිවසක් දී ආරක්‍ෂාව දීල තිබුණ. ඒ නිවස රාජපක්‍ෂ ආන්ඩුවෙන් ආපසු ගත්ත. මගේ ආරක්‍ෂකයන් ඉවත් කෙරුව. මට හැඟුණා යළිත් මට ආරක්‍ෂාව නැහැ කියල. ඒක නිසා මට යළිත් ආපසු යන්න සිද්ධ වුණා.

නව රජය පත්වුණාට පසු මට අදහසක් ආවා යළිත් මේ රටේ ආරක්‍ෂා සහිතව ජීවත් වෙන්න පුළුවන් කියල. ඒක නිසා මම ආපසු ලංකාවට වරින් වර ඇවිත් ගියා. දැනට මාසයකට පමණ පෙර තමයි ස්ථිර වශයෙන් මම ලංකාවෙ පදිංචියට ආවෙ.

ඔබ ඉදිරියට දේශපාලන කටයුතුවල නිරත වීමට අදහස් කරනවද?

මට දැන් දේශපාලන පක්‍ෂයක් නැහැ. මම නිදහස් පුද්ගලයෙක්. මම හිතනව මට දේශපාලන වශයෙන් කරන්න පුළුවන් දේවල් තියනව කියල.  අනාගතයේදී ඒගැන ක‍්‍රියාත්මක වීමක් සිදුවෙයි.

ඔබගේ දේශපාලන පක්‍ෂය වන ඊ.පී.ආර්.එල්.එෆ්. එක සම`ග එක්ව ක‍්‍රියාත්මක වෙන්න අදහස් කරනවද?

එම පක්‍ෂය ක‍්‍රියාත්මකයි. එහි ලේකම්වරයෙක් ඇතුළු නිලධාරි මන්ඩලයක් ඉන්නව. මම එම පක්‍ෂයේ හිතවතෙක් හැටියට කටයුතු කරනව.

ඔබ ඊ.පී.ආර්.එල්.එෆ්. සම`ග ක‍්‍රියාකාරී දේශපාලනයේ නැත්නම්. නවතම දේශපාලන පක්‍ෂයක් පිහිටුවාගෙන කටයුතු කිරීමට අදහස් කරනවද?

මට අවශ්‍යතාවය තියෙන්නේ පළමුව මෙහි ජනතාවත් සම`ග සම්බන්ධකම් පවත්වමින් ජීවත් වීමටයි. දෙවනුව පවතින තත්ත්වය අනුව කටයුතු කිරීමක් සිදුවේවි.

ශ‍්‍රී ලංකාවේ පළාත් සභා ක‍්‍රමය ආරම්භයත් සම`ග පිහිටවන ලද පළමු උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති තනතුර දැරුවෙ ඔබ. එහෙත් ඒ පළාත් සභාවෙ ආයුෂ කාලය ඉතාමත්ම කෙටියි. වසර දෙකක් අවසන් වීමටත් පෙර පළාත් සභාව අවසන් වෙනව. වසර පහක කාලයක් පවත්වාගෙන යා හැකි පළාත් සභාව වසර එකහමාරකදි පමණ අවසන් වෙන්නෙ ඇයි?

ප‍්‍රභාකරනුයි, පේ‍්‍රමදාසයි එකට එකතු වුණා. කොටි හමුදාවයි, ආණ්ඩුවෙ හමුදාවයි අපිට පහර දෙන්න පටන්ගත්ත. ඉතින් කොහොමද අපි පළාත් සභාවක් පවත්වගෙන යන්නෙ. පළාත් සභාව පවත්වාගෙන යාම හා එය ආරක්‍ෂාකර ගැනීම ශ‍්‍රී ලංකා රජය විසින් කළයුතු යුතුකමක්. ඒ ගොල්ලොම ඒක කඩාකප්පල් කරනවනම්, කොහොමද අපි පළාත් සභාව පවත්වාගෙන යන්නෙ. ඒක නිසා තමයි පළාත් සභාව විනාශ වුනේ. රජයක් පුරවැසියෙකුට එරෙහිව කි‍්‍රයාකරනවිට, පුරවැසියාට මොනවද කරන්න පුළුවන්.

ඔබට පළාත් සභා ඡුන්දය ජය අරගෙන පළාත් සභාව පිහිටුවීමට හැකිවෙනව. ප‍්‍රථම වරට පවත්වන ලද පළාත් සභා මැතිවරණය ජනතාවට අළුත් අත්දැකීමක්. එම මැතිවරණය ජය ගැනීමට ඔබට හේතුපාදක වූ කරුණු මොණවද?

පළාත් සභා මැතිවරණයේදී අපි ජනතාවට පැහැදිළි කෙරුව, ජනතාවගේ විසඳීමට පළාත් සභාක‍්‍රමය යෝග්‍ය ක‍්‍රමයක් බව. ජනතාව පළාත් සභාවෙ පළාන බලයට සුදුස්සන් ලෙස අපව පත් කරගනු ලැබුව. ඒක උතුරු නැගෙනහිර ජනතාවගෙ කැමැත්ත. අවශ්‍යතාවය.

දයාන් ජයතිකලකට ඔබ පළාත් සභාවෙන් ආරාධනා කරනව ඇමති  ධුරයක් ගන්න කියල. ඔහු පළාත් සභාවෙ ඇමති ධුරය දරන්නෙ එක දවසයි. එහෙම දෙයක් වුනේ ඇයි?

ඇත්තෙන්ම ඔහු පළාත් සභාවෙ ඇමති ධුරය එක දවසක්වත් දැරුවෙ නෑ. ඔහු ඇමති ධුරය දැරුවෙ දවසෙන් භාගයයි. වරුවයි. එයා වරුවෙන් ඇමති පුටුවෙන් නැගිටල ගියා ගියාමයි, ආපසු ආවෙ නෑ.

ඇයි එහෙම කෙනක්ව පත්කර ගත්තෙ? වෙන සුදුසු කෙනෙක් හිටියෙ නැද්ද?

දයාන් ජයතිලකව අපි බලෙන් අඬගහල ගත්තෙ නෑ. ඔහුමයි අපිට කරදර කෙරුවෙ ඔහුට මේ පත්වීම දෙන්න කියල. ඔහු විවිධ පුද්ගලයන් මගින් බලපෑම් කෙරුව මේ තනතුර ඔහුට ලබාගන්න. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගොස් ඉන්දියානු මහකොමසාරිස්තුමත් හම්බ වෙලා බැගෑපත් වෙලා තියනව මේ තනතුර ගන්න බලපෑම් කරන්න කියල. එයාගෙ තාත්ත මර්වින්  ද සිල්වා මහතා ප‍්‍රසිද්ධ පුවත්පත් කලාවේදියෙක්. ඔහු මගිනුත් මේ බලපෑම කෙරුව. හැබැයි අපි ඔහුව ගත්තෙ ඒ කිසිම බලපෑමක් නිසා නෙමයි. අපිත් එක්ක වැඩකරපු පරණ සහෝදරයෙක් නිසා. ඔහු යන්න හේතුව වශයෙන් කිව්වෙ, විජය කුමාරතුංග සමඟ එකතුවෙලා විජයගෙ පක්‍ෂයේ වැඩකටයුතු කරන්න යනව කියල. එහෙත් එයා ගිහින් එකතුවුණේ පේ‍්‍රමදාසත් එක්ක.

මහින්ද පාළනය ආහෝසි කරමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්වුණා. ඉන් මාස කිහිපයකට පසුව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පත්වුණා. මේ පාළනය යටතේ ද්‍රවිඩ ජාතිකයන්ට ලැබී ඇති සහන පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට බලාපොරොත්තුවන සහන ලැබෙයි කියල විශ්වාස කරනවද?

දේශපාලනයේදී විශ්වාස කරනව කියල එකක් නැහැ. දේශපාලඥයො මිනිසුන් කෙරෙහි විශ්වාසය තියල මිනිසුන්ගේ ගැටළු නිරාකරණය කළ යුතුයි. ද්‍රවිඩ ජනතාවගේ ගැටළුව ඔවුන්ගේ ගැටළුවක් විතරක් නෙමෙයි. මුළු රටේම ජනතාවගේ එක්සත් භාවය පිළිබඳ ගැටළුවක්. ද්‍රවිඩ ජනතාවගෙ ගැටළුව විසඳුවෙ නැත්නම්, රටේම අනාගතය විනාශ වෙනව.

යහපාළනය, නිතීයේ ආධිපත්‍ය ආරක්‍ෂා කිරීම, මාධ්‍ය නිදහස, පරිපාළන කටයුතු සඳහා දේශපාලන මැදිහත්වීම් නොකර සිටීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, මානව අයිතීන් සුරැුකීම, ජනතාව වර්ගීකරණයකින් තොරව සමාන පුරවැසියන් මෙන් සැලකීම වගේ පොරොන්දු මත ඉදිරිපත් කිරීම නිසා තමයි රජය ජයග‍්‍රහණය කෙරුවෙ. ඒව ඒ විදිහටම ඉටු කරයි කියල ජනතාව බලාපොරොත්තු වෙනව. ඒ පොරොන්දු ඇතුළෙම තමයි ජනවාර්ගික ගැටළුව විසඳීම සම්බන්ධව වැඩ පිළිවෙල තියෙන්නෙත්.

1948 දි අප රටට නිදහස ලැබුණ කියලයි සලකන්නෙ?. එදා ඉඳලම ජාතීන් අතර විරසයක වරින් වර මතුවෙනව නේද?

1948 නිදහස ලැබුව කියල අපි එකම ජාතියක් බවට පත්වුණේ නැහැ. ඒකෙන් වුණෙත් බෙදි බෙදි කොටස් බවට පත්වීමයි. සිංහල ප‍්‍රදේශ, දෙමළ ප‍්‍රදේශ වශයෙන් හඳුන්වන්න  ඕනැ වුණා. ඉන්දියාව නිදහස ගන්නකොට එහෙම වුණේ නැහැ. තනි රජයක් විදිහටයි නිදහස ලබාගත්තෙ. ඇමරිකාවත් සිවිල් යුද්ධ ගණනාවකට පස්සෙ තමයි එක්සත් ජනපදය බවට පත්වෙන්නෙ. ඇමරිකාවෙත් ප‍්‍රාන්ත ආණ්ඩු හැදිල, ඒව හොඳට කි‍්‍රයාත්මක වෙනකොට තමයි ඒවා සේරම එකතුවෙලා එක්සත් ජනපදය හැදිල තියෙන්නෙ. හොඳ පළාත් ආණ්ඩු තියනව නම් රටක් බෙදෙන්නෙ නෑ. පළාත් ආණ්ඩු නිසා රට බෙදෙනව කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්. එහෙම බෙදෙනව නම් ඉන්දියාවෙ ප‍්‍රාන්ත රාජ්‍ය තියන විදිහට මෙලහකට ඉන්දියාවෙ බෙදිල, ඉන්දියාව විනාශ වෙලා යන්න  ඕනෙ. දෙමළ අයට පමණක් නෙමෙයි පළාත් ආණ්ඩුව තියෙන්න  ඕනෙ. හැම පළාත්තකටම පළාත් ආණ්ඩු තිබිය යුතුයි. සියළුම කටයුතු කොළඹට කේන්ද්‍රකරගත් පාළනයක් නෙමෙයි අවශ්‍ය. ඒ ඒ පළාත්වල ගැටළු පළාත් සභාවලට විසඳගැනීමට හැකියාව ලබාදිය යුතුයි. ගොවිතැන, ආධ්‍යාපනය, රැුකීරක්‍ෂා ප‍්‍රශ්න, පරිසරය, සෞඛ්‍යය ආදි ප‍්‍රශ්න ඒ ඒ පළාත්වලම විසඳාගත යුතුයි. හම්බන්තොට ප‍්‍රශ්ණ ඒ පළාතෙදිත්, රජරට ප‍්‍රශ්න ඒ පළාතෙදිත්, මධ්‍යම පළාතේ ප‍්‍රශ්න ඒ පළාතෙදිත් විසඳාගත යුතුයි. ඒ වගේම උතුරු නැගෙන හිර ප‍්‍රශ්න ඒ පළාත්වලදී විසඳාගත යුතුයි. හැම දේකටම කොළඹ යාමට අවශ්‍යද?

මේ තත්ත්වය මත තමයි උතුරු නැගෙන හිර ජනතාවට හැ`ගීමක් ඇති වෙන්නෙ, පිට ඉඳන් මිනිස්සු අපිව පාළනය කරනව කියල. අපිට ස්වයං පාළනයක් නෑ කියන හැ`ගීම මිනිස්සු තුළ තියනව. අපි දෙවන පෙළේ පුරවැසියන් යන හැ`ගීමක් මිනිසුන් තුළ තියනව.

තමන් දෙවන පෙළ පුරවැසියන් යන හැඟීමද අදටත් ද්‍රවිඩ ජනතාව තුළ තියෙන්නෙ? එම තත්ත්වය අද වෙනස් වී නැද්ද?

නැහැ. හමුදාවේ සියයට සියයක්මවගේ ඉන්නේ සිංහල පිරිසක්. ඒක ශ‍්‍රී ලංකා හමුදාව නම් අනිත් ජාතිකයනුත් එහි සිටිය යුතුයි. දැන් තියන හමුදාව ශ‍්‍රී ලංකා හමුදාව නෙමෙයි, සිංහල හමුදාවක් බවයි ජනතාව කියන්නෙ. එය සත්‍යයක්. එය ශ‍්‍රී ලංකා හමුදාව නම් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී හැම ජන කොටසක්ම හමුදාවෙ සිටිය යුතුයි. එතකොට තමයි ජාතික හමුදාවක් වෙන්නෙ. රජ්‍යතන්ත‍්‍රය දිහා බැලූවත් 50/1 ක් වගේ තමයි ද්‍රවිඩ ජාතිකයන් ඉන්නෙ. හැම දෙයක් ගැනම බැලූවත් ඒ තත්ත්වය තමයි තියෙන්නෙ. ළ`ගදි උතුරු පළාත සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට පරීක්‍ෂයන් 250 දෙනෙක් බඳවාගෙන තියනව. එයින් 200 කටත් වඩා වැඩි පිරිසක් සිංහල අය. මේ පළාතෙ ගොවීන් කතා කරන භාෂාව, මේ පළාතෙ පාරිසරික තත්ත්වයන්, දේශගුණික, කාලගුණික රටාව, මෙහි පස, මෙහි වැඩි ඵලදාවක් ගත හැකි බීජ වර්ග, මෙහි කන්න ක‍්‍රම මේ වගේ දේවල් ගැන අවබෝධයක් නැතුව කොහොමද මේ අය රාජකාරි කරන්නෙ? මේක සාධාරණද? මේව වටහාගෙන වෙසනස්වීමකට භාජනය වෙන්නෙ නැත්නම්, මිනිසුන් තුළ මුල්බැහැගෙන තියන, සැකය, වෙනස්කම් කිරීම යන ආකල්ප නැති වෙන්නෙ නෑ. හමුදාව ඇතුළු අනෙකුත් රජයේ පත්වීම් ජන අනුපාතය අනුව සිදුවිය යුතුයි.

රටක වඩාත්ම අවධානය යොමු විය යුතු ජනතාව තමයි සුළු ජන කොටස. ඔවුන්ට ආරක්‍ෂාවත්, අනෙක් කරුණුත් ලබාදීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් යොමු විය යුතුයි. බහු ජනතාව සුළු ජනතාව දෙස බැලිය යුත්තේ එහෙමයි. නමුත් සිදුවන්නේ එහෙම නෙමෙයි. ඔවුන් දෙස බලන්න පුරුදුවෙලා තියෙන්නේ වෙනස්ම කොටසක් හැටියටයිි. මේක සිංහල රට විතරක් කියල හිතල කටයුතු කෙරුවොත් මේ රටට අනාගතයක් නැහැ. මේ රටේ හැමෝම එක හා සමාන පුරවැසියෝයි.  හැම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි කියල සිතුවොත් තමයි රටේ ඉදිරි දියුණුව සැලසෙන්නෙ. සිංහල, පොලිස් නිළධාරියෙක් දැක්කොත්, හමුදා නිලධාරියෙක් දැක්කොත්, උසස් නිලධාරියෙක් දැක්කොත් දෙමළ මිනිස්නුට බයක් ඇති වෙනව. ඒක හොඳ තත්ත්වයක් නෙමයි. එක ඇති කරන්නෙ නරක ප‍්‍රතිඵලයක්. අවුරුදු 30 කට අධික යුද්ධයකින් බැට කෑව ජනතාවගෙ පෑරුණු තුවාලය සුව කිරීම රජයේ වගකීමක්. එය රාජ්‍ය නායකයන් විසින් සොයාබලා කළ යුත්තක්. ‘අපි තමයි ලොක්කො, අපි කියන දේ අහගෙන කරබාගෙන හිටපල්ල කියල’ හිතුවොත්, අපිට, ‘අපි මේ රටේ පුරවැසියන් කියන හැ`ගීමක්’ ඇති වෙන්නෙ නෑ.

රජයේ හමුදාවත් සමඟ ප‍්‍රභාකරන් කරපු දීර්ඝකාලීන යුද්ධයෙන් ප‍්‍රභාකරන්ට ජයග‍්‍රහණය කිරීමට හැකි වූවා නම් මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද?

(ඔහු හයියෙන් සිනාසී පසුව ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින්* ප‍්‍රභාකරන්ට රට බෙදන්න බැරිබව අපි දැනගෙන හිටිය. ඒක හීනයක් විතරයි. සිංහල නායකයින් එක්ක එකතුවෙලා ප‍්‍රභාකරන් මේක බෙදන්න මහන්සි ගත්තත් එක කරන්න බෑ. උතුරු නැගෙනහිර ජනතාවට රට බෙදන්න  ඕන කමක් තිබුණෙ නෑ. අපි එදා ජනතාව නියෝජනය කරමින් ඉන්දු ලංකා ගිවිසුමට පක්‍ෂපාත වෙන්නෙත් රට බෙදීමට ඇති අකමැති නිසා.

ඉන්දියාවට අවශ්‍යතාවයක් තිබුණද රට දෙකඩ කරවීමට.

නැහැ. කොහෙත්ම නැහැ. ඉන්දියාවටත්, ඇමරිකාවටත්, චීනයටත් අවශ්‍ය මේක එක රටක් විදිහට තියා ගැනීමටයි. මේ රට බෙදන්න කිසිම රටකට අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නෙ.

ඉන්දියාවෙ ඇතැම් කණ්ඩායම් රට දෙකඩ කිරීමට උත්සහ දරපු ප‍්‍රභාකරන්ට සහයෝගය දුන්න.

ඔව්. ඒත් එයාලා ඉන්දියාව දෙකඩ කරන්න කියල කියනවද? ඒ සඳහා කාටවත් සහයෝගයක් දෙනවද? නෑ.

ඔබ විශ්වාස කරනව නොබෙදුණු රටක් තුළ සහජීවනයක් ඇති කරීම ගැන?

මිනිස්සු තුළ විශ්වායක් ඇති කරගන්න අවශ්‍යයි, ‘මේ රට ගොඩගැනීමට නම් සියළුම ජාතීන් එකතුවිය යුතුයි’ කියල. රටේ පරිපාලනයට සියළු ජාතීන්ම සම්බන්ධ විය යුතුයි. මේ සියළු දෙනාම එකතු වුණොත් මේ රට ඉතාමත් ශක්තිමත් රටක් ලෙස ගොඩනැගිය හැකියි. එහෙම නොවනතාක් මේ රටට අනාගතයක් නැහැ. මේ රට බෙදන එක යථාර්ථයක් නෙමෙයි.  රට බෙදීම යථාර්ථයක් නොවන බව පෙනී පෙනී මේක බෙදන්න උත්සාහ කිරීම ප‍්‍රශ්නයක්. මම මේ කියන්නෙ දේශපාලනයම නෙමෙයි. පොදු හැ`ගීම. සාමාන්‍ය දැනීම.

යුද්ධයකින් රට බෙදීම අපේක්‍ෂා කළ ප‍්‍රභාකරන් සම`ග, සමස්ථ උතුරු නැගෙනහිර ජනතාව හිටියෙ නැද්ද?

ඔහු දෙමළ ජනතාවගේ නායකයන් සියළු දෙනාම මැරුව. දහදාහකට වැඩිය සාමාන්‍ය දෙමළ මිනිස්සු මරුව. පරිපාලන සේවයේ නිලධාරින් මැරුව. ගොවිජන සේවා නිලධාරින් පවා මැරව, නිදහස් මතධාරීන් මැරව, මිනිස්සු කටවල් අරින්න බයේ හිටියෙ. මිනිස්සු කැමැත්තෙන් සහයෝගය දුන්න නෙමේ. මිනිස්සු බය කරලයි සහයෝගය ගත්තෙ. මුළු උතුරේ ජනතාවම කොටිත් එක්ක හිටිය කියල හිතනව නම් ලොකු වැරදීමක්. එහෙම දෙයක් නැහැ. දෙමළ මිනිසුන් විතරද, සිංහල ජනතාව කොතරම් බයවෙලා හිටියද? මරණය බිය කාටත් සාධාරණයි. ඔහුගේ හමුදාවට තරුණ තරුණියන් වැඩි පිරිසක් බඳවා ගත්තේ බලහත් කාරයෙන්. ඔහු ජනතාව බිය කර ගෙනයි දිගු කළක් වැජඹුනේ. ඔහුට කැමති පිරිසකුත් ඉන්න ඇති. එහෙම මිසක් උතුරේ සමස්ථ ජනතාව ප‍්‍රභාකරන් සම`ග හිටියෙ නැහැ.

ඔබ කෙරෙහි දකුණේ ප‍්‍රගතිශීලි කොටස් අතර, වමේ කණ්ඩායම් අතර පැහැදීමක් තිබුණ. පළාත් සභා ක‍්‍රමය පිළිගන්න, ඒ තුළ විසඳුමක් හොයන, වෙනම රාජ්‍යයක් පිහිටුවිම අරමුණු කර නොගත් ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන නායකයෙක් වශයෙන්. එහෙත් උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමෙන් පසුව, ත‍්‍රිකුණාමලයේ දී පැවැති නිදහස් උත්සවයකදි, ඔබ ඊලාම් කොඩිය එසවූ බව වාර්තාවීමෙන් පසුව, ඒ හැ`ගීම ජනතාව තුළින් තුරන් වුණා. ඔබ ඊලාම් කොඩි එසවූයේ ඇයි?

මට තක්සේරු කරන්න බෑ මා කෙරහි දකුණේ ජනතාව කොතරම් ප‍්‍රසාද හැ`ගීමකින් හිටියද කියල. මම කොළඹ එන විට, ගුවන් තොටුපළේදී මාත් එක්ක කවුරුත් සුහද හැ`ගීමකින් කටයුතු කරනව.

මම ත‍්‍රිකුණාමලයේදී කියා කෙහෙදිවත් ඊලාම් කොඩියක් එසෙව්වෙ නැහැ. ඔසවන්න ඊලාම් කොඩියක් කොහෙන්ද? ඊලාම් කොඩිය කියල එකක් තියනවද? නැති කොඩියක් කොහොමද මම ඔසවන්නෙ? පළාත් සභාවෙ මහ ඇමති විශයෙන් මම පළාත් කොඩිය එසෙව්ව. රාජ්‍ය නිලධාරීන්. හමුදා නිලධාරීන් රැුසක් මැදයි එම සිදුවීම වුනේ. පළාත් කොඩිය කියන්නේ ඉතා දීර්ඝ කාලයක් සිට තියන එකක්. නැගෙනහිරට විතරක් නෙමෙයි, තමන්කඩුවට, වයඹට, මධ්‍යම පළාතට මේ හැම පළාතකටම පළාත් කොඩි තියනව. මම ඉස්සුවෙ එදා පළාත් සභාව පවත්වපු නිදහස් උත්සවේදි පළාත් කොඩිය. එම සිදුවීම විකෘතිකර දැක්වීමක් තමයි එදා සිදුවුනේ. එම කොඩිය අදටත් නැගෙන හිර පළාතෙ රාජ්‍ය උත්සව වලදි ඔසවනව. ඒ ගැන කාටවත් ගැටළුවක් නැහැ.

ඒක මට පහර දෙන්න කරපු වැරදි අර්ථකථනයක්. පේ‍්‍රමදාස මහත්තය විශ්වාස කෙරුව, මට පහර දෙන්න දෙන්න ප‍්‍රභාකරන්ව තමන්ගෙ පැත්තට දිනාගන්න පුළුවන්වෙයි කියල. මාව විනාශකරන්න ගිහින් අන්තිමට වුනේ ප‍්‍රභාකරන් අතින්ම එයාගෙ අවසානය ළ`ගකර ගැනීමයි.

ඔබ ඊලාම් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කෙරුව බවට, මුළු රටේම ජනතාව අතරම කතාවක් පැතිර ගියා. එය ජනතාව කම්පනයට පත්කරවීමටත්, ඔබ කෙරේ කළකිරීමක් ඇති වීමටත් හේතුවක් වුණා.

(ඔහු නැවතත් සිනාසෙයි) මම ඊලාම් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කෙරුවෙ නැහැ. මට පුළුවන්ද ඊලාම් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කරන්න. මම එහෙම ප‍්‍රකාශයට පත්කෙරුවත් කවුද ඒක පිළිගන්නෙ? මොකක්ද ඒකට තියන නිලතත්ත්වය? මේ සේරම මාව ජනතාවට එපා කරවන්න කරපු සැලසුම්. සමහරවිට මාව ඝාතනය කරල ඒක සාධාරණීකරනය කරන්න හදපු සැලසුම් වෙන්න පුළුවන්. ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න, උතුරු නැගෙනහිර පළාත් සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ ව්‍යුහයන් තුළ රජය විසින් ඇති කරන ලද එකක් මිස, මම කළ එකක් නෙමේ.
ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට, ජනතාවට සුභසාධනය ඇති කිරීමට අවශ්‍ය කරුණු 19 ක් ඇතුළත් ඉල්ලීමක් මම රජයට ඉදිරිපත් කළා. ඒක වෙන්න ඇති ඔවුන් විකෘති කර ජනතාව අතරට ගෙනිච්චෙ. මම ඉදිරිපත් කළේ පළාත් සභා ක‍්‍රමය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට යෝජනාවලියක්. ඒ ඉල්ලීම්වල ෆෙඩරල් වාදයක් ඇත්තේ නැහැ. ‘පවතින ව්‍යවස්ථාව තුළ, පළාත් සභාව ශක්තිමත් කරන්නෙ කොහාමද?’ කියන කරුණුයි ඒ ඉල්ලීම්වල තිබුණෙ. ඒක ඉටුවෙන්නෙ නැත්නම්, ජනතාවට හිතෙයි වෙනම පාළනයක් අවශ්‍යයි  කියන එක. අපි වෙනම රාජ්‍යයක් කියන අදහස අතහැරිය නිසයි පළාත් සභා ක‍්‍රමය පිළිඅරගෙන ආවෙ. මම අදත් කියනව. රට බෙදීමක් වෙන්නෙ නැහැ. එහෙත් හොඳ පළාත් සභා ක‍්‍රමයක් ඇති කරනකම්, ද්‍රවිඩ ජනතාවගෙ ප‍්‍රශ්න, ද්‍රවිඩ ජනතාවගෙ නොසන්සුන් කම දිගටම තියේවි. ශක්තිමත් පළාත් සභාවක් ඇති කෙරුවොත් බෙදීම පිළිබඳ හැ`ගීම සම්පූර්ණයෙන් අයින් වෙනව.

ඔබගේ පක්‍ෂය තුළ හෝ ඔබගේ දේශපාළන ව්‍යාපාරය තුළත් ‘මන්ඩයන්් ගෲප්’  නමින් හෝ වෙනත් නමකින් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් හිටියද?

නැහැ. මම කවදාවත් ආයුධයක් පාවිච්චි කරල නැහැ. මට එහෙම සන්නද්ධ කණ්ඩායමක් හිටියෙත් නැහැ. හමුදාවෙ ආයුධවත් මම පාවිච්චි කරල නැහැ. මම දේශපාලන ක‍්‍රියාකාරිකයෙක් පමණයි. කලක් චන්ද්‍රිකා මැතිණිය ආරක්‍ෂාවක් දීල තිබුණ. පසුව ඒක රාජපක්‍ෂ ආණ්ඩුවෙන් අයින් කෙරුව. ඊට පසු මම රට ගියේ ආරක්‍ෂාව නැති නිසයි.

යුද්ධය අවසාන වීම පිළිබඳව සතුටට පත්වෙනවද?

යුද්ධය අවසාන වීම පිළිබඳව ඇත්තෙන්ම සතුටුවෙනව. ඒ ගැන හැමෝම සතුටුවෙනව. යුද්ධය කියන්නෙ මරණය සහ විනාශය. යුද්ධයෙන් ජීවිත අහිමි වෙනව, අඹු – සැමි, මා පිය – ¥දරු සම්බන්ධතාවන් නැතිවෙනව, මිනිසුන් විසිරිලා යනව, උන්හිටිතැන් නැගිවෙනව, හිත් පෑරෙනව. යුද්ධය කිසිවිටෙකත් නරකක් මිස හොඳක් ගෙනඑන්නෙ නෑ. දැන් යුද්ධය අවසන් වෙලා. ඒය මිනිසුන්ට ලොකු සහනයක්.

යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය දුනනෙ මහින්ද රාජපක්‍ෂ. යුද්ධය දිනා දීම මිනිසුන්ට සහනයක් නම්, ඇයි උතුරු නැගෙනහිර ජනතාව මහින්ද රාජපක්‍ෂට ඡුන්දය නොදුනේනෙ? ඔවුන් මහින්ද රාජපක්‍ෂව දිනවිය යුතුව තිබුණ නේද?

යුද්ධය දිනුවට පස්සෙ මහින්ද රාජපක්‍ෂ රටේ සුළු ජන කණ්ඩායම් පිළිබඳව කිසිම සැලකිල්ලක් දැක්වුවෙ නෑ. එයා හැදුවේ පවුලේ ආධිපත්‍යයක් රටතුළ ගොඩනඟාගන්න. ඒ වගේම එයාට යුධමය ආධිපත්‍යයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවයක් තිබුණ. දෙමළ ජනතාව විතරක් නෙමයි, සිංහල ජනතාවත් එයා ප‍්‍රතික්‍ෂේප කෙරුව. යුද්ධය දිණුවට වඩාත්ම සතුටු වෙන්න ඇත්තෙ සිංහල ජනතාව. සිංහල ජනතාවට පුළුවන්කම තිබුණනෙ එයාව දිනවන්න. එහෙම කෙරුවෙ නෑ. සිංහල ජනතාවගෙන් 45% ක් එයාට විරුද්ධ වුණා. දෙමළ ජනතාව ඡුන්දය නොදුන් නිසා මහින්ද පැරදුණා කියන එක වැරදි අදහසක්. යුද්ධය ඉවර කෙරුව කියල නිරන්තරයෙන්ම අපේ සදාකාලික පාළකය වෙන්නත්, අපිව පගාගෙන ජීවත් වෙන්නත් එයාට කවුරුවත් බලයක් දුන්නෙ නෑ.

උතුරෙත්, දකුණෙත් ජනාතාවට මහින්දව ප‍්‍රතික්‍ෂේප කරන්න හේතුව කුමක් කියලද ඔබ දකින්නෙ?

මේක දුටුගැමුණු අවදිය වගේ, රජ පාළනයක් තියන අවදියක් නෙමේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාළනයක් අද පවතින්නෙ. ජනතාව විසින් පත්කරන ලද නායකත්වය ජනතාවට සේවයක් කළ යුතුයි. ජනතාවට බයකින් තොරව ජීවත් වීමට හැකියාව තිබිය යුතුයි. එක රාජපක්‍ෂ කෙනෙකුගේ ආධිපත්‍යයට විතරක් නෙමෙයි, ජනතාවට යටත්වෙන් සිදුවුනේ. රාජපක්‍ෂලා ගණනාවකගෙ පීඩනය ජනතාවට විඳින්න සිද්ධ වුණා. කොටි කල්ලිය කෙරුව වගේ තමයි රජාපක්‍ෂ පවුලත් රට පාලනය කරන්න හැදුවෙ. එයාල කියනදේ විතරයි හරි. අනික් කට්ටිය කියදේ වැරදියි කියලයි ඔවුන්ගෙ මතය වුණේ. කොටි වගේම රාජපක්‍ෂලත් කාගෙවත් මතයට කන්දුන්නෙ නෑ. මහින්ද කොටින්ව පැරැුද්දුව. මහින්දත් කොටිවගේ හැසිරෙන්න ගත්තම ජනතාව මහින්දව  පැරැුද්දුව.

දීර්ඝ කාලීන යුද්ධයෙන් පීඩා විඳි සියලූ දෙනාම මානසික ආතතියකින් පෙළීම ස්වභාවිකයි. සාමය ඇති වූ පසු ඔවුන්ට මානසික සායන පැවැත්විය යුතුයි නේද? දැන්ට එහෙම වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකද? ජාතීන් අතර සංහිඳියාව සඳහා ඔබ කරන යෝජනා මොනවද?

දැන් තියෙන්නෙ යුද්ධයක් නැතිකම පමණයි. සාමයක් තවම ඇති වෙලා නැහැ. හැමෝම කියන්නෙ සාමයක් ඇති වෙලා කියල. සාමයක්, සමාදානයක් ඇතිවෙන්න නම් දේශපාලකයන්ගෙ එකමුතුකමක් ඇතිවිය යුතුයි. මේ ගැටළුවට මුල් වෙච්ච කරුණු දේශපාලන වශයෙන් විසඳිය යුතුයි. යුක්තිය ඉෂ්ඨ වුවහොත් පමණයි ජනතාව අතර සහෝදරත්වය ඇති වෙන්නෙ. මේ හැමදෙයක්ම දේශපාලන විසඳුම කියන කරුණ ඇතුළෙ තියනව.

සිංහල ජනතාව අතර ඉන්න දේශපාලඥයන්, ආගමික නායකයන්, බුද්ධිමතුන්, ජනතාව අතරට ඇවිල්ල ජනතාවගේ දුක වේදනාව අඳුරගන්න අවශ්‍යයි. සැබෑ සත්‍යය ඔවුන් අවබෝධ කරගත යුතුයි. ඒ මගින් ආකල්පය වෙනසක් ඇතිකර ගත හැකියි. එය හුදෙක් ප‍්‍රචාරක වැඩවලින් පමණක් කළ නොහැකියි. හැ`ගීම් වලින් ඒකාබද්ධ විය යුතුයි.  ද්‍රවිඩ ජනතාව සිංහල ජනතාවගේ හැඟීම් අඳුරන්නෙ නැහැ. දෙමළ ජනතාවගෙ හැ`ගීම් සිංහල ජනතාව අඳුරන්නෙ නැ. දේශපාලන නායකයින් එකිනෙකාව හඳුනාගැනීමේ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්නෙ නෑ.

මම යෝජනා කරන්නෙ පළවෙනි ශේණියෙ සිට උසස් පෙළ දක්වා සිංහල සහ දෙමළ භාෂාදෙක ඉගෙන ගැනීම අනිවාර්ය කළ යුතුයි කියලයි. සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂා දෙකම සමත් නොවන කෙනෙකුට රැුකියාවක් නොදිය යුතුයි. ‘සිංහල පළාතට සිංහල භාෂාව, දෙමළ පළාතට දෙමළ භාෂාව’ කියන කොටම රට බෙදනව. අපේ රටේ තියෙන්නෙ භාෂා දෙකයි. ඉන්දියාවේ කොතරම් භාෂා තියනවද? ඒත් ඒ රට කොතරම් එක්සත්ව තියාගෙන ඉන්නවද? අපේ රටේ වරද ජනතාවගෙ නෙමෙයි. මේ රටේ දේශපාලකයන්ගෙයි. ඔළුව හොඳට තිබුණොත් තමයි ඇ`ගපතත් හොඳට තියෙන්නෙ. රටේ ජනතාවගේ චින්තයන නිවැරදි වුණොත් තමයි රට දියුණුවෙන්නෙත්.

දකුණේ ආගමික ප‍්‍රජාවේ නායකයන් වන බෞද්ධ භික්‍ෂුව, කතෝලික පූජක පක්‍ෂය, හින්දු හා මුස්ලිම් පූජක පක්‍ෂය අතර මේ ප‍්‍රශ්නය විසඳීමේ සැබෑ වුවමනාවක්ද තියනවද?

ඒ කට්ටිය සම`ගිය සඳහා මැදිහත් වීමක් නොකරන එකෙන් ගම්‍ය වෙන්නෙ, මේ රට බෙදන්න රුකුල් දෙන බවයි. මේ බෞද්ධ, ක‍්‍රිස්තියානි, හා අනෙකුත් නායකත්ව කොළඹදි මුණ ගැහිල කතා කරනව. මේ පැත්තෙ පූජක පක්‍ෂයත් ඒ වගේ එකතුවෙලා සාකච්ඡුා පවත්වනව. නමුත් සියළුම දෙනාම එකට එකතුවෙලා, සංහිඳියාවක් ඇති කිරීම ගැන කතිකාවතක් ඇතිවෙන්නේ නැහැ.
ආගමික නායකයන්, දේශපාලන නායකයන්, බුද්ධිමතුන්, ප‍්‍රජා නායකයන් මේ හැමදෙනාම එකතුවී හැ`ගීම් බෙදාහදාගත යුතුයි. දෙපැත්තේම පෑරුණු තුවාල සනීප කළ යුතුයි.

මේ ප‍්‍රශ්නය විසඳීමේදී දේශපාලඥයන්ගේ භූමිකාව ප‍්‍රමාණවත්ද?

ඡුන්ද එකතු කරගැනීමේ අරමුණින් කටයුතු කරන දේශපාලඥයන් නිසා තමයි අපේ රට ප‍්‍රපාතයකට ඇදවැටිල තියෙන්නෙ. බණ්ඩාරනායකට සිංහල, දෙමළ දෙපිරිසගෙම ප‍්‍රශ්න ගැන හැ`ගීමක් නැහැ. එයා කෙරුවෙ සිංහල ජනතාවගේ ඡුන්ද ගන්න සිංහළ පමණක් රාජ්‍ය භාෂාව කියල පනතක් ගෙනාව. ජේ.ආර්. කළෙත් ඒ විදිහටමයි. මහින්ද දක්වාම කෙරුවෙ ඒටිකම තමයි. ඡුන්දය බලාගෙන තමයි මේ අය දේශපාලනය කෙරුවෙ. දකුණෙ දේශපාලඥයන් ගැන කියන්න තියෙන ඒටිකම තමයි මෙහෙ අය ගැන කියන්න තියෙන්නෙත්. අපේ පැත්තෙ අය කෙරුවෙත් ඒ ටික තමයි. මේ අය සිංහල මිනිසුන්ට විරුද්ධව ඇ`ගිල්ල දිගුකරමින් ද්‍රවිඩ ඡුන්ද එකතු කෙරුව. දකුණෙ සිංහල මිනිසුන්ව දෙමළ මිනිසුන්ට විරුද්ධව උසිගන්වමින් ඡුන්ද එකතු කෙරුව. දෙගොල්ලන්ටම තිබුණෙ එකම උවමනාව. ඡුන්දය ගෙන බලයට ඒමේ උවමනාවයි. එ සංස්කෘතියෙන් අපි මිදිය යුතුයි.

දිවංගත විජය කුමාරතුංග මම ගොඩක් අගය කරපු දේශපාලඥයෙක්. ඔහු කවදාවත් ඡුන්ද පදනම බලාගෙන ජාතිවාදි හැ`ගීම් ඇවිස්සුවෙ නැහැ. ඔහු අවංකවම සියලූ ජනතාවම සහෝදරත්වයෙන් සැලකුව. ඔහු සියලූ වමේ අදහස් දරණ පිරිස් එකට එකතු කෙරුව. මමත් ඒ පෙරමුණේ හිටිය. විජය ගේ වියෝව මේ රටේ සමස්ථ ජනතාවටම ලොකු පාඩුවක්.
මේ රට එක දේශක් වෙන්නද අවශ්‍ය? කෑලි වලට කැඩිල වෙන්වෙන්නද අවශ්‍යය? ලංකාවේ පාර්ලිමේන්තුවට තමයි මේ රට රැුක ගැනීමේ වගකීම තියෙනනෙ.

අපේ කතා බහ ඇති වුණේ සිංහල, දෙමළ වශයෙන් එකම රටක ජාතිකයන් මුහුණ දී ඇති ප‍්‍රශ්නය, ගැටළු රැුසක් පිළිබඳව. අපි මේ කතාබහේදී මුස්ලිම් ජාතිකයන් තියන්නේ කොතනද?

මම කතා කෙරුවෙ. දෙමළ බස කතාකරන සමස්ත ජනතාව ගැනමයි. මුස්ලිම් ජනතාවත් එයට අයිතියි. එය එසේම විය යුතුයි. ඔවුන්ද මේ ප‍්‍රශ්නයේ ප‍්‍රබල පාර්ශව කරුවන්. පසුගිය වකවානුව තුළ සිංහල දෙමළ ප‍්‍රශ්න ගැටුම් මැද මුස්ලිම් ජාතිකයන්ගේ හැ`ගීමක් තිබුණ ‘මේ ප‍්‍රශ්න ඉක්මනින් සමනය විය යුතුයි. අපි හැමෝම ලාංකියකයන් නේද’ කියල. එහෙත් පසුගිය වකවානුවෙ ඇතැම් කණ්ඩායම් විසින් ඇති කරන ලද ගැටුම් හේතුවෙන්, ඔවුන්ටත් හිතුණා අපිව රටේ මහ ජාතිය විසින් ගණන් ගන්නෙ නෑ කියල.

ඔබ කොතරම් කතා කළත් ඔබ නියෝජනය කරන පක්‍ෂය හඳුන්වනනේ ඊ.පී.ආර්.එල්.එෆ්. එනම්  ඊලාම් පිපල්ස් රිමොලූෂට්න් ෆ‍්‍රන්ට් කියලයි. එතනදි ඊලාම් වශයෙන් හඳුන්වන්නේ බෙදුණු රාජ්‍යයක් කියන අදහස නේද?

ඉලංගෙයි කියන්නේ මේ මුළු රටටම ද්‍රවිඩ භාෂාවෙන් කියන නම. ඊලාම් කියන්නෙ උතුරු නැගෙනහිර පළාතට දෙමළ භාෂාවෙන් කියන නම. රුහුණු, පිහිටි, මායා, කියනව වගේ. සබරගමු, වයඹ, රුහුණ කියනව වගේ මේ පළාතට කියන නම තමයි ඊලාම් කියන්නෙ.
ඊලාම් කිව්ව ගමන්ම දකුණේ ජනතාව අදහස් කරන්නෙ බෙදා වෙන්කරන ලද රාජ්‍යයක් කියලයි.
ඒතනත් තියෙන්නෙ භාෂාව නොදැනීමේ ගැටළුව තමයි. ඊලාම් කියන නම හොඳ නැතිනම් වෙන නමක් යෝජනා කරන්න කියන්න. අපි ඒ නම හොඳ නම් ඒක දාමු.

සිංහල භාෂාව ගැන ඔබගේ දැනුම කොහොමද?

මට සිංහල භාෂාව හොඳින් කතා කිරීමේ හැකියාව තිබුණ. එහෙත් දිගු කලක් ඉන්දියාවෙ සිටි නිසා දැන් තරමක් අමතකයි. මගේ මව් බසටත්, ඉංග‍්‍රීසි භාෂාවට අමතරව හින්දි භාෂාව පුළුවන්. ඉන්දියාවෙදි මට හින්දි භාෂාව හුරු වුණා. වැඩි කලක් යන්න ඉස්සර වෙලා මට යළිත් සිංහල භාෂාව හුරු වෙයි.

නිදහසින් පසු ගෙවෙන 67 වන වසරයි දැන් ගෙවෙන්නේ. නිදහස ලැබී දශක හතකට ආසන්නයි. අද අපේ රට තිබෙන තැන ගැන සෑහීමකට පත්විය හැකිද?

1960 දී කොරියාව හිටියෙ අපිටත් වැඩිය පසුගාමිවයි. සිංගප්පූරුව මැලේසියාවත් එහෙමයි. ආර්ථික අතින් අපිට වඩා පිටුපසින් හිටියෙ. ඔවුන් අපි තරම් ස්වභාවික සම්පත් වලින් දියුණු අය නොවෙයි. එහෙත් අපිට වඩා ඔවුන් ගොඩක් ඉදිරියට ගිහින්. ඔවුන් එක්ක සැසඳීමේදී අපි ඉන්නේ ඉතාම පල්ලෙහා මට්ටමක. මේවා තමයි අපේ රටේ නායකයන් කර තිබෙන හපන්කම්.

අපේ රටට හොඳ කඳුපන්තියක්, නිරන්තර වැසි, සරු පසක්, රමණීය පරිසරයක්. රට වටේට මස්ශ්‍ය සම්පත පිරුණු සාගරයක්, ඇළ, දොළ, ගං`ගා, ලස්සන වන ගහනයක්, සුන්දර වනසතුන්ගෙන් ගහන පාරිදීසයක් තියනව. ඒත් මේක ගඳගහන රටක් බවට පත්වෙලා. මේක විනාශ කෙරුවේ අපේ මිනිස්සු. මේ රට දියුණු රටවල් වලින් ඉහළම ත්ත්වයකට ගෙනියන්න හැකියාව තියනව. ප‍්‍රධානම දේ අධිෂ්ඨානයයි. දේශපාලකයන්ගේ අවංක අධිෂ්ඨානයක් තිබිය යුතුයි. හොඳ මනසක් තිබිය යුතුයි. පුළුල් දැක්මක් තිබිය යුතුයි. රටේ සියළුම ජනතාව මගේ රටේ මිනිසුන් කියන හැ`ගීම දේශපාලඥයන්ට තිබිය යුතුයි. මේ සියල්ල එකතු වුවහොත් මේ රටේ දියුණුව කියා නිමකරන්න බැරිවෙයි. මේ රට තව දුරටත් යුද්ධයකට ගෙනනොයා යුතුයි. සතුරු හැඟීමකින් කිසිවෙක් කෙරේ නොබැලිය යුතුයි. එවිට මේ රටේ සියළු විපත් නැතිවෙයි.

ඔබගේ මේ සිතිවිලි ක‍්‍රියාත්මක කිරීමට අලූත් දේශපාලන පක්‍ෂයක් බිහි කිරීමේ අදහසක් තියනවද?

ඒක කෘතිම ලෙස කළ නොහැක්කක්. එයට දේශපාලන, සමාජ, ආර්ථික පසුබිම නිර්මාණය විය යුතුයි. පත්වී සිටින නායකයන් ඒ සමාජ අවශ්‍යතාවය ඉටුකරයි කියල අපි බලාපොරොත්තු වෙමු. අලූත් පක්‍ෂයක් හදන්න හිතනවට වැඩිය දැන් බලයේ ඉන්න කට්ටියට මේක කරන්න දෙමු. රට වෙනස් කරන්න ඉඩ දෙමු. හැමදාම මඟුල් ගෙවල් තිබුණෙ දේශපාලඥයන්ට. මළ ගෙවල් තිබුණෙ පොදු ජනතාවට. ඔවුන් කියන වෙනස කරනතුරු අපි බලාඉම්මු.

සාකච්ඡුාව සහ ඡුායාරූප

මනෝජ් රූපසිංහ.

පරිවර්තනයේදී සහය වූ ජෝ සෙනෙවිරත්න මහතාට ස්තූතියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *