ජනාධිපතිවරණය කැඳවීම මේ මස අගදී

ජනාධිපතිවරණය සඳහා නාම යොජනා කැඳවීම මේ මස අග භාගයේ දී සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. මෙම මස 15දායින් පසුව නාම යෝජනා කැඳවීමමේ බලය මැතිවරණ කොමිසමට හිමිවෙයි. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 09ත් දෙසැම්බර් 08ත් අතරය. ඒසේ වුවද ආගමික නිවාඩු දින වැනි ප්‍රායෝගික හේතු නිසා නොවැම්බර් 15 දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය නොහැකිය.

දෙසැම්බර් මස මුල සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඇරඹෙන් බැවින් විභාගයට අවහිරයක් නොවන ලෙස ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුව ඇත. ඒ අනුව දෙසැම්බර් අග දිනක් ජනාධිපතිවරණය සඳහා යොදා ගත හැකි වන පරිදි මැතිවරණ නාම යෝජනා කැඳවීම සිදුකළ යුතුව ඇත.

ඒ අනුව මෙම මස අගභාගයේ දී ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවීමේ නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *