ඒජාපයෙන් හරි අපේක්ෂකයෙක් නැත්නම් දෙමළ සන්ධානයේ සහය ජවිපෙට !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනයාට පිළිගත හැකි අපේක්ෂකයකු ඒක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් නොකළහොත් ජවිපෙ ප්‍රධාන සන්ධානයේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතාට සහය දීම ගැන දෙමළ ජාතික සන්ධානය සලකා බලමින් සිටින බව එම පක්ෂ ආරංචිමාර්ග හෙළිදරව් කොට ඇත. එම සන්ධානයේ එක් පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණේ නායක ධර්මලිංගම් සිධාර්ථන් මහතා මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සමග නොනිල සාකච්ඡාවක් ද පවත්වා ඇත.

එමෙන්ම විපක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී තිබේ. සිද්ධාර්ථන් මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පෞද්ගලික හමුවක දී තම ස්ථාවරය දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවද සිද්ධාර්ථන් මහතා කියයි.

එක්සත් ජාතික පක්ෂ තුළ මතුවී ඇති බල අරගලය තුළින් තමන්ට පිළිගත නොහැකි නායකයකු ජනාධිපති අපේක්ෂකයා වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දෙමළ ජාතික සන්ධානය තුළ මේ වන විට සාකච්ඡා වෙමින් පවතියි. ඒජාපයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් අගෝස්තු 21 වැනිදා ආර්. සම්පන්දන් මහතා හමුවී සාකච්ඡා කළ බවත්, ඒම සාකච්ඡාවෙන් පසුව දෙමළ ජාතික සන්ධානයට විකල්ප ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට සිදු වූ බවත් කියති.

ජනාධිපති අපේක්ෂයකයකු ගැන සලකාබලද්දී ඒක් ඒක් අපේක්ෂකයාගේ අතීත ක්‍රියාකාරිත්වය ගැන සලකා බැලීමට සුදුවන බව දෙමළ ජාතික සන්ධානය කියයි. ඒ් අනුව දෙමළ ජනයාගේ සහය ඉතාමත් පහසුවෙන් දිනාගත හැක්කේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව දෙමළ ජාතික සන්ධානයේ අදහසයි. සජිත් ප්‍රේමදාස මහතාට සහායදීමට හැකියාවක් නැත්තේ ඔහුගේ පියා ආර්.ප්‍රේමදාස මහතා මෙන්ම සජිත් ද පළාත් සභා ක්‍රමයට විරුද්ධව අදහස් ප්‍රකාශ කොට තිබීම හා දේශපාලන බලය බෙදීමකට විරුද්ධව අතීතයේ සිට පෙනී සිට ඇති බැවිණි.

කෙසේ වෙතත් ඒජපය තුළ බල අරගලය විසඳා ගනිමින් සුදුසු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවට දෙමළ ජාතික සන්ධනායේ නියකයින් වැඩිදෙනා බලාපොරොත්තු තබා සිටින බව වාර්තාවෙයි. ඒමෙන්ම රාජපක්ෂ කඳවුරට ඒරෙහි ඡන්ද බෙදීයාම පිළිබඳවද ඔවුන් සලකා බලමින් නිටින බව ද කියති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *